විවාහ සංස්ථාව තුළ සැමියා විසින් බිරිය දූෂණයට ලක් කිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ගොණු කර තිබු නඩුවක් විභාග කළ ඉන්දියාවේ දිල්ලි නගරයේ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එහි තීන්දුව සම්බන්ධයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දැරීම හේතුවෙන් තීන්දුවක් ලබා ගැනීම සඳහා නඩුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට නඩු පැවරූ පාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.
අදාළ නඩුව විභාග කළ එක් විනිසුරුවරයෙක් බි්‍රතාන්‍ය අධිරාජ්‍ය සමයේ පැවති නීතියේ පවතින විවාහ සංස්ථාව තුළ සැමියා විසින් බිරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැකි බවට සඳහන් වගන්තිය පිළිබඳව නිගමනයකට එළඹීමට නොහැකිව සිට ඇති අතර අනෙක් විනිසුරුවරයා ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 375 වැනි වගන්තිය යටතේ දක්වා ඇති සැමියා අඩු වයස්කාරයෙක් නොවේ නම් විවාහ සංස්ථාව තුළ සැමියා බිරිය හා එක් වීම දූෂණයක් නොවේය යන්න වෙනස් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අදාළ නඩුවේ තීන්දුවක් ප්‍රකාශ කිරීම අසීරු වී තිබේ. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් විවාහ සංස්ථාව තුළ සැමියා බිරියව දූෂණය කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස දශක ගණනාවක සිට ඉල්ලමින් සිටී.