ස්වර්ගස්ථවූ ශුද්ධෝත්තම බෙනඩික් පාප්වහන්සේ මුළු ලොවටම ආදර්ශයක් දුන්නා

172

කොළඹ අගදරගුරු පදවියේ ජාතික මාධ්‍ය ප්‍රකාශක ජූඩ් කිශාන්ත පියතුමා

විශ්‍රාමික සුවයෙන් පසුවූ ශුද්දෝත්තම බෙනඩික් පාප්වහන්සේ ස්වර්ගස්ථවූ පුවත 2023 වසර උඳුවප් සමග අපට අසන්නට ලැබුණි.

බෙනඩික් පාප්වහන්සේ කිතුනු සභාව තුළ ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටි බව නොදන්නා කෙනෙක් ද නැත.

බෙනඩික් පාප්වහන්සේ ස්වර්ගස්ථවූ පුවත ලොව පුරා මාධ්‍ය මගින් නිවේදනය කර තිබිණි.

විශ්‍රාමික පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳව උන්වහන්සේගේ ජීවිත චරිතයේ බිඳක් දිවයින දෙව්මැඳුර පිටුවේ පළ කිරීම සඳහා අපි කොළඹ අගරදගුරු පදවියේ ජාතික මාධ්‍ය ප්‍රකාශක ජූඩ් නිශාන්ත පියතුමාට කතා කළෙමු.

මාධ්‍යයට කවදත් සහාය දෙන ජූඩ් නිශාන්ත පියතුමා අප ඇසූ ප්‍රශ්නවලට පිළිතුරුදුන් අයුරු පහත පළවේ.

ස්වර්ගස්ථවූ ශුද්ධෝත්තම බෙනඩික් පාප්වහන්සේ සිය තනතුරෙන් විශ්‍රාම යෑම මුළු ලොවට ම විශාල ආදර්ශයක් ලබා දී තිබුණා.

උන්වහන්සේ 2013 විශ්‍රාම ගොස් තිබූ අතර හෙතෙම පුරා වසර 9ක් ම විශ්‍රාම ජීවිතයේ ගත කළහ.

කිතුනු සභාව සුරක්‍ෂිත කිරීමට විශාල දායකත්වයක් ලබාදුන්නේය.

ඇත්ත වශයෙන්ම ස්වර්ගස්තවූ බෙනඩික් පාප්වහන්සේ මුළුලොවට ම ආදර්ශයක් ලබාදීම අද ගිහි පැවදි කාටත් එය පාඩමකි.

අවුරුදු 600කින් මේ විදිහට පාප් තනතුරෙන් විශ්‍රාම ගොස් නැහැ. සම්ප්‍රදායක් ලෙස කිතුනු සභාවෙන් මේ විදිහට පාප් තනතුරෙන් විශ්‍රාම යන්නේ නැහැ උන්වහන්සේගේ ඉතා නිහතමානී ජීවිතයක් ගත කළහ. ඒත් අද සමාජයේ සමහරු හැරමිටි ගහගෙනත් විශ්‍රාම යන්නේ නැතිව සිටිති.

ශුද්ධෝත්තම පාප්වහන්සේ බලය තියාගෙන හිටියේ නැහැ. ඒ අනුව ශුද්ධෝත්තම බෙනඩික් පාප්වහන්සේ මෙසේ ලොවට ම ආදර්ශයක් දීම ඉතාමත් වැදගත් ක්‍රියාවක් කර තිබෙනවා.

බෙනඩික් පාප්වහන්සේ ශුද්ධවන්තයෙකු බවට පත් කිරීමේ අයිතිය ඇත්තේ දෙවියන් වහන්සේට පමණයි. ඒ උසස් ගුණාංග උන්වහන්සේට තිබුණා.


advertistmentadvertistment