සරු අස්වැන්නකට ගොවි නැකතටම වැඩ කරන්න

741

ජ්‍යොතිෂය සහ කෘෂිකර්මාන්තය

‘‘දිවයින’’ ඇතුළු පුවත්පත්වලද, විවිධ රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍යවලද, විශේෂ පුවතක් මේ දිනවල වාර්තා වෙයි. ඒ මහා

කලබැගෑනියන් ගැනය. හේතුව රසායනික පොහොර වල්නාශක හා පලිබෝධ නාශක වෙනුවට කාබනික පොහොර යොදා ගැනීමට තීරණය කිරීම නිසා ඇතිවූ විරෝධතාය. ගොවිතැන නතර කරන බවට ගොවියන්ගේ තර්ජනයද එළවළු මිල ඉහළ ගිය බවට හා ඉදිරියේදී ආහාර හි`ගයක්ද ඇති විය හැකි බවට චෝදනා කරන වෙළෙඳුන්ගේ විරෝධතා ද විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙයි. මේ අතර කොම්පෝස්ට් යොදා සාර්ථකව කරනු ලබන ගොවිපළවල් ගැනද අසන්නට ලැබේ. රාජ්‍ය කඨින පූජෝත්සවයට සමගාමීව කොස්පැළ ලක්‍ෂයක් සිටුවීමේ සමාරම්භක උත්සවය ගැන අද වාර්තා විය.

වස විසෙන් තොර බෝග වගාවක් කරවීමට රජය උත්සුක වනු පෙනේ. මෙහි ප‍්‍රමුඛ හේතුව වකුගඩු රෝගය හා පිළිකා වැනි මාරාන්තික රෝගවල පැතිරීම යැයි අසන්නට ලැබේ. පලිබෝධනාශක භාවිතයේ හා රසායනික පොහොර යෙදීමේ ආරම්භයත් වකුගඩු රෝගයේ ව්‍යාප්තියත් වසර හිත හතළිහකට වඩා පැණි නැත. ඊට එරෙහිව කතා කරන්නෝද සිටිති. කෙසේ නමුත් අපේ රට එදා හඳුන්වා ඇත්තේ පෙරදිග ධාන්‍යාගාරය නමිනි. එතරම්ම ආහාරවලින් ගොවිතැනින් ස්වයංපෝෂිත වූ යුගයක් අපට තිබුණි.

නැවතත් එවැනි යුගයකට යෑමද කාලීන අවශ්‍යතාවයකි. එදා

ගොවිතැනට රසායනික පොහොර හෝ පළිබෝධනාශක යොදා නැත. මේ අනුව කාබනික පොහොර භාවිතය උදෙසා රසායනික පොහොර ආනයනය කිරීම නතර කර තිබෙන බව අසන්නට ලැබේ. දැන් නිෂ්පාදනය හීනවීම, මිල ඉහළ යෑම ගොවීන්ගේ ආදායම පහත වැටීම, ආදී ගැටලූ රැුසක් නිර්මාණය වී තිබේ. කාබනික පොහොර භාවිතයෙන් පමණක් මෙය කළ හැකිද? නොහැකිය යනු අපේ විශ්වාසයයි.

අප එසේ කියන්නේ ඇයි. එදා ශ‍්‍රී ලංකාව තුළ ගොවිතැන සශී‍්‍රකව කෙරුණේ කාබනික පොහොරවලින් පමණක් නොවන නිසාය. වගාවන් සාර්ථක කර ගැනීම කෙරෙහි කරුණු තුනක් අනුගමනය කර ඇති බව පෙනීයයි.

  1. නැකත
  2. පිරිත්
  3. කෙම්ක‍්‍රම

යනු ඒ කරුණු තුනයි

ගොවි නැකත්

කෘෂිකර්මාන්තය හා ගොවි නැකත අතර ඇත්තේ ඉතා වැදගත් සබඳතාවයකි. නැකත යනුවෙන් අදහස් කරන්නේ ඒ ඒ වගාවන්ට අදාළ කටයුතු කළ යුතු වේලාව හෙවත් කාලයයි. බීජයක් හෝ පැළයක් වසරේ ඕනෑම දිනයක හා ඕනෑම වේලාවක සිටුවීමෙන් නිසිපල නොලැබේ. මෙම නැකත් යෙදෙන්නේ හිරුගේ හා සඳුගේ පිහිටීම පෘථිවිය නොහොත් අදාළ ඉඩම වෙත එල්ල කරන කිරණවල ශක්තිය පදනම් කරගෙන බව පෙනේ. ඉතා සරල උදාහරණයක් ගතහොත් උදෑසන හිරු එළිය, සවස හිරු එළියට වඩා වෙනස්ය. පුරපක්‍ෂයේ සඳු බලවත් වන අතර අවපක්‍ෂයේ දුර්වල වෙයි. මේ නිසා පුර පක්‍ෂයේදී ගස්වල තෙත ගතිය ඉහළයයි. මේ බව දන්නා අය ලීවලින් ප‍්‍රයෝජන ගැනීමට නම් පුර පක්‍ෂයේ ගස් කැපුවේ නැත. ඒ ගුල්ලන් ගසක බැවිනි. ලී ලබාගැනීමට ගස් කැපිය යුත්තේ අවපක්‍ෂයටය. මේ සරල උදාහරණයකි.

‘ජීවිතය හා ග‍්‍රහයෝ’ නම් ප‍්‍රසිද්ධ පොතේ වන මේ කියමන බලන්න ‘‘යම් කිසි නැකතක් අනුව එකම ගෙඩියක්වත් නොහැදෙන්නට පොල්ගහක් සිටුවිය හැකිය. සෑම වල්ලකම එකම පොල්ගෙඩි ගණන සෑදෙන සේ සිටුවිය හැකි නැකැත්් තිබේ. ඒ වගේම පොල් ගහක් අවුරුදු තුනකින් පූදින්නටත් නිසි කලෙක නුපූදින්නටත් සිටුවිය හැකි නැකත් තිබේ. සෑම පොකුරකම ගෙඩි තුන බැගින් හැදෙන පොකුරු යෝග තිබේ.’’

පැරැුන්ණන්ගේ කෘෂිකර්මාන්තය තුළ සත්ත්ව ඝාතනයට ඉඩක් තිබුණේ නැත. පළිබෝධනාශකය සඳහා වසවිස වර්ග වගා භූමියට හෙළා නැත. ඒ වෙනුවට නැකත හා කෙම්ක‍්‍රම භාවිතා කළහ. එහෙත් මෑතකදී හුරු වූ බටහිර ක‍්‍රම තුළින් වගාවට හානි කරන පණුවන් මැස්සන් ආදී සතුන් මරා දැමීම එකම උපක‍්‍රමය විය. මෙහිදී හානිකළ සතා පමණක් නොව ගැඩවිලූන් ආදී වගාවට උවමනා කරන සතුන්ද මැරී ගියේය. භූගත ජලයට විෂ රසායන එක් විය.

තත්ත්වය මෙසේ වීම නිසා කාබනික වගාව තුළින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට නම් ගොවි නැකත් අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. මෑතකදී අපට ජර්මනියේ සිට පැමිණි මහාචාර්යවරයකු මුණගැසුණි. ඔහු කීවේ එම රටේ ගොවිතැන් සාර්ථක කර ගැනීම පිණිස නැකත්් සාදා ගොවි ලිතක් සකස් කොට රජය මගින්ම ප‍්‍රකාශයට පත් කරන බවයි. මගේ ඉල්ලීම අනුව එම ලිතේ පිටපතක් මා වෙත එවා තිබුණි.

ජ්‍යෝතිෂය ආරම්භ වුණේම කෘෂිකර්මාන්තය නිසාම බව සිතාගත හැකිය. ප‍්‍රධාන ජීවනෝපාය ගොවිතැන වූ එකල

ගොවිතැනට වඩාත් සුදුසු නැකත් භාවිතා කරන්නට හුරු වූහ. මේ පිළිබඳව කෙටියෙන් සාකච්ඡුා කරමු.

පැරණි ජ්‍යොතිෂ ග‍්‍රන්ථවල ගොවිතැන පිළිබඳව වෙනම පරිච්ෙඡ්ද තිබේ. විශේෂයෙන්ම හෝරාභරණය, පුරාණ පලදාවලිය වැනි ග‍්‍රන්ථවල ගොවි නැකත්් පිළිබඳ වටිනා කරුණු දැක්වේ. මෙකල ගොවි නැකත්් සාදා ගැනීමට අප වෙත එන අය දුර්ලභය. ජීවිතයේ සියලූ සුබ කටයුතුවලට නැකත්් බලන අය ගොවිතැනක් ඇති බවවත් නොදනිති. මේ නිසා මේ කොටස භාවිතයෙන් තොර වී ඇතත් දැන් ඒ ගැන සොයා බැලිය යුතු කාලය බව පෙනේ. නැකත් භාවිතා කරන්නේ නම් කෘෂිරසායන නිසා ඇති වූ විවිධ අහිතකර බලපෑම්වලින් මිදිය හැකිය. මුදල්ද ඉතිරි කරගත හැකිය.

ගොවි තැනක්

නැකත පිළියෙල වී ඇත්තේ මුල සිටම විවිධ කටයුතුවලට භාවිතා කළ නැති අයුරිනි. බිම සකස් කිරීමේ සිට බීජ සිටුවීමට පෙර වැට සෑදීම සඳහාද නැකත් ක‍්‍රම තිබේ. වැට සෑදීමට නැකත් ඇත්තේ ඌරන්, අලින්, වැනි සතුන් ඇතුළු වීම වැළැක්වීම සඳහාය. පහත සඳහන් වන්නේ ඌරන් සහ අලින් ඇතුළු නොවීමට නැකතක් සාදන අයුරුය.

රාහු සිටි නැකත ලග්නය බලාගන්

කේතු සිටිය ලග්නේ වැට පුරාපන්

සූකර ගජනු නොවදිති නියතින් දැනගන්

වැට පිරුමට කීවයි ඉසිවරු මෙනයින්

ගොවිතැන්, අලින්ගෙන් පාළුවන අන්දමත් එයින් ගොවීන් පීඩා වී ඇති අන්දමත් නොයෙක් අවස්ථාවල ප‍්‍රවෘත්ති මගින් දැනගත හැක. දැනට වඩා විශාල ලෙස කැලෑ තිබුණාවුද අලි ඇතුන්, වල් ඌරන් සිටියාවූද කලෙක පැරැුන්ණෝ ගොවිබිම් රැුක ගන්නේ මෙවැනි නැකත් ක‍්‍රම වලිනි.

පොහොර මගින් පමණක් පලදාව ලැබේ යැයි නොසිතිය යුතුය. එක වල්ලක පොල් ගෙඩි පනහක් හටගන්නා නැකත්් ගැන කවියක සඳහන් වන්නේ මෙසේය.

ඉරු කිවි දෙදෙන සිටිනා රාසි දෙක හැර

මැද රැුස ගෙන පොල් සිටුවනු නියම කර

මෙම ලෙස කළොත් පීදෙයි දෙසින බටහිර

පනසකි එක වල්ලෙ පොල්ගෙඩි සැක නොකර

විවිධ බෝග වර්ග සිටුවීමට සුබ දිනද වෙන් කර තිබේ. මුල්වලින් ප‍්‍රයෝජන ගන්නා ගස් ඉරිදාද, කඳ ප‍්‍රයෝජනයට ගන්නා ගස් සඳුදාද, කොළ ප‍්‍රයෝජනයට ගන්නා ගස් කුජ, ශනි දිනවලද මල්ගස් බදාදාද ගෙඩි සඳහා නම් බ‍්‍රහස්පතින්දා හා සිකුරාදාද සුබ බව කියා තිබේ.

විවිධ මාසවල ඒ ඒ බෝග සිටුවීමද නැකත් ක‍්‍රමයකි. මේ අනුව බක් මාසය කෙසෙල් සඳහා නිර්දේශ කර තිබේ. බක්මස පුර එකොළොස්වනදා මා නැකත යෙදී බුධ කන්‍යාවේද ගුරු කිවි තුනේද තබා සඳු හෝරාවෙන් සිටවූ කෙසෙල් ගසේ ඇවරි දාහතක කෙසෙල් කැනක් හැදෙන බව උදාහරණයකි.

අල වගාව, පලිබෝධනාශක නොමැතිව පාළුවට ගිය අන්දම පසුගිය දිනෙක රූපවාහිනිය මගින් දුටුවෙමු. පහත සඳහන් වන්නේ පැරැුන්ණෝ අල සාදාගත් නැකත් කිහිපයකි.

ඉරිදා රෙහෙණ නැකතත් අව සැටවකක් පැමිණි කල සිකුරු හතේ තබා සිටවූ බතල වැලේ ගෙඩි උඩ පලගනී.

ඉරිදා ඉරු අවරට ගිය සවස රවි හෝරාවේදී මුල නැකතේ තුන්වැනි පාදයද ධනු ලග්නයේ මැද අංශකයද ගෙන සිටවූ අල එකට තුන බැගින් බසී.

බක්මස පුර විශේනිය ලත් සඳුදා රෙහෙණ නැකතින් ශනි හෝරාවෙන් පහේ හිරුත් හතරේ කිවි බුධත් සිටියදී සිටවූ එක අලයෙන් අලගෙඩි සීයක් බසී.

පලිබෝධ වැළැක්වීම

කන්‍යා ලග්නයෙන් වැපිරූ කල වල් පැළ වැවෙන බවත්, වෘශ්චික ලග්නයෙන් වැපිරූ කල කෘමින්ගෙන් හානි සිදුවන බවත් කියා තිබේ. මේ හැර සඳු හා රවිගේ පිහිටීම අනුව ඒ ඒ දිනවල තිථි, යෝග, හා කරණ උදාවෙයි. මෙහිදී ශකුණ, චතුස්පාද, කිංස්තුඝන යන කරණ තුන උදාවන විට ගොවිතැන් ආරම්භ නොකළ යුතු බවද නියමයකි. එනම්

ශකුණ කරණය – පක්‍ෂින්ගෙන් ද

කිංස්තුඝන කරණය – පණුවන්ගෙන්ද

චතුස්පාද කරණය – සිව්පා සතුන්ගෙන්ද විනාශය ඇති කරයි.

පිරිත්

පළිබෝධ ආදී උවදුරු දුරු කර ගැනීමට පිරිත් ද භාවිතා කර තිබේ. මුහුදු වැලි හෝ නොපෑගුණු වැලි ගිහි පිරිත මගින් පිරිත් කර ගොයමට ඉසින්නේ නම් ගොයම් මැස්සන් පලා යයි. මේ බව මා හමු වූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයකු ද පිළිගත්තේය. රතන සූත‍්‍රය, කරණීයමෙත්ත සූත‍්‍රය ආදී සූත‍්‍රවලින් ගොවිතැනට කරගත හැකි ගුරුකම් බොහෝය.

කෙම් ක‍්‍රම

කෙම් යනු ඉතා සරල උපක‍්‍රම විශේෂයකි. නැකතට කරනු ලබන කෙම් ක‍්‍රමද ඇත. සමහර කෙම් ක‍්‍රමවලට මන්ත‍්‍රද යොදා ගනී. කෘමි උවදුරට නිර්දේශිත කෙම් ක‍්‍රමයක් පහත දැක්වේ. කුඹුරෙන් නොමරා අල්ලාගත් ගොයම් මැස්සෙකු අදාළ මන්ත‍්‍රයෙන් 108 වරක් මතුරා කුඹුරේ නිදහස් කර යවනු. ඌ පියාඹා යනවාත් සමග සියලූ මැස්සන් අතුරුදන් වේ.

මෙම ලපිියේ අරමුණ සියලූම ගොවි නැකත් හෝ පිරිත් හා කෙම් ක‍්‍රම ඉදිරිපත් කිරීම නොවේ. පැරණි ශිල්ප ක‍්‍රම ගැන මතක් කර දීමය. කාබනික වගාව යනු කොම්පෝස්ට් පෝර යොදා රසායනික පෝර හා වසවිය අත්හැරීමෙන් පමණක්ම කළ හැකි දෙයක් යැයි සිතීම මිථ්‍යාවකි. ඒ සඳහා නැකත් අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. පිරිත් හා කෙම්ක‍්‍රමත් එක් කළ යුතුය.

පරිණත ජ්‍යෝතිෂවේදීන් විසින් සකස් කරන ලද නැකත් සාදා ගොවි ලිතත් හඳුන්වා දීම පිරිත් හා නැකත් ප‍්‍රචලිත කිරීම හා තෝරාගත් ප‍්‍රදේශවල මේ ක‍්‍රම සඳහා පර්යේෂණ ගොවිපළවල් ආරම්භ කර අද්දැකීම් ලබා ගැනීමද කළ යුතුය. ඒ කළ යුතු වැඩකි. එහෙත් මේ ඉලක්කය ජය ගැනීමට නම් ප‍්‍රමාණවත් කාලයක් ඉවසීමෙන් ප‍්‍රගුණ කළ යුතුය. මේ සියලූ ජනතාවගේ අවධානය පිණිසයි.

කලාභූෂණ කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
කේ.එෆ්.සී.ගොඩනැගිල්ල ,දෙවන මහල කෙලින් වීදිය,කෑගල්ල

advertistmentadvertistment
advertistmentadvertistment