ස්ටාලින් නාගමුව ගෙදරට

794

තම ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ යෙදී සිටියදී මුලතිව් සහ පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 6 දෙනා ඊයේ (16දා* පස්වරුවේ නිරෝධායනයෙන් මුදාහැර ඇත.
 
 මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට (ප.ව. 5.00 ට* ‘දිවයින’ට අදහස් දැක්වූ ජෝෂප් ස්ටාලින් මහතා මෙසේ ද පැවසීය.
 
 අපිට කෑම්ප් එකෙන් කිව්වා දැන් ගෙදර යන්න ලෑස්ති වෙන්න බස් එක එනවා කියලා. ඇත්තටම ආණ්ඩුව නාගත්තා කිව්වොත් නිවැරැුදියි. රටේම ගුරුවරු තමන්ගේ ඉල්ලීම් දිනාගන්න හඬ නගන කොට ආණ්ඩුවට හැම දේම අකුළාගන්න වුණා. අපි දවස් අටක් මෙහේ සිටියා. මේක ගැඹුරු මානව හිමිකම් කඩවීමක්. සාමකාමී විරෝධතාවයක යෙදුණු අපිවයි මේ කුදලාගෙන ආවේ. අපිව මේ හිර කරලා තිබුණ වෙලාවේ ආණ්ඩුවේ විහිළුකාර ඇමැතිවරු ටික දෙනෙක් බිරුවා. දැන් ඒ අය මොකද කියන්නේ.
 
 අපි දුරකථන මාර්ග ඔස්සේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව (පස්වරු 4.00* සම්බන්ධ කරගත්තෙමු.
 
 අපිට නිදහස ලැබුණා. දැන් අපි ඉන්නේ කෑගල්ල හරියේ. අපි ඉංජිනේරු සංස්ථා සේවකයන් 9 දෙනකුගේ වැඩ තහනමට එරෙහිව විරෝධය දක්වන කොට කුදලාගෙන පල්ලෙකැලේ සමුපකාර පුහුණු ආයතන නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ආවා. අපිව පහුගිය 7 වැනිදා ගෙනාවේ. දින 9ක් මෙහි සිටියා. අද 1.00ට විතර කෑම්ප් එකේ මේජර් ජෙනරාල්වරයෙක් අපිට කිව්වා ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා. මේක අපේ කටවල් වහන්න ආණ්ඩුව දරපු ප‍්‍රයත්නයක්.
 
 මේ දුර්දාන්ත ආණ්ඩුව තමයි තීරණය කරන්නේ අද කාවද ඇතුළට යවන්නේ එළියට යවන්නේ කියලා. ආණ්ඩුව කරන සියලූ මර්දනයන්ට විරුද්ධව රටේම ජනතාව සංවිධානය වෙනවානම් ආණ්ඩුව ඔය කොතලාවල ආරක්‍ෂක විශ්වවිiාල පනත් කෙටුම්පත අකුළාගන්නවාමයි. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නෙ මහජනයා මර්දනය කිරීම තුළින් දිනන්න පුළුවන් කියලා. ආණ්ඩුව ගෙනියන මේ මර්දනකාරී වැඩපිළිවෙළ අපි පරාජය කරනවා විතරක් නොවෙයි, මේ ආණ්ඩුව ගෙදරම යවලයි පස්ස බලන්නේ.
 
 කොහොමත් වෘත්තීය සමිති විතරක් නොවෙයි මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුව වටලන දවස වැඩි ඈතක නැහැ. ජනතාව මේ ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ. ජනතා ගැටලූ ප‍්‍රශ්නවලට විසඳුම් නොදී ආණ්ඩුව දිගින් දිගටම මර්දනකාරී කි‍්‍රයාපිළිවෙතක් අනුගමනය කරනවා.
 
 ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා බත්තරමුල්ල පොල්¥ව මංසන්ධියේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිiාල පනත් කෙටුම්පතට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමෙන් පසු මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවේ ජූලි 8 වැනිදාය.
 
 එසේම ඉංජිනේරු සංස්ථා සේවකයන් 9 දෙනකු වැඩ තහනමට ලක්කිරීමට අදාළව කොම්පඤ්ඤවීදියේදී පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 6 දෙනා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවේ ජූලි මස 07 වැනිදාය.
 
 
– ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල


advertistmentadvertistment