SLT සමූහයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ සහ 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි. රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය මෙයට මූලික වශයෙන් බලපා ඇත.
2023 වර්ෂයේ 04 වන කාර්තුවේ SLT සමූහයේ ඒකාබද්ධ ආදායම, 2022 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 28 ට සාපේක්ෂව 7.5% කින් පහළ ගොස් රු. බිලියන 26 ක් ලෙස වාර්තා වී තිබේ. පිරිවැය ප්‍රශස්තකරණය සඳහා දරන ලද උත්සාහ හමුවේ මෙහෙයුම් පිරිවැය 5.9% කින් පහළ ගොස් තිබුණද, මූලික වශයෙන් ආදායම අඩු වීම නිසා මෙලෙස සමූහ ලාභයේ පහළ යාමක් වාර්තා වී ඇත. සමූහයේ මෙහෙයුම් ලාභයද පහළ ගොස් ඇති අතර, බදු-පෙර ලාභය සහ බදු-පසු ලාභයද කාර්තුව තුළ පහළ යාමක් පෙන්නුම් කරයි.
SLT සමාගම මට්ටමින් ගත් විට, 2022 වසරේ 4 වැනි කාර්තුවට සාපේක්ෂව 2023 වසරේ 4 වැනි කාර්තුවේදී මෙහෙයුම් පිරිවැය 3.6% කින් පහළ ගොස් තිබේ. පිරිවැය මැනවින් කළමනාකරණය කරගැනීම සහ කාර්ය මණ්ඩල මට්ටමේ පිරිවැය අඩු වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එමෙන්ම දැන්වීම්කරණ සහ ප්‍රචාරණ වියදම් අවම කරගැනීම සහ, 2023 අවසාන භාගයේදී අලුත්වැඩියා සහ නඩත්තු වියදම් පහළ යාම නිසා තවත් අංශ කිහිපයකින් වියදම් අවම කරගැනීමට SLT සමාගමට හැකි වී තිබේ. කෙසේ වෙතත් ආදායම පහළ යාම සහ ක්ෂයවීම් වැඩි වීම නිසා මෙම ඉතුරුම් අභිබවා සමස්ත අලාභයක් කරා සමාගම ගමන්කර ඇත.