ස්විට්සර්ලන්තයේ තෙල් සමාගම් 26ක් රුසියානු තෙල් අලෙවි කරන බව ලේ මැඩිස් පුවත්පත හෙළි කර ඇත.
විටොල් ඇතුළු සමාගම් මෙම තෙල් අලෙවියට මැදිහත් වී තිබේ.
පසුගිය සතියේදී ඩොලර් මිලියන 6ක් වටිනා තෙල් බැරල් 65000ක් මෙම සමාගම් මිලට ගෙන ඇත.
මෙයට අමතරව ජිනීවා හි අබුර් සමාගම ද තෙල් බැරල් 18000ක් මිලට ගෙන තිබේ.
මේ පිළිබඳ ස්විස් රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ද වාර්තා වේ.
මෙම සමාගම් නොකඩවා රුසියානු තෙල් මිලට ගැනීම නිසා ස්විට්සර්ලන්තයේ තෙල් හිඟයක් නැත.
|