වවුනියාව මන්නාරම් පාරේ හාඩ්වෙයාර් එකක ඩීසල් ලීටර් 3150 ක්
පෞද්ගලික බස්වලට වැඩි මිලට අලෙවි කිරීමට ගබඩා කරලා
වවුනියාව, මන්නාරම් පාරේ පිහිටි හාඩ්වෙයාර් එකක සගවා තිබූ ඩීසල් ලීටර් 3150 ක් යුද හමුදාව සහ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත අදාල හාඩ්වෙයාර් එක පරීක්ෂා කිරීමේදී ඒ තුළ බැරැල් 15 ක සගවා තිබූ එම ඩීසල් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ. පෞද්ගලික බස් රථ හිමියන්ට වැඩි මිලට අලෙවි කිරීම සදහා මෙම ඩීසල් තොගය සගවා තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. ඩීසල් තොගය සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව නෙලුකුලම පොලිසිය වෙත බාර දී ඇත. සැකකරුව පොලිසිය විසින් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නෙලුකුලම පොලිසිය හා වවුනියාව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