සිංහයාට කොවිඩ් බව තහවුරුයි

221

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකු සඳහා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් එම සත්වයාට ‘කොවිඞ් -19’ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු කරගන්නා ලද බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු මූලික විද්‍යා අංශයේ අණුක ජීව විද්‍යා, පෝෂණ හා ජෛව විද්‍යා රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ. සතරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.
 
 ජාතික සත්වෝද්‍යානය මගින් රසායනාගාරය වෙත ඒවා තිබූ අදාළ සිංහයාගේ සාම්පල පරීක්ෂාවකින් මේ බව තහවුරු වූ බවත්, සත්වෝද්‍යානයේ වෙසෙන තවත් වඳුරු විශේෂයකට අදාළ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවත් ආචාර්ය සතරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

සමන්ති වීරසේකර, ජගත් කණහැරආරච්චි


advertistmentadvertistment