කොළඹ දිස්ත්‍රික්කයේ සහල් වැඩි මිලට විකුණා සහ ඒවා සඟවා ගෙන සිටි සිල්ලර හා තොග වෙළෙඳුන් 27 දෙනකුට එරෙහිව ලබන සතියේ අධිකරණය හමුවේ නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා “දිවයින”ට ඊයේ (24 වැනිදා) පැවැසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කණ්ඩායම් 6ක් යොදවා පිටකොටුව, තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළෙඳසල් ඉලක්ක කර සිදුකළ වැටලීම් මෙම පිරිස් කොටු කරගත් බවද හෙතෙම කීය.
මීට අමතරව ගතවූ සතිය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 100කට අධික පිරිසකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබේ.
වැඩිමිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් දඩය රුපියල් ලක්ෂයක් බව ද එම අධිකාරිය පවසයි.
පාරිභෝගික අධිකාරිය තවදුරටත් දිවා/රාත්‍රී දෙකේම වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා අඛණ්ඩව ම වැටලීම් සිදුකරන බවද එම අධිකාරිය කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා