ස්විස්ටර්ලන්තයේ සිටින සිය සැමියාට වීඩියෝ දුරකථන ඇමැතුමක් ලබා ගත් යාපනය ආනේකෝට්ටේ ප්‍රදේශයේ කාන්තාවක් සැමියා බලා සිටියදීම ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
සිය බිරිද ගෙල වැලලාගෙන මියයෑමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු යාබද නිවසක අයකුට දුරකථන ඇමැතුමක් ලබා දී සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු පවුලේ අය සමග එම නිවසට වහාම පැමිණ තිබේ.
ඒ වන විට ලණුවක ආධාරයෙන් නිවසේ බාල්කයක එල්ලී සිටි කාන්තාව ලණුවෙන් මුදාගෙන යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඇය පසුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි කතීස්වරන් නිලජිනී ලකිතා (40) නමැති දැරියන් තිදෙනකුගේ මවකි.
මීට පෙර අවස්ථාවකදී සැමියා හා බිරිඳ වීඩියෝ දුරකථන ඇමැතුම් ලබාගත් අවස්ථාවේදී කුමන හෝ හේතුවක් මත දෙදෙනා අතර පැය කීපයක්ම බහින්බස් වීමක් සිදු වූ බව මියගිය කාන්තාව සමග සිටි එක් දියණියක් ප්‍රකාශ කොට ඇතත් ඊට හේතුව කුමක්දැයි ඇය නොදන්නා බවද පවසා තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක ඒ.ජයපාලසිංහම් මහතා විසින් මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මෙහෙයවනු ලැබීය.
යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සටහන්කොට මියගිය කාන්තාවගේ මළසිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත භාර දී තිබේ.
දිනසේන රතුගමගේ