සරසවි ඇදුරෝ වර්ජනය නවත්වති

127

උපයනවිට බදු අය කිරීම සම්බන්ධව ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 17 වැනිදා සිට යළි සිය රාජකාරි කටයුතුවල නිරත වීමට තීරණය කර ඇතැයි එම සංගමය පවසයි.

කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධ කටයුතුවලින් ඉවත් වීමට ගෙන ඇති තීරණය අත්හිටුවා නැතැයි ද පවසයි. ඒ සඳහා රජය දක්වන ප්‍රතිචාරය අනුව අවසන් තීරණයකට එන බවත් එතෙක් උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින බවත් එම සංගමය සඳහන් කරයි.


advertistmentadvertistment