ස්වර්ණාභරණ අපනයන ආදායමේ බරපතළ කඩා වැටීමක් – අධිකාරිය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බව සේවකයෝ කියති

85

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කර තිබෙන අලුත්ම වාර්තාවකට අනුව ඉකුත් වසරට සාපේක්‍ෂව මෙම වසරේ එම ක්‍ෂේත්‍රයේ අපනයන ආදායම සියයට සෘණ 9.73 දක්වා පහළ බැස ඇතැයි අනාවරණය වී තිබේ.

මේ වනවිට දියමන්ති අපනයනය වර්ධනය වී තිබුණත් එමඟින් මෙරටට ලැබෙන විදේශ විනිමය අවම මට්ටමට පත්ව ඇත. ඊට හේතුවී ඇත්තේ මෙරටට දියමන්ති ගෙනැවිත් ඒවා ඔපකර ප්‍රති අපනයනය කිරීමට ප්‍රමුඛත්වය දී තිබීම යැයි ද හෙළිවී ඇත.

ජාතික ස්වර්ණාභරණ අධිකාරිය ලාබය පමණක් අරමුණු කරගෙන අපනයනකරුවන්ව පීඩාවට පත් කිරීම නිසා වාර්ෂිකව රුපියල් කෝටි 200 (බිලියන 2ක) ඉල්කකගත ආදායම උපයාගත නොහැකි වී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කියා සිටිති.

මැණික් අපනයනයේදී සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබුණත් අපනයන දිරිමත් කිරීමට හා අපනයන ප්‍රවර්ධන කටයුතු සිදුකළ හැකි නිවැරදි දැක්මක් තිබෙන නිලධාරීන් පත්කර ආයතනය දැවැන්ත ප්‍රතිසංස්කරණට ලක් කළ යුතු බව ද ඔවූහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment