සැමටම දිරිය දෙමින් ඉන්දීය ක්‍රීඩා තරුවලට කෝටි 125 බෙදුණු හැටි එළියට

808

ක්‍රීඩකයන් 15දෙනාට කෝටි 5 බැගින්

ලංකාවේ නුවන්ටත් කෝටි දෙකක්

අතිරේක ක්‍රීඩකයින්ටත් කෝටියක්

විස්සයි 20 ලෝක කුසලානය දිනූ කණ්ඩායම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද රුපියල් කෝටි 125 බෙදෙන්නේ කවර ආකාරයෙන්ද යන්න ඉන්දීය මාධ්‍ය හෙළිකර තිබේ. ඒ අනුව එක් හෝ තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ යෂස්වි ජයිස්වාල්, කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් ඇතුළු ක්‍රීඩකයින් 15 දෙනාට රුපියල් කෝටි 5 බැගින් හිමිවේ. ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ අනෙකුත් ප්‍රධාන පුහුණු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් – පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්, පන්දු රැකීමේ පුහුණුකරු ටී. දිලිප්, පන්දු යැවීමේ පුහුණුකරු පරාස් මාම්බ්‍රේට රුපියල් කෝටි 2.5 බැගින් ලැබේ. එසේම තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර් ඇතුළු ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනාට රුපියල් කෝටි 1 බැගින් ලබා දෙන බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් කියයි. එසේම ඉන්දීය කණ්ඩායමේ භෞතචිකිත්සකවරුන් තිදෙනා, ත්‍රෝඩවුන් විශේෂඥයින් තිදෙනකු, සම්බාහන විශේෂඥයින් දෙදෙනකු සහ ශක්තිය සහ සමීකරණ පුහුණුකරු සඳහා රුපියල් කෝටි දෙක බැගින් පිරිනැමේ.

ක්‍රිකට් සංචිත සාමාජිකයින් වන රින්කු සිං සහ ශුබ්මන් ගිල්, වේග පන්දු යවන්නන් වන අවේෂ් ඛාන් සහ ඛලීල් අහමඩ් ද රුපියල් කෝටිය බැගින් ලැබේ.

2013 දී, එම්. එස්. දෝනිගේ නායකත්වය යටතේ ඉන්දියාව ශූරයන්ගේ කුසලානය දිනාගත් විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එක් ක්‍රීඩකයෙකු සඳහා රුපියල් කෝටියක ත්‍යාග මුදලක් ලබා දුන් අතර සහය කාර්ය මණ්ඩලයට රුපියල් ලක්ෂ 30 බැගින් ගෙවන ලදී. 2011 දී ඉන්දියාව මුම්බායි හි පැවති පන්දුවාර 50 ලෝක කුසලානය දිනා ගත් පසුව එක් ක්‍රීඩකයකු වෙත රුපියල් කෝටි 2 බැගින් ගෙවන ලදී. 2007 දී ඉන්දීය කණ්ඩායම මංගල ඔ20 ලෝක කුසලානය දිනාගත් විට රුපියල් කෝටි 12 ක් ලැබුණි. 1983 දී ඉන්දියාව ඔවුන්ගේ මංගල ලෝක කුසලානය දිනා ගන්නා විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව තම ක්‍රීඩකයින්ට ත්‍යාග දීමට ප්‍රමාණවත් මුදලක් නොතිබුණි. එම නිසා දිවංගත ලතා මංගේෂ්කාර් ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා ප්‍රසංගයක් පැවැත්වූවාය.

සැමටම දිරිය දෙමින් ඉන්දීය ක්‍රීඩා තරුවලට කෝටි 125 බෙදුණු හැටි එළියට

ත්‍රෝඩවුන් විශේෂඥයින් අතර ශ්‍රී ලංකාවේ නුවන් සෙනෙවිරත්නද සිටින අතර ඔහුට ද රුපියල් කෝටි දෙකක මුදලක් හිමි වී ඇත.

චතුර පමුණුව

සංස්කරණය – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment