සහනාධාර එපා… අපිට උදව් කරන්න – සෆීර් පේ‍්‍රක්‍ෂාට කියූ කතාව

48

අද නාට්‍යවේදියෙක්

 කතාබහ- – එම් සෆීර්


 * ගමන් මග

 මම වේදිකාවට පැමිණීම සිද්ධ වෙන්නෙ 1991 වර්ෂයේදී. 88 89 අඳුරු යුගයෙන් පස්සෙ වේදිකාවට පැමිණි යොවුන් ශිල්පීන් වුණේ අපි. බුද්ධික දමයන්ත” රාජිත දිසානායක වැනි ශිල්පීන් අපේ පරම්පරාවේ අය. මම මේ වන විට වේදිකා නාට්‍ය පනහක් අධ්‍යක්‍ෂණය කරල තියෙනව. ඒ සම්බන්ධව පොත් දහයක් ලියා පලකරල තියෙනව. ඒ අතරින් වේදිකා කළමනාකරණය කියන පොත උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය සඳහා නිර්දේශ කරල තියෙනව.

 * අලූත් වැඩක්

 වේදිකාවේ දශක තුනක ගමනකින් පසුව කරන මගේ කුළුඳුල් සිනමා නිර්මාණය ‘මම නෙමෙයි. නමින් ලබන ජනවාරි මාසයේදී රිදී තිරයේ දිගහැරෙනවා. ඒ වගේම අලූත්ම වේදිකා නාට්‍ය ‘ලව් ඇන්ඞ් ලොක්ඩවුන්. මංගල දර්ශනය පසුගිය මස 26 වැනිදා වේදිකා ගත කළා. ඉදිරියේදී මේ නාට්‍ය තුර්කිය” එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දියාව වැනි රටවල වේදිකා ගත කරන්න නියමිතයි.

 * සේවය

 දියුණු රටවල වේදිකාවේ භාවිතා වන ෆෝරම් බ්ලැක් බොක්ස්” මොනෝ ඩ‍්‍රාමා” ඔබ්ජෙක්ට් තියටර් සහ මූමන්ට්ස් තියටර් තාක්‍ෂණය අපේ රටට හඳුන්වා දුන්නා. ඒ වගේම බ්ලැක් බොක්ස්” ශ‍්‍රී ලංකා නාට්‍ය උළෙල සහ බ්ලැක් බොක්ස් කෙටි නාට්‍ය යන ජාතික නාට්‍ය උළෙල තුනක්” කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල සහ මොනෝ ඩ‍්‍රාමා යන ජාත්‍යන්තර නාට්‍ය උළෙල දෙකක් මම විසින් හඳුන්වා දුන්නා. වෘත්තියක් හැටියට නාට්‍ය කලාව නොකළත් ඉන්දියාවේ ශිල්පීන් එක්ක නිෂ්පාදන හතරක්” ඉතාලි ජාතික රංගන ශිල්පිණියක් සමග එක් නිෂ්පාදනයක් සහ බංග්ලාදේශ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සමග එක් නිර්මාණයක් වශයෙන් ජාත්‍යන්තර නාට්‍ය නිෂ්පාදන හයක් මේ වන විට මම සිදුකර තිබෙනවා.

 * උපන් බිමට කීර්තියක්

 සුජීව පතිනිසේකර විසින් අධ්‍යක්‍ෂණය කළ” ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ ‘අන් ටච්. නාට්‍ය පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ඊජිප්තුවේදී පැවැත් වුණ ශාම් අල් සෙයික් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය බවට පත් වුණා. මේ ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකාවේ නාට්‍ය කලාවට මට කළ හැකි උපරිම දේ මම කළා කියල කියන්න පුළුවන්.

සහනාධාර එපා...  අපිට උදව් කරන්න - සෆීර් පේ‍්‍රක්‍ෂාට කියූ කතාව



 * කනස්සල්ල

 2012 වසර වන තුරු මේ රටේ කිසිම රජයකට ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පවත්වන්න පුළුවන් වුණේ නැහැ. නමුත් අපි එක කළා. අවාසනාවකට ලංකාවේ සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියෙන් අපිට කිසිම උදව්වක් ලැබුණෙ නැහැ. කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට රටවල් හැටකින් නාට්‍ය කණ්ඩායම් හැත්තෑවක් පැමිණ තිබෙනවා. ඒ පිරිසෙන් එක් අයකු එක ඩොලරයක් හෝ මේ රටේදි වියදම් කරල තියෙනවා. නමුත් අදාළ බලධාරීන්ට ඒ වටිනාකම නොපෙනෙන්නෙ ඇයි?. ජාතික තරුණ සේවා සභාවෙන් අපි උදව් ඉල්ලල තියෙනවා. නමුත් අද වන තුරු එහි ඉහළ නිළධාරියෙක් හමුවෙන්නවත් අපිට අවස්ථාවක් දීලා නැහැ. අපි රටක් හැටියට ශ‍්‍රී ලාංකික අභිමානය ලෝකෙටම පෙන්වන්න ඕනා පසුබිමක අදාළ ආයතනවලින් ඒ සඳහා උදව් නොකරන එක ගැන අද මට තියෙන්නේ ලොකු විශ්මයක්.

 * වරද කොතැනද?

