ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ඔස්ටේ්‍රලියානු සුපිරි පිතිකරු සහ හිටපු නායක ස්ටීවන් ස්මිත් සහභාගි වනු ඇති බව විදෙස් ආරංචිමාර්ග පවසා සිටින අතර ඇඟිල්ලේ ආබාධයකට ලක්වුණු මිචෙල් ස්ටාර්ක් එම තරගයට සහභාගි වීම තවමත් ස්ථිර නැත.
ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය හෙට (29 වෙනිදා) ආරම්භ වීමට නියමිතය.
ඔස්ටේ්‍රලියා හිටපු නායකයා මේ වන විට සිය ආබාධයෙන් සුවය ලබා සිටින අතර ඔහු අවසන් වරට ඔස්ටේ්‍රලියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ටෙස්ට් ශතකයක් ද රැස් කරගන්නට සමත් වූ අතර හෙට තරගය පිළිබඳව ඔහු මෙසේ අදහස් දක්වා තිබිණි.
“අපි තවමත් එක්දින ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම්, මම සහභාගි වීම අවිනිශ්චිත වෙන්න තිබුණා. නමුත් ටෙස්ට් ක්‍රිකට් සඳහා මම සූදානම්, යැයි ස්මිත් විදෙස් පුවත් සේවයකට අදහස් දක්වමින් පවසා තිබුණි.
ශ්‍රී ලංකාව සමඟ පළමු විස්සයි විස්ස තරගයේ දී ඇඟිල්ල කැපී යෑම නිසා ආබාධයකට ලක්වූ මිචෙල් ස්ටාර්ක් එම තරගයෙන් පසුව තරග සඳහා සහභාගි නොවුණි.
|