සැමියා ඇන්න අඩි පහේ යකඩ කූර බිරිඳගේ වම් අත හරහා උරස් කුහරය දක්වා පසාරු කරගෙන යයි

445

කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනාගේ විස්මිත සැත්කමින්
යකඩ කූර සාර්ථකව එළියට ගැනේ

රත්ගම මොරොයිතුඩුව ප‍්‍රදේශයේ කාන්තාවකගේ වම අත හරහා උරස් කුහරය දක්වා පසාරු කරගෙන ගොස් තිබූ මසුන් මැරීම ස`දහා යොදාගනු ලබන අඩි පහක පමණ යකඩ කූරක් ඉතා සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍යවරුන් වන රසික පතිරණ හා පාලිත බටදුව යන මහත්වරුන් විසින් කටයුතු කරනු ලැබීය.

සැත්කමට ලක්කළ කාන්තාව 40 වියේ පසුවන දෙදරු මවකි. මෙම කාන්තාවගේ සැමියා විසින් ඇයට මසුන් මැරීමට යොදාගනු ලබන යකඩ කුරකින් ඇන තිබුණි. 07දා අළුයම 1.30ට පමණ යකඩ කූර පිටින්ම ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ඇතුළත් කරනු ලැබීය. එම අවස්ථාවේ දී ඇය සිහිසුන්ව සිට ඇති අතර වෛද්‍යවරුන් විසින් පැය එකහමාරක පමණ ශල්‍යකර්මයකින් පසු අඩි 05ක් පමණ දිගින් යුතු යකඩ කූර ඉවත්කොට කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කරනු ලැබීය. මේ වනවිට එම කාන්තාව ඉතා හො`ද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බැව් ජ්‍යෙෂ්ඨ නේවාසික ශල්‍ය වෛද්‍ය රසික පතිරණ මහතා කීවේය. ශල්‍ය වෛද්‍යවරයා මෙසේද කීවේය.

සැමියා ඇන්න අඩි පහේ යකඩ කූර බිරිඳගේ වම් අත හරහා උරස් කුහරය  දක්වා පසාරු කරගෙන යයි

ඇය අළුයම 1.30ට පමණ යකඩ කූර පිටින්ම රෝහලට ඇතුළත් කරලා තිබුණා. ඇයගේ වම් අත පසාරු කරගෙන උරස් කුහරය දක්වා යකඩ කුර ඇනී තිබුණා. නහරවලට හානිවෙලාද කියා පරීක්ෂා කිරීමට සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් කළා. සී.ටී. ස්කෑන් පරීක්ෂණය කිරීමට යකඩ කූරේ කොටසක් කැපීමට සිදුවුණා. ස්කෑන් පරීක්ෂණ වාර්තාව අනුව ඇයගේ නහරවලට හානියක් වෙලා තිබුණේ නැහැ. පසුව මාංශපේශි බේරගෙන යකඩ කූර ශරිරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඇත්තටම ස්නායුවලටත් හානිවෙලා තිබුණේ නැහැ. මෙම කාන්තාව හො`ද සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා යැයි ද කීවේය.

සැකකාර සැමියා ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment