ඇමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීම නිසා ගෙවිය යුතු රක්ෂණ වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර පාලම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඩාලි නැමැති බහාලුම් ප්‍රවාහන නැව ගැටීම නිසා කඩා වැටුනු මෙම පාලමේ සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ.
මෙමගින් වරකට ටොන් 1,000ක් එසවීමේ හැකියාව ඇත. – නමුත් පාලමේ බර තුන් හතර ගුණයක් පමණ වන බව ගණන් බලා තිබේ. එබැවින් එය කොටස්වලට කපා ගත යුතුය.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට කාර්යබහුලම වරායේ නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බවය.
සුන්බුන් අතර කිමිදීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බව වාර්තා වේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