මේෂ ලග්නය – ශරීර සනීපය ලැබේ
අමතර වියදම් බහුල කරන සතියක් වුවත් හදිසි මෙම සතියේ මේෂ ලග්න හිමියන්ට පැවැති කරදර අඩුවේ. පැවැති ලෙඩ දුක් නැති වේ. කල් පවතින රෝග උදෙසා ප්‍රතිකාර මෙම සතිය ආරම්භ වේ. කරන කියන දේ සාර්ථකවේ. ඉගෙනුම ලබන දුවා දරුවන්ට යහපත් වේ. විභාග ජය. මෙම සතිය ශාරීරික සනීපය මානසික සුවය ඇතිවන සතියක් වනු ඇත. මුදල් තැන්පතු උදෙසා යහපත් වේ. රැකී රක්ෂා දියුණුව ලැබෙනු ඇත. ගෘහයේ අලුත් තීරණවලට හේතු වේ. සතිය වාසනාවන්ත වෙය.ි උදරාබාධවලට හේතුවන නිසා ප්‍රවේසම් වන්න.
ශුභ දවස සඳුදා – ශුභ අංකය 3
වෘෂභ ලග්නය – පෙර පින ඵල දේ
වෘෂභ ලග්න හිමියන්හට මෙම සතියේ කරන කියන දෙයින් ලාභ ලැබෙනු ඇත. දේපළ යාන වාහන ඉඩකඩම් ලැබීම් ඇතිවේ. පෙර පින ඵල දෙන සතියක් වේ. කරන කියන දේ ගැන විශ්වාසය තැබීම යහපති. ගෘහයට යහපත් වේ. දූ දරුවන්ගේ දියුණුව පෙන්වනු ඇත. සිතට සැපත සතුට සන්තෝසය ලැබෙනු ඇත. ශරීරය උෂ්ණාධික වේ. උෂ්ණාධික රෝග ඇතිවිය හැක. ප්‍රවේසම් වන්න. කේන්ති යෑම ඇතිවනු ඇත.
ශුභ දවස බදාදා ශුභ අංකය 4
මිථුන ලග්නය – හදිසි ගමන් බිමන්
මිථුන ලග්න හිමියන්හට මෙම සති ආදායමට වඩා වියදම වැඩිවේ. හදිසි ගමන් බිමන්වලට හේතු වේ. කරන කියන දෙයින් වියදම් වැඩිවන කාලයක් වනු ඇත. අනවශ්‍ය වියදම්වලට හේතු වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. සති මැද සුබයි. අලුත් දේ සිතයි. දියුණුවට අතහිත ලැබෙනු ඇත. සතිය අගත් සුබ වේ.
ශුභ දවස සඳුදා – ශුභ අංකය 2
කටක ලග්නය – පිනට දහමට යොමුවේ
වැඩ කටයුතු ක්‍රමානුකූලව කර ගෙන යෑමට වෙහෙසක් දරන සතියක් වේ. බාහිර අලංකාරයට කැමැති වේ . නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවීමට ඉඩ ඇත. ආගම දහමට පිනට ලැදි වන සතියක් වේ. රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වේ. කරන කියන දේ සාර්ථක කර ගැනීමට හැකියාව පවතී. ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. වගකීම් බහුල වන සතියක් වනු ඇත. ඉගෙන ගන්නා දරුවන්ට යහපත් සතියකි .
ශුභ දවස බදාදා – ශුභ අංකය 8
සිංහ ලග්නය – හිතේ කරදර ඇතිවෙයි
මෙම සතිය සිතට කරදර ඇති වියහැක. කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වේ. අන් අය විශ්වාසය යහපත් නොවනු ඇත. උදව් කිරීමට ගොස් අමාරු වැටීමට ඉඩ පවතියි. එබැවින් මෙම සතිය තමා ගැන පමණක් විශ්වාසය තබන්න. නිකරුණේ මෙම සතිය කාලය නාස්ති නොකරන්නනිකරුනේ නින්දා අපහාස ඇතිවීමට හේතුවේ. හිසේ කැක්කුමක් ඇතිවේ.
ශුභ දවස බ්‍රහස්පතින්දා – ශුභ අංකය 5
කන්‍යා ලග්නය- රැකියා වගකීම් බහුල වීම
රැකියා කරන ස්ථානයේ කාර්යබහුලවත්වය පෙන්නුම් කරයි. නව වගකීම් තනතුරු ලැබෙනු ඇත. කරන කියන දේ සාර්ථක වේ. කලබලකාරීත්වය ඇතිවීමට හේතු වේ. එබැවින් කරන කියන දේ පරිස්සමෙන් කළ යුතුවේ. මෙම සතිය ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් වේ. විභාගය ජය ගනී. සිතේ සන්තෝෂය ඇති වේ. ඇඳුම් පැලඳුම් ආදියට අධික වියදම් කරන්නට සිදුවේ. ශරීර උෂ්ණත්වය වැඩිවේ. කරන කියන දෙයින් ලාභ ලබාගැනීමට හැකි වනු ඇත. ව්‍යාපාරවලින් ලාභ ලැබේ.
ශුභ දවස සෙනසුරාදා – ශුභ අංකය 1
තුලා ලග්නය – උසස් අයගේ ආශ්‍රය
මෙම සතිය කරන කියන දේ සාර්ථක වනු ඇත. වාසනාවන්ත සතියක් වේ. රාජකාරිවලින් උසස් වනු ඇත. උසස් අයගේ ආශ්‍රය ලැබෙනු ඇත. උදව් උපකාර ලැබෙනු ඇත. ආගමික කටයුතුවල ප්‍රීතියෙන් යෙදේ. නුවණ යොදා කරන සෑමදේම වැඩි වාසියක් ලැබෙනු ඇත. කරන රක්ෂාව උසස් වේ. ඉගෙනීම් දියුණුවේ. විභාගවලින් පහසුවෙන් සමත් වියහැකි කාලයක් වේ. හිතට සතුට ගෙන දෙන සතියක් වනු ඇත. කටයුතු තමන් සිතුව පරිදි ඉෂ්ට සිද්ධ කර ගතහැකි සතියක් වනු ඇත .
ශුභ දවස අඟහරුවාදා – ශුභ අංකය 4
වෘශ්චික ලග්නය/ආගිය තැන ජය
වෘශ්චික ලග්න හිමියන්ට මෙම සතිය ඉතාමත් වාසනාවන්ත සතියක් වනු ඇත. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වනු ඇත. මෙම සතිය සියලු දේවලින් ලාභ ලැබේ. ආගිය තැන ගෞරවය ලැබෙනු ඇත. මතක ශක්තිය වැඩී විභාග ජය ලැබේ. උසස් අධ්‍යාපනයට යහපත් වේ. වාසනාවන්ත සතියක.ි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සතියක් වේ. නෑදෑ පිරිවර එකතු වේ. මෙම සතිය බුද්ධියෙන් වැඩකටයුතු කරන්න එවිට ජය ලැබෙනු ඇත.
ශුභ දවස ඉරිදා – ශුභ අංකය 3
ධනු ලග්නය – අතමිට මුදල් ගැවසේ
මෙම සතිය ධන ලාභවලට හේතු වේ. කරන කියන දේ සාර්ථකත්වය වනු ඇත. මංගල කාලයක් වනු ඇත. අසරණ අයකුට සරණ වීමට අවස්ථාව සැලසෙයි. ගේ දොර කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක්. නව ව්‍යාපාර ආරම්භය, තිබෙන දේ දියුණුවට. අලුත් දේ ඉගෙනීමට ලැබෙන සතියක් වනු ඇත. උදරාබාධ රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න . ගෘහ ජීවිතයේ වාසනාවන්ත වන සතියක් වනු ඇත .
ශුභ දවස බදාදා – ශුභ අංකය 2
මකර ලග්නය- සමාජයේ කැපී පෙනේ
බාහිර අලංකරණයට පිරිසුදුකමට කැමැති සතියක් වනු ඇත. එමෙන්ම කැපී පෙනෙන චරිතයක් වනු ඇත. දරුවකු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වනු ඇත. සිතට සතුට ඇතිවන සතියකි. රැකියාවේ ඉදිරි සැලසුම වෙනස් වේ. රැකියාවේ උසස් වීම් පෙන්නුම් කරනු ඇත. තනතුරු ලාභ ලැබීම්, ව්‍යාපාරවල යහපත් වනු ඇත. සෙම් රෝග ඇතිවීමට හේතුයි. අධ්‍යාපනය සිදු කරන දරුවන්ට ඉතාම යහපත් සතියක් වේ. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ. විභාග ජය ලැබෙනු ඇත. කරන කියන සෑම දේම ලාභය.
ශුභ දවස ඉරිදා – ශුභ අංකය 7
කුම්භ ලග්නය – ස්වයං රැකියා ආරම්භය
මෙම සතිය සමාජයේ කීර්තියට ප්‍රසිද්ධියට මුල පුරනු ලබයි. ඇසුරු කරන අයගෙන් ලාභ ස්වයං රැකියාවල් දියුණුව ලැබෙන සතියක් වනු ඇත. තරගකාරී කටයුතුවලින් ලාභ ලැබෙන සතියක්වේ. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට යහපත් වේ. කළමනාකරණය සම්බන්ධ රැකියා යහපති. දියුණුව ගෙනදෙන සතිය, ඔබේ දියුණුවට අතහිත ලැබෙන සතියක් වනු ඇත. සාර්ථකත්වය දකින සතියක් වේ. මෙම සතියේ ආම්ලිකතාවය වැඩි විය හැක. ආහාර ගැනීමේදී උෂ්ණාධික දේ ගැනීමෙන් වළකින්න. නැතිනම් කරන කියන දේ සඳහා බාධා ඇතිවීමට හේතු වේ .
ශුභ දවස බ්‍රහස්පතින්දා – ශුභ අංකය 5
මීන ලග්නය- උසස් අධ්‍යාපනයට අවස්ථාවක්
මෙම සතිය උසස් අධ්‍යාපනය කරා යෑමට මුල්වීම ශුභ කාලයක් වනු ඇත. විදේශ ගමන් බිමන් යහපත් වේ. රැකියා උසස් වීම් පෙන්නුම් කෙරේ. පදිංචි ස්ථානය වෙනසක් වෙන සතියක් වනු ඇත. සමාජ සේවක කටයුතුවල යෙදීමට සිදුවනු ඇත. වගකීම් වැඩි වේ. දරුවන්ගේ දියුණුව දකියි. මෙම සතිය කටයුතු සාර්ථක වේ. උසස්වීම් පෙන්නුම් කරනු ඇත. ව්‍යාපාරවලට යහපත් වනු ඇත. ගෙදර දොර අලුත් වැඩියාවක් හෝ වෙනස් කිරීමක් සිදුවේ. ප්‍රතිලාභ ලැබිය හැකි සතියකි. විවාහ යෝජනා පැමිණෙන සතියක් වන නිසා මංගල කාලයක් ලෙස හැඳින්විය හැක. නැති නෑදෑයෝ ඇතිවන සතියකි. කරන කියන දේ සාර්ථකයි.
ශුභ දවස සිකුරාදා – ශුභ අංකය 4
ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී, විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. එන්. ඌෂාන්ත්‍රි
071 248 2323