දිලීර ඉවත් කරලා යළි වෙළෙඳපොළට එවන්න හදලා
මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000 ක් පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (16 වැනිදා) සොයාගෙන තිබේ.
එම අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී මෙම පරිප්පු තොගය සොයාගෙන ඇත.
වැටලීම සිදුකළ අවස්ථාවේ පරිප්පු තොගය දිලීර ඉවත්කොට නැවත සකස් කර වෙළෙඳපොළට යැවීම සඳහා ඇසුරුම් කරමින් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පරිප්පු තොගය සිය භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන සිදුකර නඩු පැවරීමට නියමිතව තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්