අහිංසකකම හෝ පසු තැවීම හැර ස්වර්ගයට යන වෙනත් මර්ගයක් නැත. පළමුවැන්නා ගෙන් නික්ම ගිය තැනැත්තා දෙවැන්නා ගත යුතුය. නැතිනම් ඔහුට සාදාකාලිකව ම අහිම වේ යන තේමාව ජීවිත පාඨය කර ගනිමින් වයස අවු 36 දී පැවිදි දිවියට පත් ශුද්ධ වූ කයිතන් මුනිඳුන් 1480 ඔක්තෝබර් මස 14 වැනි දින ඉතාලියේ ලොස්බර්ඩ් හි වංශවත් යුවළක් වන ගෑස්පර් සහ මේරි පෝර්ට්ට දාව උපත ලැබුවේය. බව්තිස්ම වූ දිනයේ දී ම සිය මව දෙවි සමිඳුන්ට පූජා කරමින් ආධ්‍යාත්මික මාතෘ රැකවරණය අයැ ද සිටියේය.
මෙතුමන්ට වයස අවුරුදු 02 දී සිය පියා මෙලොව හැර ගියත් මවගේ අප්‍රතිහත ධෛර්ය නිසා මෙතුමන් නීතිඥයකු ලෙස මෙන්ම තවත් කෙටි කාලක දී වෛi උපාධිය හදාරා වෛiවරයකු ලෙස සිය ජීවිතය ආරම්භ කළේය. ශුද්ධවත්ව පුණ්‍ය කටයුතු වෙනුවෙන් ම කැපවුණු මෙතුමා උගත් ජනතාවාදී සහෘදියකු ලෙස ප්‍රසිද්ධ විය. ධාර්මික කටයුතු වෙනුවෙන් වූ ප්‍රබල කැපවීම නිසා ම 1516 දී සිය පූජක වරයට හිමිකම් ලැබූවා. 1522 දී සිය මවගේ අභාවයෙන් පසු සුව කළ නොහැකි රෝග වැළඳී සිටින රෝගීන් සඳහා රෝහලක් ඉදි කිරීමට මෙතුමන් කටයුතු කළේය.
ණය බරින් පීඩිත වූ හා උකස් තැබීමට ගොදුරු වූ ජනතාව මූල්‍යය කොල්ලකරුවන් ගෙන් බේරා ගැනීමට ශ්රද්ධවේ අරමුදල නමින් සංවිධානයක් ආරම්භ කළ අතර පසු කාලයක දී එය නේපල්ස් බැංකුව නමින් විශ්වසනීය මූල්‍ය ආයතනයක් බවට පත් විය. මෙතුමන්ගේ භක්තිවන්තකම නිසා ම නත්තල් උත්සවයක දී මරියාවන් තම ජේසු බිලිඳා මෙතුමන් ගේ දෑතට දුන් බවට විශ්වාසයක් පවතින්නේය.
ශුද්ධ පිළිවෙළෙහි නිර්මාතෘවරයා වන මෙතුමන් 1547 අගෝස්තු මස 07 දින ඉතාලියේ නේපල්ස්හි දී ස්වර්ගස්ථ වෙනවා. මෙතුමන් ගේ දේහය නේපල්ස් හි සාන්ත පාවුලෝ මැගියෝර් මුනිඳුන්ට කැප කර තිබෙන දේවස්ථාන පරිශ්‍රයේ තැම්පත් කරනු ලබයි. 07 වන ක්ලෙමන්ඩ් සුදතුම් පියාණන් විසින් සුදුවරයට නම් කිරීමෙන් පසු 1671 අපේ‍්‍රල් මස 12 වැනි දින මෙතුමන්ව ආර්ජන්ටිනාවේ අනුග්රහක සාන්තුවරයා වශයෙන් නම් කර සුදුවරයට ඔසවනු ලැබුවේය.
ශුද්ධ වූ කයිතන් මුනිඳුන් ලෙස කතෝලික සභාව තුළ වන්දනා මානයට පත්වන මෙතුමන් රැකියා විරහිතයන් ගේ මූල්‍යය ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් ගේ සහ දත්ත ලේඛන මෙහෙයවන්නන් ගේ සාන්තුවරයා ලෙස නම් කර තිබේ. යුරෝපයේ සහ ආසියාතික රටවල් කිහිපයක මෙතුමන්ට කැපකළ දේවස්ථාන තිබෙන අතර ශ්‍රී ලංකාවේ කොළඹ පදවියේ ජා – ඇල සහ කටාන දිසාවෙන් යාපනය පදවියේ කන්කසන්තුරේ මරියන්කෝඩිල් ග්‍රාමයේ දෙව්මැඳුර ස්ථාපිත කර ඇත.
සරත් අතුකෝරල