ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා වෙන් කර තිබූ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන ඇරඹීම අද සිට ආරම්භ විය.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව විවෘත වීම සිදු විය. මෙහි නිෂ්පාදනය කෙරෙන සහල් පිටි සැකසුම් නිෂ්පාදන අලෙවිය හා බෙදාහැරීම හේලීස් සමාගමේ දායකත්වයෙන් සිදුකෙරේ.එය රටපුරා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.එමෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙලඳසැල් මගින්ද මෙහි නිෂ්පාදිත සහල් පිටි බෙදාහරින බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා සඳහන් කළේය.ගන්නෝරුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදිත සහල් පිටි අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව පෝෂ්‍යදායි ගුණයෙන් අනූන මුරුංගා කොළ, නිල් කට් රොල්, සහ කරපිංචා කොළ යොදා සකස් කෙරේ.
|