‘‘ජෝශප්ලා, මහින්ද ජයසිංහලා 25 වැනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් කරන්න යනවා කියලා ආරංචියි, ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ’’ යැයි ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ‘දිවයින’ට ඊයේ (22 දා* පැවසුවාය.
21 සහ 22 වැනිදා පාසල්වලට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බහුතරයක් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට පැමිණි බව ද ඇය සඳහන් කළාය.
මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේ ද කීවාය.
රටපුරා ඇති දරුවන් 200 ට වඩා අඩු පාසල් 3000 ක් විවෘත වුණු 21, 22 යන දින දෙකේදී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බහුතරයක් පාසල් ආවා. මේ වර්ජනයට සහාය නොදී පාසල් ආපු සියලූ ගුරුවරුන්ට ස්තුතියි. මේ ජෝශප්ලාට, මහින්ද ජයසිංහලාට දරුවන් ගැන හැඟීමක් නැහැ. මේ දෙන්නම හදන්නේ රටේම දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නයි.
මේ 25 වැනිදා උද්ඝෝෂණ කරන සියලූ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න කියලා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
|