 සංස්කෘතික අමාත්‍යංශය යටතේ කලා මණ්ඩලය තියෙනවා. එක යටතේ තියෙන නාට්‍ය අනුමණ්ඩලයට ස්ථිර කාර්යාලයක්වත් නැහැ. එතැන ඉඳන්මයි මේ අවුල තියෙන්නෙ. ලංකාවේ ශාලා හාරදහසක් පමණ තියෙනවා. නමුත් රංග ශාලා පහක්වත් නැහැ. ජර්මනියේ ටිකට් එකක් අරගෙන නාට්‍ය බලන්න ඉන්න පිරිස මිලියන විස්සක්. ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන් ඉන්නෙ පන්දහසක් පමණ. ඒකෙනුත් දහසක් පමණ ඉන්නෙ කොළඹ. ඉතිරි හාරදහස දිවයින පුරා බෙදිල යනව. අපි ඉන්නෙ වෙළෙඳපොළක් නැති සංස්කෘතියක් ඇතුළෙ.

 * පේ‍්‍රක්‍ෂකයා

 වර්තමානයේ පේ‍්‍රක්‍ෂකයා කියල කෙනෙක් ඉන්නවද කියල වගේම ඉන්න අයත් සැබෑම පේ‍්‍රක්‍ෂකයන්ද කියල මට සැකයි. ? අටෙන් පස්සෙ යන්න බස් එකක් නැත්නම් මිනිස්සු කොහොමද නාට්‍ය බලන්න එන්නෙ. දැන් පේ‍්‍රක්‍ෂකයො එන්නෙ අපිට තියෙන හිතවත්කමට. නැත්නම් නාට්‍ය ගැන යම් කිසි කතාවක් හැදුනාම. එහෙමත් නැත්නම් නොගිහින් බැරිකමට කියලයි මම නම් හිතන්නෙ.

සහනාධාර එපා...  අපිට උදව් කරන්න - සෆීර් පේ‍්‍රක්‍ෂාට කියූ කතාව



 * නිෂ්පාදකවරු

 ලංකාවේ නාට්‍යවලට නිෂ්පාදකවරු කියල කොටසක් නැහැ. නාට්‍ය සියයක් හැදුනොත් එයින් බොහෝ ප‍්‍රමාණයකට අධ්‍යක්‍ෂවරයා තමයි වියදම් කරන්නෙ. මොකද කෙනෙක් ඉදිරිපත් වෙන්න බයයි. ආදායමක් හොයාගන්න පුළුවන් විදිහට කලාව පවතින්නෙ නැති එක තමයි මේ ගැටලූවට හේතුව. නමුත් ලෝකයේ බොහෝ රටවල නාට්‍ය නිෂ්පාදකවරු නැහැ. තියටර් කොම්පැනි හරහා තමයි ඒ දේ සිදු වෙන්නෙ. ඒවා ව්‍යාපාර.

 * ගෙවීම්

 වේදිකාවේ ශිලිපීන් ශිල්පිණියන්ට ගෙවන්නෙ සොච්චම් මුදලක්. නාට්‍යකරණයේ යෙදෙන සියයට අනූනවයක්ම තමන්ගෙ තෘප්තිය සඳහා පමණයි ඒ දේ කරන්නෙ. මේ මුදල තමන්ගේ ජීවන වියදම සඳහා

 යොදාගන්න පුළුවන්කමක් නැහැ.

 * පහසුකම්

 අපිට නාට්‍ය වේදිකාගත කරන්න යම් තරමකින් හරි පහසුකම් තියෙන්නෙ කොළඹ පමණයි. පිට ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය සභා වලින් රංග ශාලා හදන්නෙ විවාහ උත්සව වලටත් යොදාගන්න පුළුවන් ආකාරයට. ඒවායේ කොහොමද නාට්‍ය පෙන්වන්නෙ. පාසල්වල තත්ත්වයත් ඒ වගේ. බොහෝ දුරට තියෙන්නෙ රැුස්වීම් ශාලා.

 * අගැයීම

 මේ වන විට සංස්කෘතික අමාත්‍යංශයෙන් ගායන ශිල්පිණී යොහානිට ඉඩමක් දෙන්න තීරණය කරල තියෙනව. ඒ ජාත්‍යන්තර වශයෙන් ලංකාවට අත්කරදුන් කීර්තිය නිසා. නමුත් ලංකාවට පළමු වැනි වතාවට වේදිකාවෙන් ජාත්‍යන්තර සම්මානයක් ගෙනාපු අපිට අද වන තුරු දුරකතන ඇමතුමකින්වත් සුබපතන්න කිසිම බලධාරියෙක් ඉදිරිපත් වුණේ නැහැ. පුද්ගලිකව කවුරු එක්කවත් ගැටලූවක් නැහැ. නමුත් අපි රටට ගෙනාපු කීර්තිය මේ රටේ පද්ධතියට වලංගු නැද්ද. අපි නියෝජනය කළේත් ලංකාව. අපිට සහනාධාර එපා. අපිට සහ අපෙන් පසු එන අයට උදව් කරන්න. ඒකයි අවශ්‍ය.

 * එදා සහ අද

 එදා බොහොම ප‍්‍රශස්ථ තැනක තිබුණ නාට්‍ය කලාව අද වන විට ජොලියට පමණක් කරන දෙයක් බවට පත්වෙලා. අවුරුදු හැටක් හැත්තෑවක් නොකරපු දේවල් එක රැුයකින් කරන්න බැහැ. නමුත් කවුරු හරි පටන් ගන්න ඕනා. අදටත් අපි භාවිතා කරන්නෙ බි‍්‍රතාන්‍ය කලාමණ්ඩල පණත. ඒක වෙනස් වෙන්න ඕනා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment