සරසවි කාර්ය මණ්ඩලයට හා සිසුනට ඡන්දය දීමට නිවාඩු දෙන්න

47

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහ විශ්වවිද්‍යාල සේවයේ නියුතු අයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය විමසීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් පෞද්ගලික අංශයෙන් හා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවලට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියාකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සියලු විශ්වවිද්‍යාල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment