ශකවර්ෂ 1946 ව්‍යවහාර වර්ෂය 2024

මේෂ

ලග්නාධිපති කුජ ශනි සමග 11 වැන්නේද රාහු, බුධ, සිකුරු සංයෝගව 12 වැන්නේද රවි, ගුරු ඒකරාශිව ලග්නයේද සඳු 3 වැන්නේද කේතු 6 වැන්න ගෝචර මෙම වසර තරමක් සුබයි.

රැකීරක්ෂාවල දියුණුවක් ලබන අතර තනතුරු ලාභ ද ලබයි. ව්‍යාපාරවලින් ජය ගෙන දෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ලාභ ලබයි.

ගෘහජීවිතය ශුභඵල දෙයි. අඹුසැමි සුහදතාව වර්ධනය වෙයි. නව නිවාස ලාභ ලබයි. ඉඩකඩම් පිළිබඳ ගැටලු නිරාකරණය වෙයි. තම අරමුණු බොහෝ දුරට ජයගනී. ප්‍රේම සබඳතා මතුකරයි. අවිවාවක අයට මංගල සීනු නාද වෙයි.

ප්‍රීති උත්සව සාද යෙදේ. අලංකාර දේවලට වියදම් ඇතිවෙයි. සෞන්දර්ය කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. විදෙස් රැකියා ලාභ ලැබීම් දෙස් විදෙස් ගතවීම් වැනි දේවල් යෙදේ. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභඵල මතු කරයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුදපූජා වැනි දේවල්වල යෙදේ.

රෝග වශයෙන් සෙම් කෝප රෝග හමේ තුවාල කුෂ්ට මතුකරයි. රක්තවාත රෝගද මතුකරයි. අර්ශස් රෝගද මතුකරයි.

ජය අංකය – 05, 09, ජය වර්ණය – කහ, රතු

පවතින බාධා පීඩා දුරුකරගැනීමට, බෝධි පූජා පැවැත්වීම, බුද්ධ වන්දනා සිදුකිරීම. ස්කන්ධ කුමරුන්ට දේව පූජා පවත්වා සේ කර වාගැනීම ශුභයි.

වෘෂභ

ලග්නාධිපති සිකුරු බුධ සහ රාහු සමග 11 වැන්නේද රවි ගුරු සංයෝගව 12 වැන්නේද සඳු 2 වැන්න සහ කේතු 5 වැන්නේද කුජ ශනි සංයෝගව 10 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

රැකියා ලාභ ලබයි. උසස්වීම් වලටද හේතුයි. ව්‍යාපාරවලින් ජයගෙන දෙයි. භූමි ලාභ භූමි සම්පත් ගෙන දෙයි. යහපත් ආර්ථිකයන්ට හේතු මතුකරයි.

අඹුසැමියන් සමීපව ක්‍රියා කරයි. දෙස් විදෙස් ගමන් යෙදේ. අවිවාහකයන්ට ශුභයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්ද යෙදේ. පදිංචියේ වෙනසකට හේතුයි තම ඥාතීන් සමග වාද විවාදවලට යෑම ශුභවාදි නොවේ. තරමක් ගැටුම්කාරි තත්ත්වයක් යෙදේ.

අධ්‍යාපනයේ යෙදෙන්නට ශුභයි. තරග තුරඟ ජයගනී. යාන වාහන ලාභ ලබයි. තරමක් පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් එල්ල වෙයි. ඇසුරු කරන්නන් අතර බුද්ධිමත් විය යුතුයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදෙන අතර ඍජුගුණය පිහිටා ක්‍රියා කළ යුතුය. ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගරු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි.

මුත්‍රා රෝග ඇසෙහි රෝග මතු කරයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතුවේ. සෙම් රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – සුදු, ක්‍රීම්, ජය අංකය 02, 07

පවතින බාධාවලින් ඉවත්වීමට දහමට ලැදිවීම හොඳයි. දාන මානාදි කුසල්වල යෙදීම මැනවි. ගිලන් අය සඳහා උවටැන් කිරීම ශුභයි. සමන් දෙවිඳු උදෙසා පූජා පවත්වා සෙත් ලබාගැනීම ද ශුභයි.

මිථුන

ලග්නාධිපති බුධ, සිකුරු සහ රාහු සමග සංයෝගව 10 වැන්නේ ද රවි ගුරු සමග 11 වැන්නේද සඳු ලග්නගතවද කේතු 4 වැන්නේද කුජ සහ ශනි 9 වැන්න ගෝචර මෙම වසර ශුභා ශුභ ඵලදෙයි.

රැකී රක්ෂා කටයුතු සාමාන්‍ය ලෙසින් ගෙනෙන අතර ව්‍යාපාර ගැනද සොයා බලා ක්‍රියා කළ යුතුයි. තරමක් ආර්ථික පීඩා ගෙනදීමට ද හේතුවේ. බැතිමත්ව ක්‍රියා කළයුතුය.

ගෘහජීවිතය ශුභවාදි ඵලදෙයි. නමුත් සැක සංකා ඇති කරවන ක්‍රියා ද යෙදේ. බුද්ධිය පාවිච්චි කර ක්‍රියා කළ යුතුය. විදෙස් ගමන් විදෙස් රැකියා ලාභ ලබයි. ප්‍රීති උත්සව මංගල උත්සව වැනි දේවල් බොහෝකොට යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ඇප කැපවීමටද සිදුවෙයි.

අධ්‍යාපනික කටයුතු සඳහා යොමුවන අයට ඉතා ශුභයි. ශුභවාදි වසරකි. තරග තුරඟ ජයගනී. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් ඇතිවන අතර ක්‍රියාකාරකම් වලදී ඉවසීම්ද මැනවි. නව ඉඩකඩම් ලාභ ලබයි. යාන වාහන ලාභ ලබයි. ආගමික පුදපූජාවලටද යොමුවන අතර උපේක්ෂාවෙන් ක්‍රියාකරයි.

සෙම් බහුලවීමෙන් රෝග මතු කරයි. පෙණහලු ආසාදන රෝගද මතු කරයි. කෑම බීම වලදී ප්‍රවේශමද මැනවි. ආමාශගත රෝග මතුකරයි.

ජය අංකය – 03, 06,

ශුභ වර්ණය – කොළ, රන්වන්

පවතින බාධාවලින් ජය ගැනීමට පහත පූජා විධි අනුගමනය කරන්න. නිතර වන්දනාමාන පුද පූජාවල යෙදීම, අසරණයන්ට, පුලන්නන් උදෙසා වරින්වර දාන මානාදි පූජාකර්මවල යෙදීම ශුභයි. මහ විෂ්ණු දෙවිඳු උදෙසා පුද පූජා පවත්වා සෙත් ලබාගැනීම ද ශුභයි.

කටක

ලග්නාධිපති 12 වැන්නේද කේතු 3 වැන්නේද කුජ සහ ශනි සංයෝගව 8 වැන්නේද රාහු බුධ සිකුරු සංයෝගව 9 වැන්නේද රවි ගුරු සමග 10 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකියා ලාභ ලබයි. උසස්වීම්ද ලබයි. තම ව්‍යාපාර කටයුතු වලින්ද ජයගෙන දෙයි. පැවති ණයවලින් නිදහස් වන අතර තැන්පත් ධනය වර්ධනය වෙයි.

විවාහය දි සිත්වල පැවති චංචලභාවය ඉවත් වෙයි. භාර්යාව ස්වාමියාගෙත්, ස්වාමියා භාර්යාවගෙත් වටිනාකම අවබෝධ කරගනී. සමගි සම්පන්නව වසර ගෙවයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. විවාහයෙන් කෙළවර වීමේ ශක්තිය පවතී. ප්‍රීති උත්සව සාද යෙදේ. සමගි සමාගම්වල යෙදේ. තනතුරු ලාභ ලබයි.

අධ්‍යාපනය යෙදෙන අයගේ අපේක්ෂාවන් ඉටුවෙයි. නමුත් වරින් වර බාධා මතු කරයි. ඍජු ගුණයෙන් ක්‍රියාකළ යුතුය. නව නිවාස ලාභ ලබයි. ගමන් බිමන් බහුලයි. නව නිර්මාණ ඇරඹීමට හොඳයි ජයගත හැකියි. උගතුන්ගෙන් වියතුන්ගෙන් උදව් උපකාර ලබයි. දහමට බොහෝ ලැදිව ක්‍රියා කරයි. පුද පූජාවලට යොමුවන වසරකි.

සන්ධි රෝග, ඉදිමුම් රෝග ආදි රෝග මතු කරයි. වාතාධික රෝග මතුකරයි. ලේ දූෂිත රෝගද මතුකරයි.

ශුභ වර්ණය – සුදු, රෝස, ජය අංකය – 04-07

පවතින බාධා ජයගැනීමට ආගමික වතාවත් ගරු කළයුතු අතර පුලන්නන් සඳහා උදව් කිරීම ශුභයි. ශ්‍රමණ බමුණන් උදෙසා ගරුබුහුමන් කිරීම, දානමානාදිය දීම මැනවි. පත්තිනි දෙවඟනට පුද පූජා පැවැත්වීම ඉතා හොඳයි.

සිංහ

ලග්නාධිපති රවි ගුරු සමග 9 වැන්නේද සඳු 11 වැන්නේද කේතු 2 වැන්නේද කුජ ශනි සංයෝගව 7 වැන්නේද රාහු බුධ හා සිකුරු 8 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

තම ස්වයං රැකියාවල යෙදන්නන් ජයගන්නා වසරකි. රැකි රක්ෂාවලදී තරමක් බාධා මතුකරයි. ඉවසීමෙන් ජයගත හැක. හදිසි ලාභ භූමි ලාභ මතු කරයි.

ගෘහජීවිතය ශුභ ඵල දෙයි. අවිවාහක අයට ශුභ මංගල යෝග මතු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. යහපත් කලණ මිතුරු සහයෝගය උදාවෙයි. නව නිවාස ඉදිකිරීම් හෝ ලාභ ලැබීම් හෝ ඇති වෙයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. නව නිලයන් තුළින් ජය ලබයි. වෙළහෙළඳාම් වලින් ද ජය ලබයි.

අධ්‍යාපනික ක්‍රියාවන්වල යෙදෙන්නන් ඉවසීමෙන් ක්‍රියා කළයුතුය. තරග තුරඟ ජයගනී. උගතුන්ගෙන් වියතුන්ගෙන් උදව් උපකාර ලබයි. කෘෂිකාර්මික කටයුතු භූමිය පිළිබඳව කටයුතුවලින් මෙම වසරේ ජයග්‍රහණ ද ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. විදෙස්

රැකියා ලාභ ද ලබයි. දහමට ලැදිව ක්‍රියාකාරකම්වල යෙදේ.

අම්ල පිත්ත රෝග උදරාබාධ රෝග මතු කරයි. ආහාර විෂවීම්වලට හේතුයි. රක්තපාත රෝගද මුත්‍රා ආසාදනද මතුකරයි.

ශුභ වර්ණය – තැඹිලි, ළා දම් ජය අංකය – 01, 06 පවතින පීඩා දමනයට, බෝධි වන්දනා සත්‍ය ක්‍රියාව ශුභයි. දාන ශීලාදි ගුණධර්මවල යෙදීම, ආබාධිත වූවන් උදෙසා හැකි අයුරින් පිහිට වීම උදව් කිරීම ශුභයි. ඊශ්වර, ගණපති පූජා පවත්වා සෙත් ලැබීම මැනවි.

කන්‍යා

ලග්නාධිපති බුධ රාහු සහ සිකුරු සමග 7 වැන්නේද රවි ගුරු සමග 8 වැන්න සහ සඳු 10 වැන්නේද කේතු ලග්නයේද කුජ ශනි සමග 6 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකියා ලාභ ලබයි. රැකියාවන්හි උසස්වීම්වලට හේතුයි. විදෙස් රැකියා බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර මගින් දියුණුවකට හේතුයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹුසැමි අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. අවිවාහකයන්ට මංගල සීනු නාදවෙයි. කලණ මිතුරන් නිසා ජය ලබයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. ව්‍යාපාරවලින් ජය ලබයි. ස්ථීර වාසස්ථාන ලැබීමේ ශක්තිය ඇතිවෙයි. රජුන් මහතුන් ඇසුරට එක්වෙයි.

අධ්‍යාපනික කටයුතුවලින් තම අරමුණු ජයගත හැක. තරග විභාග ජයගනී. අලංකාර දේ සඳහා වැය පස ඉහළ යයි. දේපළ පිළිබඳ පැවති ප්‍රශ්නයක් ශුභවාදීව විස`දේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් නිතර යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරන වසරකි. පුද පූජා කිරීම වැනි දේවල් දියත් කරයි.

සිරසගත රෝග නේත්‍ර රෝග මතුකරයි. දත් පිළිබඳව මුඛයේ රෝගාදියට හේතුයි. මුත්‍රා ආසාදන මතු කරයි.

ශුභ වර්ණය – කොළ, කහ, ජය අංකය 01,-6,

පවතින බාධා ජයගැනීමට ආගමික වතාවත් ගරු කිරීම, ශ්‍රමණ බමුණන් උදෙසා දාන මානාදි ක්‍රියා ගරුකිරීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, අඩුපාඩු සකස් කිරීම ශුභයි. අසරණයන්ට – පුලන්නන්ට උපකාර කිරීම. ශ්‍රී විෂ්ණු දෙවිඳුට පුද පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනා මැනවි.

තුලා

ලග්නාධිපති සිකුරු, රාහු සහ බුධ සමග 6 වැන්නේද රවි ගුරු සංයෝගය 7 වැන්නේද සඳු 9 වැන්නේද කේතු 12 වැන්නේද කුජ සහ ශනි 6 වැන්නේ

ගෝචර මෙම වසර ශුභා ශුභ ඵල දේ.

රැකියාවන්හි තරමක් බාධා මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු ව්‍යාපාරවලත් ජය ගෙනදෙන වසරකි. හදිසි ලාභද ලබයි. අය වැය සම තත්ත්වයේ පවතී.

ගෘහ ජීවිතය ශුභයි. තම ඥාතීන් අතර ප්‍රධාන වේ. අවිවාහකයින්ට මංගල සීනු නද වෙයි. ගමන් බිමන් බහුලයි. විදෙස් ගතවීම්වලට ශුභයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට ජය ලබයි. භූමි ලාභ, භූමි සම්පත්වලත් ජය දෙයි.කෘෂිකාර්මික කටයුතුවලින්ද ජයග්‍රහණ ලබයි.

අධ්‍යාපනික කටයුතුවලින් ජය ගෙන දෙයි. තරග තුරගවලින් ජයගෙනදෙන වසරකි. තරමක් අලස ගති මතු කරයි. නව නිර්මාණ තුළින් ජයගෙන දෙන වසරක් බැවින් ඒ සඳහා යොමුවීම ඉතා හොඳයි සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජයග්‍රහන හොඳයි. ආගමික ක්‍රියාවන්ද ගරු කරන අතර පරෝපකාරීව ක්‍රියාකරන වසරකි.

අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. ශල්‍ය කර්ම කරවන රෝගද ගෙනදෙයි. රත්තවාත රෝග ප්‍රමේහ රෝගද මතු කරයි.

ශුභ වර්ණය – ක්‍රීම්, සුදු,

ජය අංකය – 02, 07,

පවතින බාධා සඳහා ආගමික වතාවත් ගරු කිරීම. බෝධි පූජා සත්ක්‍රියාවේ යෙදීම, සිරකළ සතුන් නිදහස් කර හැරීම, දුගී, මගී, යාචකාදීන් සඳහා දානමය පුණ්‍යකර්මවල යෙදීම, සමන්, දැඩිමුණ්ඩ දේවතාවන් උදෙසා පුද පූජා ගරු බුහුමන් කර ආශිර්වාද ලබා ගැනීම ශුභයි.

වෘශ්චික

ලග්නාධිපති කුජ, ශනි සමග සංයෝගව 4 වැන්නේද රාහු, බුධ සහ සිකුරු සංයෝගව 5 වැන්නේද රවි, ගුරු සංයෝගය 6 වැන්න සහ සඳු 8 වැන්නේද කේතු 11 වැන්නේ ගෝචර වීම ශුභා ශුභ ඵලද වෙයි.

රැකියා සහ රැකියා බලාපොරොත්තු වූවන්ට අරමුණු ජයගනී. ව්‍යාපාරවල යෙදෙන්නන්ට සහ ස්වයං

රැකියාවල යෙදෙන්නන්ට ශුභයි. ධන ලාභද මතු කරයි. අයවැය සම තත්ත්වයේ පවතී.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි දෙදෙනා අතර සමීපතාව වර්ධනය වෙයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීම අවිවාහකයන්ට ශුභයි. ස්ථානවල පදිංචිය ද වෙනසකට හේතුයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද සහභාගි වීමේ සංවිධානය කිරීමේ අවස්ථා යෙදේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභදායකයි. අලස ගති මතුවීම ශුභවාදී නොවේ. සෞන්දර්ය කටයුතුවලින් ජයගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියාවන් යෙදේ. මුදල් යොදවා කරන ක්‍රියාවන්ගෙන් ජයග්‍රහණ ලබයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. අධ්‍යාත්මික ගුණවගාවන්වලට යොමු වන පුද පූජා ගරු කරන වසරකි.

ලේ ආශ්‍රිත රෝග සාදයි. අමාශගත රෝග, අම්ල පිත්ත රෝග සාදයි. බඩවැල් ආශ්‍රිත රෝග මූලාර්ෂස් රෝග මතුකරයි.

ශුභ වර්ණය – රතු, දුඹුරු, ජය අංකය – 01, 08,

පවතින පීඩා සඳහා දහමට ලැදිව ආගමික පුද පූජාවල යෙදීම ශුභයි. බෝධි වන්දනා සත්‍ය ක්‍රියාව ශුභයි. ගිලන් උපස්ථානය ශුභයි. යාචකාදීන්ට සැලකීම, ආබාධිතයන්ට සැලකීම ශුභයි. කතරගම දේව පූජා පැවැත්වීම සෙත් ලබා ගැනීම ශුභයි.

ධනු

ලග්නාධිපති ගුරු, රවි සමග සංයෝගව 5 වැන්නේද සඳු 7 වැන්නේද කේතු 10 වැන්නේද කුජ ශනි සමග 3 වැන්නේද රාහු සහ බුධ සිකුරු 4 වැන්න ගෝචර මෙම වසර ශුභා ශුභ ඵලදේ.

රැකියා ලාභ ලබයි. උසස්වීම් වැනි දේවලට හේතුයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. තම ව්‍යාපාර ජය දෙයි. හදිසි ලාභද ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර මංගල සීනු හඬවන වසරකි. ප්‍රීති සාද මංගල උත්සව යෙදේ. ඒවා සංවිධානයටද හේතුයි. නව නිවාස ලාභ ලබයි. තම තත්ත්වයේ උසස් වීමකට ද හේතුයි. විදෙස් ගමන් බලාපොරොත්තු වූවන්ට මහත් ජයයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ටද ශුභ වසරකි. තම අරමුණු ජයගනී. උගතුන්ගෙන් වියතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් තෑගි ලබයි. කාර්මික ක්‍රියා පතල් කැණීම් ආදියෙන් ජය ගෙන දෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. පුද පූජාවල යෙදෙන සංවිධානය කරන වසරකි.

අම්ලපිත්ත රෝගයකට හේතුයි. ආහාර විෂවීම්වලට හේතුයි. රත්ත වාත ප්‍රමේහ වාත රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – කහ, රෝස,

ජය අංකය – 03, 06,

පවතින බාධා ජය ගැනීමට පහත සඳහන් පූජා විධි අනුගමනය මැනවි. බෝධි වන්දනා සත්‍ය ක්‍රියාවේ යෙදීම, දාන සීලාදී ගුණධර්ම දියත් කිරීම, පුලන්නන් උදෙසා උදව් දීම, භ්‍රමණ බමුණන් උදෙසා දාන මාන පූජා පැවැත්වීම, විෂ්ණු, බ්‍රහ්ම, ඊශ්වර, ශ්‍රී මූර්තිය ගරු කිරීම, පූජා පැවැත්වීම මැනවි.

මකර

ලග්නාධිපති ශනි, කුජ සමග 2 වැන්නේද රාහු, බුධ සහ සිකුරු 3 වැන්නේද රවි ගුරු සමග 4 වැන්නේද සඳු 6 වැන්නේද කේතු 9 වැන්නේද ගෝචර මෙම වසර තරමක් ශුභයි.

රැකියා ලාභ ලබයි. පවතින රැකියාවන්හි උසස්වීම්වලට හේතුයි. තම ව්‍යාපාරවලද දියුණුවක් දැකිය හැක. තැන්පත් ධනය සම වෙයි. හදිසි ලාභද දෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අනවශ්‍ය සබඳතා වර්ධනය වෙයි. නිලතල ලාභ ලබයි. භූමි ලාභ සම්පත් මතු කරයි. ප්‍රේම සබඳතා ඇතිවෙයි. රහස් සබඳතාවන්ද ඇති වෙයි. අවිවාහකයන්ට ශුභයි. මංගල යෝග උදාවෙයි. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභවාදී ඵලදෙයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. තරග තුරගාදියෙන් ජය ගනී. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන කරුණු කාරණා යෙදේ. කෘෂි කාර්මික කටයුතුවලින් පතල් කැණීම් තුළින් ජයග්‍රහණ දෙයි. නව නිර්මාණ සෞන්දර්ය ක්‍රියා ආදියෙන් ජය ලබයි. ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන්වල යෙදේ.

සන්ධි ප්‍රදාහ රෝග, මානසික රෝග සාදයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි. ශිරෝ රෝගද මතු කරයි.

ශුභ වර්ණය – දම්, දුඹුරු,

ජය අංකය – 03, 08,

පවතින පීඩා දුරු කර ගැනීමට ආගමික වතාවත්වල යෙදීම, බෝධි වන්දනා සත්‍ය ක්‍රියාවන්හි යෙදීම, ශ්‍රමණ භ්‍රමණයන්ට දානමානාදිය පිදීම, අසරණයන්ට හැකි අයුරින් පිහිට වීම, මහා විෂ්ණු දෙවිඳුට පුද පූජා දී ආශිර්වාද ලබාගැනීම ආදිය ශුභයි.

කුම්භ

ලග්නාධිපති ශනි කුජ සමග සංයෝගව ලග්නයේද සිකුරු බුධ සහ රාහු සමග 2 වැන්නේද රවි ගුරු සංයෝගව 3 වැන්නේද සඳු 5 වැන්නේ සහ කේතු 8 වැන්නේ ගෝචර මෙම වසර ශුභයි.

රැකියා ලාභ ලබයි. රැකියාවන්හි උසස් වීම් තම ව්‍යාපාරවල පහැදිලි දියුණුව පෙනේ. තම තැන්පතු ධනය වර්ධනය වෙයි. හදිසි ලාභ ලබන වසරකි.

