කේන්දරයේ එකොළොස්වැන්නේ සිටින හා දකින එමෙන්ම 11 අධිපති වී සිටින ග්‍රහයන්ගේ දසා විදසාවන් හා ග්‍රහ ගෝචර ගමන් පරීක්ෂා කර බලා තම පෙම්වතා හෝ පෙම්වතියගේ අධ්‍යාපනය අවසන් කර ඇති ආකාරය හා විභාග සමත් කර ඇති ප්‍රමාණයන්ද තේරුම් ගත හැකිය. එකොළොස්වැන්නට ග්‍රහ දෘෂ්ටි වැටීම හා සුබ ග්‍රහ සංයෝගවලින් යුක්තවීම තම පෙම්වතා හෝ පෙම්වතිය උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා තිබීමට හේතුවකි.
පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අධ්‍යාපනය ගැන තොරතුරු පරීක්ෂා කිරීමට ඔබේ කේන්දරේ එකොළොස්වැනි භාවය පරීක්ෂා කර බලන්න. ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ඉගෙනීම, ඉගෙනීමේ මාධ්‍ය, බුද්ධි ප්‍රමාණය, දරුවන් පිළිබඳව ඔහු හෝ ඇය දරන ආකල්පය කුමක්ද යන්න තම හඳහනේ එකොළොස්වැන්නෙන් පරීක්ෂා කර බැලිය හැකියි. තම, කේන්දරයේ එකොළොස්වැන්නේ සිටින හා දකින එමෙන්ම 11 අධිපති වී සිටින ග්‍රහයන්ගේ දසා විදසාවන් හා ග්‍රහ ගෝචර ගමන් පරීක්ෂා කර බලා තම පෙම්වතා හෝ පෙම්වතියගේ අධ්‍යාපනය අවසන් කර ඇති ආකාරය හා විභාග සමත් කර ඇති ප්‍රමාණයන්ද තේරුම් ගත හැකිය. එකොළොස්වැන්නට ග්‍රහ දෘෂ්ටි වැටීම හා සුබ ග්‍රහ සංයෝගවලින් යුක්තවීම තම පෙම්වතා හෝ පෙම්වතිය උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා තිබීමට හේතුවකි.
එකොළොස්වැන්නාධිපතියා හය වැන්නේ සිටීම උගත්කමින් ධනය ඉපයීමටත් උසස් දූ දරුවන් ලැබීමට හා දරුවන්ගෙන් ඔහුට හෝ ඇයට අධික ප්‍රයෝජන අත්වීමටත් හේතුවකි.
තරුණියන්ට මෙන්ම තරුණයෙකුට තම සහකාරිය බුද්ධිමත් අයෙක් නම් එය වටිනා දායාදයක් කොට සැලකිය හැකිය. තම ස්වාමියා උගත් බුද්ධිමත් අයෙක් නම් භාර්යාවකට කොතරම් සතුටක්ද?
කෙසේ වුවත් උගත් සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට තමාට ද වාසනා ශක්තියක් තිබිය යුතුයි. තම වාසනා ශක්තිය දැන ගැනීමට “යුග දිවියයි හදහනයි” ග්‍රන්ථයේ ඇති පරිදි එකොළොස් වැනි භාවය පරීක්ෂා කර බලන්න. විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකුගේ බිරිඳකගේ කේන්දරය පරීක්ෂා කර බලමු. ඇය වෘෂභ ලග්නයෙන් හා මීන නවාංශකයෙන් හා සා නැකතේ සිව්වැනි පාදය හිමිවූ අතර රාහු මහ දශාව උපතේ සිට මාස හතයි දින පහක් ඉදිරියට පැවතුණි. එම වෘෂභ ලග්නයේ ග්‍රහ චාරය මෙසේය.
පස්වැන්නේ රවි, සය වැන්නේ සඳු, බුධ, රාහු හා සිකුරුය. නව වැන්නේ කුජ, 11 වැන්නේ කේතු හා සෙනසුරුයි. ඇය ස්වාමියා මෙන් උසස් විභාග සමත් කර නැති නමුත් බුද්ධිමත් කාර්ය ශූර චාම් ගතිගුණ ඇති මහත්මියකි. සදාචාර්ය සම්පන්නය ස්වාමියාගේ මවට හා නෑයින්ට ඇය සලකන්නේ තම දෙමව්පියන්ට හා නෑයන්ට මෙනි. කීර්තිමත් සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නිය ඇයයි.
ඇගේ මව ඇය බාල කාලයේදීම මිය ගොස් ඇත. පියා උසස් වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. පියාගෙන් විශාල ධනයක් ඇයට ලැබී ඇත. ඇයගේ කේන්දරය විදේශිකයන් ලවා පරීක්ෂා කර බලා ඇත. පැමිණි යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළ බැවින් පියා කාලය ගත කළේ විශාල කනස්සල්ලකිනි. බොහෝ දෛවඥ මහතුන්ගේ තීරණය වී ඇත්තේ ඇය දසසිල් මාතාවක් වන බවය. ඇය ද විවාහ වීමේ අදහස අත්හැර තිබියදී ඇගේ ඥාති කාන්තාවක් එම කේන්දරය මා වෙත ගෙන ආවාය. එම කේන්දරය පරීක්ෂා කර බලා ඇය ස්ථිර වශයෙන්ම විවාහ වන බව හා සිදුවන කාලය දැනුම් දුනිමි. වැඩිදුරටත් කේන්දරය පරීක්ෂා කර බැලීමේදී මට පෙනී ගියේ ඇය පැවිදි දිවියකට පත් නොවන බවත් ඇයගේ ස්වාමියා වන අය පැවිදි ජීවිතයක් ගත කර ඉන් ඉවත් වූ අයෙක් වන බවත්ය.
එකොළොස්වැන්නේ බලවත් සෙනසුරු හා කේතු ද පිහිටා ඇති අතර රැකියාව සම්බන්ධව විස්තර බැලීමේදී ඔහු විශ්වවිද්‍යාලයක ආචාර ධුරයකට සමාන උගත් බුද්ධිමත් අයකු වන බව පැහැදිලි කළෙමි. ඇය 1996 වර්ෂයේ මැද භාගයේදී විවාහ දිවියට පා තැබුවාය.
ඇගේ සහකරු විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වශයෙන් කලක් සේවය කර ඇති අතර පසුව ඊට සමාන උසස් රැකියාවක ද නිරත වී සිටි අයෙකි. ඔහු කලක් පැවිදි වී සිටිය අයෙකු බවද පසුව ඇයට දැන ගැනීමට ලැබී ඇත.
පැවිදි වී සිටි කාලය තුළදී ග්රන්ථ කර්තෘවරයෙක් වශයෙන්ද ප්‍රසිද්ධියක් ලබා ඇත. ඒ සෑම කාරණයක්ම ඇයගේ ග්‍රහචාරය පිරිසීමෙන්ද පෙනී යන බැව් සැලකිය යුතුය. ඇය හා යුගදිවියට එළඹී ඔහු ධනු ලග්නයෙන් හා මිථුන නවාංසකයෙන්ද පුවපල් නැකතේ තුන්වෙනි පාදය හිමිව ඉපදී ඇත.
විශාල උගතුන්ට ඊට සමාන උගත්කමක් නැති සහකාරියන්ද එතරම් ඉගෙනීමක් නැති අයට උගත් සහකාරියන්ද ලැබී ඇති බව මේ අනුව පැහැදිලි වේ. මහා වියතුන්ගේ දාර්ශනිකයන්ගේ හා චින්තකයන්ගේ විවාහ ජීවිතය දහසකුත් එකක් බාධක මධ්‍යයේ ගෙන ගොස් ඇති බවට කොතෙකුත් සාධක ඇත.
ඇත්තවශයෙන් ම විශාල උගත්කමක් නැති නමුත් උසස් විභාග සමත්වී නැති නමුත් අන්‍යොන්‍ය අවබෝධයෙන් යුක්තව වාසය කිරීමට තරම් හැකියාවක් අඹුසැමියන්ට ඇත්නම් සාර්ථක යුග දිවියක් ගත කළ හැකිය.
මෙසේ තමාගේ කේන්දරයේ එකොළොස් වැනි භාවය පරීක්ෂා කර බලා සහකරුගේ හෝ සහකාරියගේ බුද්ධි ප්‍රමාණය තේරුම් ගන්න. එසේම ඇයගේ හෝ ඔහුගේ රුචි අරුචිකම් ආදී ඔවුන්ගේ බුද්ධි ප්‍රමාණය තේරුම් ගැනීමේ හැකියාව දුර්වලකම් තේරුම් ගැනීමෙන් ඊට අනුව කටයුතු කර සාර්ථක යුග දිවියක් ගත කිරීමට මෙම ක්‍රමය මහෝපකාරී වනු ඇත.
ජේ. ඒ. ඇස්. සහන් ජයකොඩි
රද්දොළුගම
දු.ක.-076011960