“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි

83

ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වූ බව කථානායක නිවේදනය කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එහි වගන්ති රැසක් ව්‍යවස්ථාවට නොගැළපෙන බව ද සමස්තයක් ලෙස පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ නොහැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) නිවේදනය කළේය.

සමස්තයක් ලෙස පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු ප්‍රමාණයක් (නොපැමිණෙන අය ද ඇතුළුව) විය යුතු අතර, එය ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment