සාගතයෙන් පෙළෙන උතුරු ඉතියෝපියාවේ ජනතාවට ආහාර බෙදීම නවතයි

509

දරුණු සාගතයකට මුහුණ පා සිටින උතුරු ඉතියෝපියාවේ නගර දෙකක ජනතාවට බෙදා දීම සඳහා ගුදම් (වෙයාර්හවුස්) දෙකක ගබඩා කර තිබූ ආහාර තොගයක් තුවක්කුකරුවන් පිරිසක් විසින් කොල්ලකෑම නිසා එම නගරවල ජනතාවට ආහාර බෙදා හැරීම නතර කිරීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් පියවර ගෙන තිබේ.

 උතුරු ඉතියෝපියාවේ සටන් වැද සිටින ටයිගේ‍්‍රරියන් අන්තවාදීන් විසින් උතුරු අප‍්‍රිකානු නගරයක් වන කොම්බෝල්චා නගරයේ සිටින ලෝක ආහාර වැඩසටහනේ නිලධාරිවරයෙකුට තර්ජනය කරමින් ඔහුව සිය භාරයට ගෙන ගුදම්වල තිබූ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට බෙදා දීම සඳහා වෙන් කර තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් කොල්ල කා ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසයි. උතුරු ඉතියෝපියාවේ නගර රජයේ හමුදාවන් හා ටයිගේ‍්‍රරියන් අන්තවාදීන් අතර පවතින සටන් මධ්‍යයේ දරුණු නිය`ගයකටද මුහුණ දී තිබීම නිසා මිලියන 9කට අධික පිරිසක් දරුණු සාගතයකට මුහුණ පා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සිය සංවිධානය මානුෂීය පදනමින් සාගතයෙන් පෙළෙන ජනතාවට ආහාර බෙදා හරිමින් සිටින අවස්ථාවක මෙසේ අන්තවාදීන් විසින් සංවිධානයේ නිලධාරියෙකු පැහැරගෙන ආහාර ද්‍රව්‍ය කොල්ල කෑම සිය මෙහෙවර අවතක්සේරු කිරීමකි. ලෝක ආහාර වැඩසටහන විසින් ජනතාවට ආහාර බෙදා දීම නතර කිරීම නිසා උතුරු ඉතියෝපියාවේ සාගතයෙන් පෙළෙන විශාල පිරිසක් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටිති.

ඒමන්ති මාරඹේ


advertistmentadvertistment