සරාසඳ බැසගොස් විසිපස් වසරකි

1515

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙලොවින් සමුගෙන 2021 අගෝස්තු මස 16 වන දිනට පුරා විසිපස් වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1956 වසරේ මනමේ නාටකය නිෂ්පාදනය වූ දා සිට මේ දක්වා කාලය වසර හැටපහකි. ඉතා පැරණි ඉතිහාසයක් ඇති සිංහල නාට්‍ය කලාවේ වසර හැටපහක

ගමන් මග විමසීමට අප සැරසෙන්නේ නියත වශයෙන්ම සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානය මනමේ නාටකයෙන් ඇරඹුණු බව කවුරුත් පිළිගත් නිසා බැවිනි. එහෙත් එම ගමන් මගෙහි පියසටහන් දෙස බලන විට වඩා උසස් තත්ත්වයට සිංහල නාට්‍ය කලාව පැමිණ ඇත්ද යන්න සැකයකි. දැනට අවුරුදු හැටපහකට පෙරද නාට්‍ය නිෂ්පාදනය කළ සරච්චන්ද්‍රයන් මෙරට පැවති සම්ප‍්‍රධායක් මත ගොඩනැ`ගුණු උදාර ගැමි නාට්‍ය කලාවත් දෙමළ ගැමි නාට්‍ය කලාවත් අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාව එදා හොඳින් වටහා ගත්තා පමණක් නොව අන් ආසියානු රටවල නාට්‍ය කලාවන්ද අධ්‍යනය කළේය.

මෙලොව ඉපදී පේ‍්‍රමය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි වන අනුකම්පාවෙන් යුත් ස්ත‍්‍රී වර්ගයාගේ චෛතසික ස්වාභාවය මොනතරම් අපූරු ලෙස මනමේ තුළින් අප වෙත සරච්චන්ද්‍රයන් ලබාදී ඇත්ද යන්න මහා දුක්ඛාන්තයක් ලෙස අප ඉදිරියේ දිගහැරෙන මනමේ නාටකයෙන් ධ්වනිත වේ. මෙවැනි ජීවන දැකීමක් මීට පෙර කිසිදු නාට්‍යයකින් ඉදිරිපත් කොට නැත.

1914 ජුනි මස 02 වන දින දකුණු පළාතේ ගාලූ දිසාවේ රත්ගම නම් ග‍්‍රාමයේදී ජන්ම ලාභය ලද එතුමා වැදිතන්ත‍්‍රිගේ යූස්ටස් රෙජිනෝල්ඞ් ද සිල්වා නමින් හැදින් වූ අතර පසුකාලීනව වැදිතන්ත‍්‍රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර නමින් ප‍්‍රකට විය. ගාල්ල රිච්මන්ඞ්, පානදුර ශාන්ත ජෝන්, ගල්කිස්ස ශාන්ත තෝමස් ආදී පාසල්වලින් අධ්‍යාපනය ලැබුවද එතුමන් සිංහල, පාලි, සංස්කෘත, ලතින්, ඉංග‍්‍රීසි ආදී භාෂාවන් පිළිබඳවද ප‍්‍රාමාණික වියතෙක් ලෙසද ප‍්‍රසිද්ධ විය. කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළත් වූ එතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් උසස් ලෙස සමත්ව 1936 දී ගෞරව උපාධියක් හිමි කරගන්නා ලදී.

ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව හසළ දැනුමක් තිබූ එතුමා ‘‘සිලෝන් ඬේලිනිවුස්’’ පුවත් පතේ සේවය කොට 1939 වසරේදී භාරතයේ රවීන්ද්‍රනාත් තාගෝර් යටතේ ශාන්ති නිකේතනයේදී භාරතීය දර්ශනය හා සංගීතය පිළිබඳව පුළුල් ලෙස හැදෑරීම් කරන ලදී. කෙටිකලක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා කථිකාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක්වූහ. එමෙන්ම පෙරදිග දර්ශනය පිළිබඳව ‘‘ශාස්ත‍්‍රපති’’ උපාධිය දිනාගත් එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් වී පෙරදිග භාෂා පීඨයේ පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳව කථිකාචාර්ය ධූරයට පත්විය.

නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණ කළ එතුමා ජපානයේ නෝ, කබුකි නාට්‍ය පිළිබඳව පුළුල් ලෙස හැදෑරීම් කරන ලදී. 1943 දී Modern Sinhalese Fiction නමින් ශාස්ත‍්‍රීය පර්යේෂණ කෘතියක් සම්පාදනය කරන ලදී. එහි සිංහල කෙටිකතා හා නවකතා පිළිබඳව ඉතා විශිෂ්ට විචාරයක් ඇතුළත්ව තිබිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී දිගින් දිගටම දේශීය නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණ කළ සරච්චන්ද්‍රයන් The sinhalese folk play දෙකන චක්හ සිංහල ගැමි නාටකය’’ නමින් විශිෂ්ට පර්යේෂණ ග‍්‍රන්ථයක් ලියා පළ කරන ලදී. එය ඉතා වටිනා ග‍්‍රන්ථයක් ලෙස අදටත් භාවිතා කෙරේ.

සිංහල නාට්‍ය වංශ කතාවේ පෙර ගමන්කරු හෙවත් ප‍්‍රදීපස්ථම්භය ලෙස විරුදාවලි ලත් සරච්චන්ද්‍රයන් නාඩගම්, කෝලම්, වැදි නැටුම් මේ සියල්ල මැනවින් හදාරා රෂොමන් කථාව චුල්ලධනුග්ගහ ජාතකයද ඇසුරු කරගෙන 1956 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය අනු මණ්ඩලය මගින් කොළඹ ලයනල් වෙන්ඞ්ට් ර`ගහලේදී ප‍්‍රථම වරට’’ මනමේ නාටකය’’ ර`ග දක්වන ලදී. ශ්‍යාමන් ජයසිංහ, බෙනඩික් සිරිමාන්න, එඞ්මන් විජේසිංහ, ටි‍්‍රලීෂියා අබේකෝන් පසුව ටි‍්‍රලීෂියා ගුණවර්ධන ආදීන් හා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේද සමගින් එක්ව ලාංකීය නාට්‍ය නව මාවතකට යොමුකරවන ලදී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි අංශයේ මහාචාර්ය ලූඩොවයික් සම`ග ඉංගී‍්‍රසි නාට්‍ය කිහිපයක් සිංහලට පරිවර්ථනය කොට ර`ගදක්වන ලදී. මුදලාලිගේ පෙරළිය, කපුවා කපෝති, වලහා, බහින කලාව, සංස්කෘතික කොමසාරිස්ගේ සත්ත්ව කරුණාව, තරුණ ලේඛකයා ආදිය ඉන් ප‍්‍රධාන වේ. සිංහල නාට්‍ය වංශය වෙනත් මගකට යොමු කළ අද්විතීය නිර්මාණයකි 1961 වසරේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිත සිංහබාහු නාටකය. ප‍්‍රථම වරට පේරාදෙණිය සරසවියේදී ර`ග දැක්වූ එය ලාංකීය ජාතිකයන් අතර මෙන්ම ලෝක ප‍්‍රසිද්ධ අද්විතීය නිර්මාණයක් ලෙස ප‍්‍රකට විය.

ලේඛකයෙකු වූ සරච්චන්ද්‍රයන් විසින් කෙටිකතා, නවකතා, නාට්‍ය මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථද රාශියක් ලියා පළකොට තිබේ. කාලයාගේ ඇවෑමෙන් (1969) මායා රූපය (1974) රූප සුන්දරී (1984) ගෘහනිය උපාසිකාව හා මීඩිය (1994) යනු එතුමාගේ කෙටිකතා අතරින් කිහිපයකි. මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදුදා (1959) වල්මත් වී හසරක් නුදුටිමි (1962) ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්ථනය, හෙට එච්චර කළුවර නෑ (1975) විලාසිනියකගේ පේ‍්‍රමය නම් චම්පු කාව්‍ය (1988) Form Upon The Stream (1987) Land Maks of Sinhalese Liter ature (1950)
With The Begging Bowl (1986) Carfe and a Fullmoon (1978) එතුමාගේ නවකතා අතර ප‍්‍රධාන වේ.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතර මනමේ, සිංහබාහු, පබාවතී, බහින කලාව හා තවත් නාට්‍ය, වඳින්න ගිය දේවාලය, එළොව ගිහින් මෙලොව ආවා, කදා වළලූ, හස්ති කාන්ත මන්තරේ, ගීතාංග නාටකය, මහාසාර, පේමතෝ ජායතී සෝකෝ, භව කඩතුරාව, ලෝමහංස, ම`ගුල් ප‍්‍රස්ථාව, රත්තරං, ඒකට මට හිනා හිනා, වල ඉහගෙන කෑම, වෙල්ලවැහුම්, වට පුළුවේ ගෙවල් බිඳලා, කිරි මුට්ටිය ගෙ`ග් ගියා ආදී නාට්‍ය ප‍්‍රමාණයක් එතුමා විසින් නිෂ්පාදනය කරන ලදී.

ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රැුසක් ලියා පළකළ එතුමා ‘‘අපේ විත්ති, සාහිත්‍ය විද්‍යාව, සිංහල නවකතාව, කල්පනා ලෝකය, නාට්‍ය ගවේෂණ, අසම්පූර්ණ චාරිකා සටහන්, සිංහල ගැමි නාටකය, වෙස් මුහුණද සැබෑ මුහුණද, ධාර්මිෂ්ඨ සමාජය’’ ආදී සිංහල ග‍්‍රන්ථ මෙන්ම Buddhist Psychology of Perception The Sinhalese novel The sinhalese folk play එතුමන්ගේ ඉංග‍්‍රීසි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථද ප‍්‍රධාන වේ. ‘‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’’ එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි.

ලාංකීය විශ්වවිද්‍යාල කිහිපයකින්ම ‘‘සාහිත්‍ය සූරී’’ උපාධියෙන් පිදුම් ලද එතුමා භාරත දේශයෙන් පිරිනමන ‘‘කුමාරන් අශාන්’’ සම්මානයෙන්ද පිලිපීනයේ’’ රාමෝන් මැග්සෙසේ’’ ජාත්‍යන්තර සම්මානයෙන්ද සම්මානිතය. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය එදා මෙන්ම අද ද අද මෙන්ම හෙටද ලොව පුරා රාව ප‍්‍රතිරාව දෙනු ඇත. මනමේ, සිංහබාහු නාට්‍ය ඉංග‍්‍රීසි, දෙමළ මෙන්ම භාෂාවන් ගණනාවකටම පරිවර්ථනය කොට තිබීම සුවිශේෂීත්වයකි. එතුමා විසින් රචිත මනමේ, සිංහබාහු, කදාවළලූ, පේමතෝ ජායතී සෝකෝ, වෙල්ලවැහුම්, එළොව ගිහින් මෙලොව ආවා නාට්‍ය කෘතීන්ද මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදු දා ආදී කෘතීන්ද පාසල්, පිරිවෙන් විෂය නිර්දේශයන්ට මෙන්ම විශ්වවිද්‍යාල උපාධි සඳහා නිර්දිෂ්ඨ ග‍්‍රන්ථ වේ.

පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව, ජයන්ත අරවින්ද, වසන්ත කුමාර, මිරැුන්ඩා හේමලතා, සුගතපාල ද සිල්වා ආදීන් සම`ග නාට්‍ය වංශ කථාව ජාත්‍යන්තර වශයෙන්ද ව්‍යාප්ත කිරීමට සරච්චන්ද්‍රයන් සමත් විය.. දෙඅසු වසක් ආයු විඳි මහැදුරු සරච්චන්ද්‍රයෝ 1996 වැන්නේ නිකිණි මස 16 වන දින නටුවෙන් ගිලිහී ගිය මලක් සේ අටවක අඳුරෙහි ගිලී ගියහ. එතුමන්ට නිවන් සුව ලැබේවා.

* ශාස්ත‍්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment