ස්විස්ටර්ලන්තයට හොඳයි! අපිට නරකයි….. ත‍්‍රස්ත මර්දනයේ දෙබිඩි පිළිවෙත

752

ස්විස් ත‍්‍රස්ත‍්‍ර මර්දන පනත  ගැන පැවැති ඡන්ද විමසීමේදී ජනතාවගෙන් සියයට 57ක් ඊට පක්‍ෂව ජන්දය භාවිතා කර ඇත. මෙය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට එල්ල වූ අතුල් පහරකි. ජිනීවාහි සිටින රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ නිලධාරින්ද එම ස්විස් මර්දන පනත කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක් ගත් නමුත් ව්‍යාර්ථ විය. මේ තත්ත්වය මත ස්විස් මාධ්‍ය පැවසූවේ යුරෝපයේ දැඩි ත‍්‍රස්ත මර්දන පනතක් ලෙස ස්විස් ත‍්‍රස්ත මර්දන පනත හැඳින්විය හැකි බවයි. මෙම ස්විස් පනතට එරෙහිව එරට ප‍්‍රාන්තවලින් ලැබුනේ සියයට 22.5ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි.

1979 වසරේ ඉදිරිපත් වූ ත‍්‍රස්ත මර්දන පනත සඳහා ඒ වන විට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් සහ නීතිපති සිවා පසුපති සහය විය. මේ පනත ජේ. ආර්. ජයවර්ධන සමයේ ඉදිරිපත් කෙරුණු අතර එවකට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු වූ ආර්. සම්බන්ධන් ඊට එරෙහි වූයේ නැත. එම සමයේ සුමන්තිරන්ලා සිටියේ නැත.

එදා ද්‍රවිඩ සංධානයට ආසන 18ක් හිමි වී තිබුණි. එහෙත් ත‍්‍රස්ත මර්දන පනතට එරෙහි වීමට ඔවුන් ක‍්‍රියා නොකළේ මන්ද ඒ පනතට සහය නොදැක්වුවොත් පාර්ලිමේන්තුව විසුරුවන බවට ජේ. ආර්. ජයවර්ධන තර්ජනය කිරීමයි.

ත‍්‍රස්ත මර්දන පනතට ඡන්දය විමසන අවස්ථාවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඊට එරෙහි වූයේ නැත. මේ අනුව පනත සම්මත විය. 1982 සිට ත‍්‍රස්ත මර්දන පනත රජයේ නීතියක් බවට පත්වුණි. වසර 39කට පෙර ත‍්‍රස්ත මර්දන පනත සම්බන්ධව වත්මන් ද්‍රවිඩ සංධාන නායක සම්බන්ධන්ට අමතක වී තිබේ. එහෙත් පසුගිය වසර කීපය මුළුල්ලේ විදේශ තානාපතිවරුන් විදේශ නියෝජිතයන් හමුවූ ද්‍රවිඩ සංධානය ඉල්ලා ඇත්තේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවයි. එදා සමාජ මාධ්‍ය ජාලා තිබුණේ නැත. ද්‍රවිඩ සංධානයේ සහයට රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාත්මක වීමක් සිදු වූයේ නැත. ත‍්‍රස්ත මර්දන පනතට එක`ගවීම නිසා ප‍්‍රභාකරන් වසර ගණනාවකට පසු අමිර්තලිංගම් ඝාතනය කරනු ලැබීය. එහෙත් නීතිපති සිවා පසුපති දිවි ගලවා ගත්තේ ඔහු ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යෑම නිසාය.

ප‍්‍රභාකරන් සිවා පසුපතිව කොටි සංවිධානයේ උපදේශකයකු ලෙස පත් කර ගනු ලැබීය. මෙවන් පසුබිමක් මැද දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීහු ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු යැයි දක්වමින් මහා හඬක් නඟයි. එහෙත් පසුගියදා ස්විස් රජය පොලිසියට පුළුල් බලතල ලබාදෙමින් ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කරනු ලැබීය.

ශ‍්‍රී ලාංකික අන්තවාදී සම්සුදින් ආදිල් සිදු කළ පිහි ඇනුමක් නිසා නවසීලන්ත රජය දැඩි නීතිරීති කෙටුම්පත් කර ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කළේය. බි‍්‍රතාන්‍ය සහ ඉන්දියාවේද ත‍්‍රස්ත මර්දන පනත් කි‍්‍රයාත්මක වේ. ස්විස් ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිව යුරෝපා සංගමය සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේගේ විරෝධය එල්ල වූයේ නැත. එසේ නම් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත මර්දන පනතට ජාත්‍යන්තර ප‍්‍රජාවට එරෙහි වන්නේ ඇයි? මෙයට මූලික හේතුව රාජ්‍ය නොවන සංවිධාන ජාලයයි. ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිවීමට රාජ්‍ය නොවන සංවිධානවලට අයිතියක් නැත. එහෙත් මෙරට එන්. ජී. ඕ ජාලය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමේ මෙහෙයුමේ අයිතිකරුවන් බවට පත් වී ඇත. ත‍්‍රස්ත මර්දන පනත යටතේ කොටි ත‍්‍රස්තයන් අත්අඩංගුවට ගැනීම සහ ඉස්ලාමීය අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමද වැරදි ක‍්‍රියාවක් ලෙස මේ ඩොලර් අරමුදල් ලබන එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීහු පළ කරති. එසේ වූවත් ඉන්දීය ත‍්‍රස්ත මර්දන පනත යටතේ කාශ්මීර් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ කරුණු දැක්වීමට ඉන්දීය එන්. ජී. ඕ. ජාලය ඉදිරිපත් නොවේ.

ශ‍්‍රී ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ට ඕනෑම ලෙසකින් රාජ්‍ය විරෝධී මෙහෙයුම දියත් කිරීමට ඉඩ ලැබී ඇතත් ඉන්දීය රජය එරට එවැනි මෙහෙයුම් දියත් කිරීමට ඉඩ දෙන්නේ නැත. එහෙත් ත‍්‍රස්ත මර්දන පනත නිසා මෙරට රජය වෙත විදේශ රටවලින් දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම බලපෑම් ඉන්දීය හෝ නවසීලන්ත ආණ්ඩුවලට එල්ල නොවේ. 1952 සම්මත වූ ත‍්‍රස්ත මර්දන පනතක් නොතිබුණේ නම් ත‍්‍රස්තවාදීන්ට හෝ අන්තවාදීන්ට එරෙහිව රජයට ක‍්‍රියා කළ හැකිද?

මේ අතර සටන් විරාම ගිවිසුම යටතේ කොටින්ගේ ඉල්ලීම වන ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවීමට එදා රජය කටයුතු කර තිබුණි. එම සමයේදී දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ පොලිස් ප‍්‍රධානියා වූ තාබෲ කොටි ත‍්‍රස්තයකු විසින් ඝාතනය කරනු ලැබීය. මෙම ඝාතනය නිසා එවකට ශ‍්‍රී ලංකා පොලිස් පරීක්‍ෂක සංගමයේ ප‍්‍රධානී ඬේල් ගුණරත්න වහාම ත‍්‍රස්ත මර්දන පනත යළි ක‍්‍රියාත්මක කරන ලෙස එවකට ජනපති වූ චන්ද්‍රිකා කුමාරතුංග වෙත ලිපියක් යැවීය. මේ ඉල්ලීම දිවයින පුවත්පතේ පළවීම නිසා එවකට පැවැති රජයේ උද්දච්ච දේශපාලකයෙක් කෝපයට පත් විය. වහාම එවන් ලිපියක් යැව්වේ නැති බවට ලිපියක් මාධ්‍යවලට නිකුත් කරන ලෙස එම දේශපාලකයා ඬේල් ගුණරත්නට නියෝග කළේය. එහෙත් ඬේල් එම නියෝගය ප‍්‍රතික්‍ෂේප කළේය. ත‍්‍රස්ත මර්දන පනතට ඇත්තේ මෙවන් අතීතයකි. ප‍්‍රභාකරන්ට ආණ්ඩුව ලවා ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවීමට හැකිවීම තුළින් එදා දේශපාලන ක්‍ෂේත‍්‍රයේ නිවටකම පැහැදිලි විය.

මේ අතර ස්විට්සර්ලන්තය එරට ත‍්‍රස්ත මර්දන පනත සම්මත කළෙ ජනතාවගේ ඡුන්දයෙනි. මේ නිසා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේට ඊට එරෙහිව පියවරක් ගැනීමට නොහැකි විය.

කැට් රොඞ් නමැති මාධ්‍යවේදිනිය හෙළි කරන අන්දමට ස්විස් ත‍්‍රස්ත මර්දන පනතින් ස්විස් පොලිසියට පුළුල් බලතල ලබා දී ඇත. මෙම නව ස්විස් ත‍්‍රස්ත මර්දන පනත සම්මත වූයේ ස්විස් වෝර්ජස් නගරයෙන් මිසිනෝ ප‍්‍රාන්තයේ ජිහාද් ත‍්‍රස්තයන්ගේ පිහි ඇනුම් හේතුවෙනි. එහෙත් 260ක් මරුමුවට පත් කරමින් ඉස්ලාමීය ත‍්‍රස්තවාදය මෙරට ක‍්‍රියාත්මක වූවත් ත‍්‍රස්ත මර්දන පනතට තවත් බලතල ලබාදෙනු වෙනුවට එය අහෝසි කිරීමට යෝජනා කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවේද?

මෙහිදී බටහිර රටවල් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත තහවුරු වේ. ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය තම රටවල සෙබළුන්ට එල්ල වූ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට ඉඩ නොදෙන අතර ශ‍්‍රී ලංකාව පමණක් යුද අපරාධ ගැන පරීක්‍ෂණ කළ යුතු යැයි නියෝග කරන්නේ කෙසේද?

ඇමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වරක් පැවසූවේ ඇමෙරිකානු සෙබළුන්ට එරෙහිව යුධ අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවන්ගේ වත්කම් තහනම් කරන බවයි. මෙම පසුබිම මැද බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්බන්ධව පමණක් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව තහවුරු වේ.

මේ අතර ස්විස් ත‍්‍රස්ත‍්‍ර මර්දන පනත ගැන පැවැති ඡන්ද විමසීමේදී ජනතාවගෙන් සියයට 57ක් ඊට පක්‍ෂව ජන්දය භාවිතා කර ඇත. මෙය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට එල්ල වූ අතුල් පහරකි. ජිනීවාහි සිටින රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ නිලධාරින්ද එම ස්විස් මර්දන පනත කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක් ගත් නමුත් ව්‍යාර්ථ විය. මේ තත්ත්වය මත ස්විස් මාධ්‍ය පැවසූවේ යුරෝපයේ දැඩි ත‍්‍රස්ත මර්දන පනතක් ලෙස ස්විස් ත‍්‍රස්ත මර්දන පනත හැඳින්විය හැකි බවයි. මෙම ස්විස් පනතට එරෙහිව එරට ප‍්‍රාන්තවලින් ලැබුනේ සියයට 22.5ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි.

එම පනත අනුව ස්විට්සර්ලන්තය තුළ සිටින අන්තවාදීන් රැඳවුම් භාරයේ තැබීමටද පොලිසියට අවසර ලැබේ. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ අන්තවාදී සැකකරුවන් රැඳවුම් භාරයට ගනු ලැබුවොත් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් විසින් මානව හිමිකම් කවුන්සිලයට සහ යුරෝපා සංගමය වෙත පැමිණිලි ගොනු කෙරේ. මෙහිදී මතුවන ප‍්‍රශ්නය ස්විට්සර්ලන්තයට එක නීතියකුත් ශ‍්‍රී ලංකාව තවත් නීතියකුත් ක‍්‍රියාත්මක විය යුතුද යන්නයි.

මෙම ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ගැන බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරු ජිනීවා මානව හිමිකම් කොමසාරිස් යනපාර්ශ්ව මෙතෙක් ප‍්‍රතිචාර දක්්වා නැත. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරු මෙම පනත ඉතා අනතුරුදායක පනතක් ලෙස හඳුන්වනු ලැබූවත් ජනතාවගේ තීරණයට එරෙහිව යෑමට ඔවුන්ට නොහැකිය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment