සර්ප රාජාලියකු ළඟ තබාගත් අයෙක් පොලිස් භාරයට

117

දැරණියගල ප‍්‍රදේශයේ පුද්ගලයකු ළඟ රඳවා සිටි රාජාලියකු ඉකුත් 03 දා දැරණියගල පොලිස් භාරයට ගෙන තිබේ. එම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ සුනඛයන් විසින් සපාකමින් සිටියදී මෙම සත්වයා බේරා ගැනීමේ අරමුණින් රඳවාගත් බවයි. පසුව පොලිසිය විසින් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව අදාළ පුද්ගලයා පොලිසිය විසින් නිදහස් කර තිබේ.

පසුව මෙම සත්ත්වයා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වනජීවී කාර්යාලයක් නොමැතිකමින් රත්නපුර, පලාබද්දල වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කර ඇති අතර ඉකුත් 04 දා පලාබද්දල වනජීවී කාර්යාලයෙන් දැරණියගලට පැමිණ තිබේ. එහි වනජීවී ක්ෂේත‍්‍ර සහායක අනුර ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ මෙම සත්වයාගේ වම් ඇස අහිමි වී ඇති හෙයින් ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමට සිදු වී ඇති බවයි.

මෙම සත්ත්වයා සර්ප රාජාලියා නොහොත් සර්ප උකුස්සා යන නාමයෙන් හඳුන්වන බවත් වියළි කලාපය ආශ‍්‍රිතව මොවුන් වැඩි වශයෙන් ජීවත් වන බවත්, ආහාර වශයෙන් සර්පයන් ගොදුරු කරගන්නා බවත්, මෙම සත්ත්වයා ප‍්‍රතිකාර කර පරිසරයට මුදා හැරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment