සාගරට එරෙහි අනුරගේ නඩුව දෙසැම්බර්වලට කල්යයි

78

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (09 දා) නියෝග කළේය.

විත්තිකාර සාගර කාරියවසම් මහතා විසින් 2023 අගෝස්තු 19වැනිදා කොළඹදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී තමන් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බැවින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට එකී වන්දිය අයකර දෙන ලෙස පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා නීතිඥ ශානිකා සිල්වා මහත්මිය මඟින් ගොනු කර තිබූ එම නඩුව මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment