සරසවි කාර්ය මණ්ඩලයට හා සිසුනට ඡන්දය දීමට නිවාඩු

206


මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහ විශ්ව විද්‍යල සේවය නියුතු අයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවනට පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් පෞද්ගලික අංශයෙන් හා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල , පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලවලට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියාකරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සියලු විශ්ව විද්‍යාල ප්‍රධානීන් වෙත දැනුම්දී ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment