සල්මන් රෂ්ඩිට පිහියෙන් ඇන්න සහාසිකයා වේදිකාව දිගේ දුවගෙන එද්දී කිසිවෙක් වැළැක්වූයේ නැහැ

337

හාඩි ටානර් නමැති හිස්බුල්ලා සහාසිකයා සල්මන් රෂ්ඩිට දොළොස් වරක් පිහියෙන් අනිද්දී ඔහුගේ රැකවලුන් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා බලා සිටි බව විමර්ශනවලින් හෙළිවී ඇත.

 වෛද්‍ය මාසන් රසල් පැවසුවේ හාඩි ටානර් පිහිය අමෝරාගෙන වේදිකාවට නැග රෂ්ඩි වෙත දිව එන

 අවස්ථාවේ කිසිදු ආරක්ෂක නිලධාරියෙක් සහාසිකයා අල්ලා ගැනීමට ක්‍රියා නොකළ බවය. එහෙත් පිහි ඇනුමෙන් පසු ටානර් අත්අඩංගුවට ගෙන ඇත. නිව්යෝර්ක් නුවරදී මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ ගත්කතුවරුන් දේශපාලන රැකවරණ ලබාගැනීමට අදාළව දේශනයක් කිරීමට නියමිතව තිබුණි. මෙම සහාසිකයා ලෙබනනයේ හිටපු හිස්බුල්ලා නායකයකුගේ නමින් ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් ලබාගෙන තිබුණි. ඔහු වේදිකාවට නගින

 අවස්ථාවේත් කිසිවකු ඔහුගේ ගමන වළක්වා නැත. සල්මන් රෂ්ඩි බරපතළ තුවාල ලබා ඇති අතර පසුව ප්‍රකාශයක් කර තිබේ. මේ අතර සහාසිකයා පිහි ඇනුම් චෝදනාව බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. 1989 දී ඉරාන නායක අයතුල්ලා කුමේනි විසින් රෂ්ඩිව මරාදමන ලෙස නියෝග කර තිබුණි.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment