ස්නානයෙන් සිදුවන සිරුරේ උත්තේජනය

1221

අප කොයි කාගේත් ප‍්‍රාර්ථනය  නිරෝගීව ජීවත් වීමය. ඒ සඳහා පෝෂ්‍යදායී ආහාරපාන ගැනීම මෙන්ම තවත් බොහෝ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය. එහිදී ස්නානය ද වැදගත් සෞඛ්‍ය පුරුද්දක් බවට පත්ව ඇත.

 වෛද්‍යතුමනි, සෘෂි නාඩි වෛද්‍ය ක‍්‍රමයට අනුව ස්නානය නිරෝගී දිවියකට වැදගත් වන්නේ කෙසේද?

 මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් විසින් අපගේ ජීවිතයේ නිරෝගී පැවැත්මට අදාළ කරුණු කාරණා දහස් ගණනක් සඳහන් කර ඇත. ඒ අතරින් ස්නානය සම්බන්ධව භගෝ සෘෂි නාඩි වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ නිරෝගී දිවියක් ගත කිරීමේදී ස්නානය තුළින් සිරුරේ බොහෝ කි‍්‍රයාකාරකම් වර්ධනය කරගත හැකි බවය.

 අප බොහෝ දෙනා සිතන්නේ ස්නානය තුළින් සිදුවන්නේ සිරුර බාහිරින් පිරිසිදු කර ගැනීම පමණක් බවය. නමුත් ස්නානය මගින් සිරුරේ ස්නායු කි‍්‍රයාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට, රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීමට, ආහාර ජීර්ණ පද්ධතියේ කි‍්‍රයාකාරීත්වය නිවැරදිව සිදුවීමට, සම පැහැපත් වීම වර්ධනය කර ගැනීමට අවශ්‍ය උත්තේජනයන් ලබාගත හැකි බව පවසා ඇත.

 ස්නානය කුඩා දරුවන්ට සිදුකරන ආකාරය තරුණ වියේ පසුවන්නන් නිරත විය යුතු ආකාරය යන මැදිවියේ පුද්ගලයන් භාවිතා කළ යුතු ආකාරය ලෙසින් වර්ග කර ඇත.

 * කුඩා දරුවන්ට ස්නානය සිදු කිරීම

 මවුකුසින් මෙලොව එළිය දුටු දා සිට දරුවන් ස්නානය සඳහා යොමු කරවයි. එහිදී පෙරදිග ජනතාව භාවිතා කරන්නේ හිල් පොල් කට්ටකින් දරුවා නැහැවීමය. මෙහි ඇති වැදගත්කම වන්නේ කුඩා දරුවාට එකවර හිසට විශාල ජල ප‍්‍රමාණයක් එක්වීම වැළැකීමය. ඉන් දරුවා තුළ කම්පනයක් ඇති නොවේ. සෙමින් ජලය හිසට එක්වීමේදී දරුවාගේ හිස ජල තෙරපුමකට ද ලක් වේ. ඉන් ස්නායු කි‍්‍රයාකාරීත්වයට රුධිර ගමනාගමනයට උත්තේජනයක් ඇති වේ.

 විශේෂ රෝගාබාධයක් නොමැති දරුවන් පිරිසිදු ඇල් ජලයෙන් නැහැවීම වඩාත් සුදුසුය.

 * තරුණවියේ පසුවන්නන් ස්නානය

 වයස අවුරුදු 12 ත් 20 ත් අතර විය යනු සිරුරේ කි‍්‍රයාකාරීත්වය ඉතා උපරිම ලෙස සිදුවන කාලපරිච්ෙඡ්දයකි. ඒ නිසා නිරෝගී දරුවෙකු සතියට දින 05 ක් වත් ස්නානය මගින් ඔවුන්ගේ සිරුරේ සෑම ඉන්ද්‍රියකම කි‍්‍රයාකාරීත්වය සඳහා උත්තේජනයක් ලැබේ. නිතරම ඇල් ජලය ස්නානය කළ යුතුය.

 ස්නානය කිරීමේදී හිස විනාඩි 05 ක් පමණ හොඳින් සම්බාහනය කරගත යුතුය. එය සබන් හිස ගල්වා දෑතීන් සිදු කළ හැකිය.

 ස්නානය කිරීමෙන් පසු හොඳින් මුත‍්‍රා පිට වේ නම් එම පුද්ගලයාගේ වකුගඩු සහ මුත‍්‍රා පද්ධතිය හොඳින් කි‍්‍රයා කරන බව සෘෂි නාඩි වෛද්‍ය ක‍්‍රමයේ සඳහන් කර ඇත.

 * මැදිවියේ පුද්ගලයන් ස්නානය

 මැදිවියේ පුද්ගලයන් සතියට තුන් වතාවක් පමණ ස්නානය ප‍්‍රමාණවත් බව දක්වා ඇත. නමුත් එම පුද්ගලයාගේ දින චර්යාවේ ස්වභාවය අනුව දිනපතා ස්නානය කිරීමට සිදුවේ නම් හැකිතාක් දුරට සවස් වීමට පෙර එය සිදු කළ යුතුය. රාති‍්‍රයට මැදිවියේ අය ස්නානය හිතකර නැත.

 වෛද්‍යතුමනි, ස්නානයෙන් පසු  අනුගමනය කළ යුතු පිළිවෙත් තිබේද?

 මෙය ඉතා වැදගත් කරුණකි. බොහෝ දෙනා ස්නානය අවසන් වූ වහාම ආහාරපාන අනුභව කරති. එය හොඳ කි‍්‍රයාවක් නොවේ. ස්නානයෙන් පසු පැය භාගයක් වත් යනතුරු බර ආහාර වේලක් නොගත යුතුය. එසේම ස්නානයෙන් පසු හිරු එළියට වී පැය භාගයක් පමණ සිටිය හැකි නම් එය ඉතා ගුණදායි බව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත. එමගින් සිරුර හොඳින් උණුසුම් වී සෑම ඉන්ද්‍රියකම කි‍්‍රයාකාරීත්වය වර්ධනය වේ.

 ආහාර ගත් විගස ද ස්නානයට යොමු නොවිය යුතුය. එමගින් ගනු ලැබූ ආහාර ජීර්ණයට බාධා ඇති වේ.

 ස්නානයෙන් පසු පිරිසිදු සිසිල් ජලය වීදුරුවක් පානය කිරීම මගින් හොඳින් මුත‍්‍රා කිරීමට පහසු වේ. එමගින් මුත‍්‍රා ආසාදන ඇති වීම ද පාලනය කරගත හැකිය.

 ස්නානය කළ වහා ශීතල පාන වර්ග ගැනීම නොකළ යුතුය. එමගින් සෙම් කෝප වීම මතු විය හැකිය.

ස්නානයෙන් සිදුවන සිරුරේ උත්තේජනය

advertistmentadvertistment
advertistmentadvertistment