අපොස සාමාන්‍ය පෙළ (2023) විභාගය පවත්වා මාස 08ක් ගතවී ඇතත් මේ වනතෙක් විභාග රාජකාරි කළ ගුරුවරුන් සඳහා ඊට අදාළ ගෙවීම් සිදුකර නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මෙම ගෙවීම් ලබාගැනීම සඳහා ගුරුවරුන් 35,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද කිරීම නිසා ඉදිරි විභාග රාජකාරිවලට ගුරුවරුන් ඉදිරිපත් වීමට එතරම් කැමැත්තක් නොදැක්විය හැකි බවත් ස්ටාලින් මහතා කියා සිටී. මේ වනවිට රජය මගින් ගුරුවරුන්ට ගෙවීම සඳහා මුදල් වෙන්කර ඇති බව දැනගන්නට තිබෙන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නිසා ගුරුවරුන් සඳහා සිදුකරන ගෙවීම් ප්‍රමාද වන බවට දැනගන්නට තිබෙන බවත් කී ස්ටාලින් මහතා විභාග දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් නොවන ආකාරයට විභාගයක් පැවැත්වීමේ නොහැකියාව පවතින බවත් කීය.
චමින්ද සිල්වා