සවුදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සුල්තාන් බින් අබ්දුල් රහමාන් අල් මුර්ෂිඞ් මහතා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් හා ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අතර හමුවක් ශී‍්‍ර ලංකා මහ බැංකු පරිශ්‍රයේදී පසුගියදා සිදුවිණි. එහිදී රටවල් දෙක අතර පවත්නා දිගු සබඳතාවයත් ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතුවලට මූල්‍යමය වශයෙන් දෙනු ලබන දායකත්වය මෙන්ම එක් එක් ව්‍යාපෘතීන් සාර්ථක කර ගැනීමෙහිලා මූල්‍යමය හා තාක්ෂණික සහාය මෙන්ම ආයතනික සහාය පිළිබඳව මෙහිලා විශේෂ ඇගයීමකට ලක්විණි.
ජාතික ජලසම්පාදන හා ජලා පවහන නව ව්‍යාපෘතීන් ආරම්භ කර වඩාත් පුළුල් සේවාවක් ලබාදීම පිළිබඳවද මෙහිලා සාකච්ඡුාවිණි. මෙම සාකච්ඡාවට සවුදි සංවර්ධන අරමුදලේ නිලධාරීන් මෙන්ම ශී‍්‍ර ලංකා මහා බැංකුවේ නිලධාරීන් හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව සිටියහ. ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිස හා සවුදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සුල්තාන් බින් අබ්දුල් රහාමන් අල් මුර්ෂිඞ් මහතා ඇතුළු විධායක නිලධාරි පිරිස සාකච්ඡුාවට එක්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.