රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ හොත් රුපියල් කෝටියක් දක්වා උපරිම දඩයක් නියම කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබුණු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් පැවැති රුපියල් 2500 ක් වූ අවම දඩය රුපියල් ලක්‍ෂය දක්වා ඉහළ දැමූ බවත් මාස හයකට නොවැඩි සිර දඩුවමක් ද පැනවිය හැකි ලෙසත් නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
|