ස්කොට්ලන්ත-ඔස්ට්‍රේලියා තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්

38

අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගය ලෙස ඊයේ (16දා) ස්කොට්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ඩැරන් සාමි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබාගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම සඳහා ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.1ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කර ගැනීමට සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ එංගලන්ත කණ්ඩායම තරගාවලියේ සුපිරි අට වටයට වරම් ලැබීය.

පන්දුවට පහර දීමේදී ස්කොට්ලන්තය වෙනුවෙන් රෙන්ඩන් මැක්මුලන් ලකුණු 60ක්, නායක රිචී බෙරින්ග්ටන් ලකුණු 42ක් ලබා ගත්තේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 44කට කඩුලු 2ක් සහ ඇස්ටන් ඒගා, නේදන් ඊලිස්, ඇඩම් සැම්පා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රාවිස් හෙඩ් ලකුණු 68, මාකස් ස්ටොයිනිස් ලකුණු 59ක් ලබාගැනීමට සමත්විය.

ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාක් වොට් සහ සෆායන් ෂාරිෆ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා ලෙස මාකස් ස්ටොයින්ස් සම්මාන ලැබුවේය.

පෙරේදා එංගලන්තය සහ නැමීබියාව අතර පැවැති ලෝක කුසලාන තරගාවලියේ 34 වැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 41ක ජයක් එංගලන්තයට හිමි විය. ඒ සමග එංගලන්තය සුපිරි අට වටයට කිට්ටු වූ අතර මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගැනීමත් සමඟ එංගලන්තය බී කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සමග සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ලකුණු සාරාංශය

ස්කොට්ලන්තය – පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180 –

බ්‍රෙන්ඩන් මැක්මුලන් 60, රිචී බෙරින්ග්ටන් 42, ජෝර්ජ් මුන්සේ 35,

(ග්ලේන් මැක්ස්වෙල් 44-2, ඇස්ටන් ඒගා 39-1, නේදන් ඊලිස් 34-1, ඇඩම් සැම්පා 30-1)

ඔස්ට්‍රේලියාව – පන්දුවාර 19.4 ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 186 යි.

ට්‍රාවිස් හෙඩ් 68, මාකස් ස්ටොයිනිස් 59, ටිම් ඩේවිඩ් නොදැවී 44,

(මාක් වොට් 34-2, සෆායන් ෂාරිෆ් 42-2)

advertistmentadvertistment
advertistmentadvertistment