තම සහෝදරයාගේ ක්‍රියාකාරකම්වලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහුගේ වංචාවන් පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කර ඔහුට එරෙහිව පළමුවෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කළේ තමා බවත් හිටපු විදේශ රැකියා හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි.
විදේශ රැකියා අවස්ථා සඳහා තෙවන පාර්ශ්වයකට මුදල් නොගෙවන ලෙස ජනතාව දැනුවත් කිරීමට සිය අමාත්‍යාංශය හරහා නිරතුරුව කටයුතු කළ බව ද නානායක්කාර මහතා කීවේය.
කිසිදු වරදක් සිදුකර නොමැති තමා පවුලේ සාමාජිකයන් සමග රටෙන් පලාගොස් ඇති බවට අසත්‍ය වාර්තා පළ වුව ද ඒවා පදනම් විරහිත බව ද හිටපු ඇමැතිවරයා කීවේය.
තමා අමාත්‍ය ධුරයේ රැඳී සිටි දෙවසර තුළ විදේශ රැකියා ආදායමෙන් ඩොලර් බිලියන 13කට වැඩි මුදලක් රටට උපයා දී ඇතැයි ද මනුෂ නානායක්කාර මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා ඉහත කරුණු පැවැසීය.
කමල් බෝගොඩ