සාමය කැඩුවොත් පොලිසිය සූදානමින්

324

කවර හෝ කණ්ඩායම් අද (08 දා) සාමය කඩකරමින් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලැබුහොත් අවස්ථානුකූලව ඒ මොහොතේම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

විරෝධතා ව්‍යාපාරයන් සිදු කරන බවට යම්කිසි සංවිධානයක් ප්‍රකාශ කළ පලියට පොලිස් දෙපාර්තමේන්තුව කලබල නොවන බව ද හෙතෙම පැවසීය.

දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වැඩි කාලයක් පොලිසියට ගතවන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම විරෝධතා ව්‍යාපාර පිළිබඳ බුද්ධි අංශ තොරතුරු අනුව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.

විරෝධතා ව්‍යාපාරවලට පොලිසිය මුහුණ දෙන ආකාරය පිළිබඳ පොලිස් නිලධාරීන්ට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි ද පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment