පුරප්පාඩු පිරවීමකින් තොරව නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ස්ථානමාරු කර ඇති බවත් එහෙයින් එම රෝහලේ සත්කාර සේවා බිදවැටිමේ අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මීට සුළු වෙලාවකට පෙර සඳහන් කළේය.
මෙය මුළුමනින්ම අත්තනෝමතික ක්‍රියාමාර්ගක් බවත් කී හෙතෙම යුධ හමුදා රෝහලේ කටයුතු බිදවැටිමේ වගකීම සම්පූර්ණයෙන්ම එම වෛද්‍යවරුන් ඉවත් කිරීමට තීන්දු තීරණ ගත් අදාල හමුදා නිලධාරින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් භාර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කර කියා සිටියේය.
මෙසේ වෛද්‍යවරුන්ල පුරප්පාඩු පිරවීමකින් තොරව නිදහස් කිරීම හේතුවෙන් යුධ හමුදා රෝහලේ දැනට සේවයේ නියුතු ඉතිරි සිවිල් වෛද්‍යවරුන් හට උද්ගත වු වෛද්‍ය හිගය නිසා සිදු වන පීඩාවන් ඇතුලු අනෙකුත් ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් 16 වැනිදා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කරන ඇති බවත් හෙතෙම පැවසීය.