ගෘහ ජීවිතයට සුබ දායකයි. අඹු සැමි සුහදතාව වර්ධනය වෙයි. ප්‍රේම සබඳතා රහස් සබඳතා ඇති වෙයි. අවිවාහක අයට ශුභ වසරකි. අරමුණු ජයගනී. භූමිය පිළිබඳ කටයුතුවලින් ජය දෙයි. පතල් කැණීම්වලට ඉතා හොඳයි. නව ව්‍යාපාර ඇරඹීමට නිවාස සෑදීමට හැකිවන වසරකි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. තරග විභාග ජයගනී. නව කර්මාන්ත සැලසුම් කරයි. අන්සතු දේපළ උරුමයන්ට ද හේතුයි. ස්වයං රැකියාවන්වලින් ජය දේ. ආගමික වතාවත් ගරු කරන අතර මෙම වසර පුණ්‍යකාමී ක්‍රියාවන්හි යෙදේ. විදෙස් ගතවීම් සඳහා අවස්ථා යෙදෙන වසරකි.

සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝගාදියට හේතුයි. වාතාධික රෝග ඉස්මතු කරයි. හමේ රෝග මුත්‍රා ආසාදන අර්ෂස් වැනි රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – නිල්, දම්,

ජය අංකය – 05, 09,

පවතින පීඩා දුරු කිරීමට බුද්ධ පූජා වන්දනාදියෙහි යෙදීම, බෝධි වන්දනාව සත්‍ය ක්‍රියාව කිරීම, ශ්‍රමණ බමණන්ට ගරු කිරීම, පුද පූජා පැවැත්වීම, ශ්‍රී විෂ්ණු දෙවි, පත්තිනි දෙවි උදෙසා පූජා පවත්වා සෙත්කර ගැනීමට ශුභයි.

මීන

ලග්නාධිපති ගුරු, රවි සමග 2 වැන්නේද සඳු 4 වැන්නේද කේතු 7 වැන්නේ සහ කුජ ශනි සංයෝගව 12 වැන්නේද සිකුරු බුධ සහ රාහු සමග ලග්නයේද ගෝචර මෙම වසර තරමක් ශුභයි.

රැකීරක්‍ෂා සාමාන්‍ය ලෙසින් පවතී. තම ව්‍යාපාරවල ජය ගනී. භූමි ලාභ සම්පත් ලබයි. තම තැන්පත් ධනය වර්ධනය වේ. හදිසි ලාභද ලබයි.

ගෘහ ජීවිතය ද ශුභයි. අඹු සැමියන් අතර වාද භේද ඉවත් වේ. තම ඥාතීන් අතර ප්‍රධානවේ. ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. අවිවාහකයන්ට මංගල සීනු හඬවන වසරකි. නිවාස ලාභ ලැබීම් ගෙවල් අලුත්වැඩියා යෙදේ. වාහන ලාභද ලබයි.

අධ්‍යාපනයට හොඳයි. නමුත් අලස ගති මතු කරයි. උනන්දවෙන් ක්‍රියාකළ යුතු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. ජනප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. පෙනෙන් නොපෙනෙන් සතුරු බලපෑම් එල්ල වේ. බුද්ධියෙන් ජයගත හැක. තරමක් ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි වැඩිදුර යොමුවන වසරකි.

වාත රෝග ඉදිමීම් රෝග ස්නායු රෝග මතු කරයි. ශිරෝ රෝග ද මතු කරයි. මුත්‍රා ආසාදන මතු කරයි.

ශුභ වර්ණය – කහ, දම් ජය අංකය – 04, 09,

පවතින පීඩා දුරු කිරීමට දහමට අවතීරණ වීම, ආගමික පුද පූජා ගරු කිරීම, බෝධි වන්දනා සත්‍ය ක්‍රියාවේ යෙදීම, ශ්‍රමණ බමුණන් ගරු කිරීම, පූජා පැවැත්වීම, දාන මානාදී කුසලවල යෙදීම, ඊශ්වර බ්‍රහ්ම පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

සිංහල අලුත් අවුරුද්දේ ඔබේ ලග්නයට කොහොමද?


ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී සහ ආයුර්වේද වෛද්‍යාචාර්්‍ය
යක්කල වීරවංශ පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment