සැප්තැම්බර් 01 තෙක් හරීන් අල්ලන්නේ නෑ – නීතිපති

162

ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා වන තෙක් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලමින් නියෝගයක් ඉල්ලා හරින් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාලයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව අධිකරණයට දන්වා සිටියේය.

ප්‍රියන්ත ජයවර්ධනල කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ලැනිණිග එහිදී නීතිපතිවරයා අධිකරණයට සහතික වූයේ පෙත්සම්කරු හරින් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 1 වනදා සහාය ලබා ගන්නා තෙක් අත්අඩංගුවට නොගන්නා බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment