සිංහල ඉතිහාසය – සඳහිරු සෑය හසලක ගාමිණි මතක්වීම

4578

‘‘සඳහිරු සෑය” විවෘත කෙරුණු දිනයේදී මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ද කැඳවා තිබිණි. එය ඉතා වැදගත්ය. අභීත රණවිරු  ගාමිණී කුලරත්න මහතාගේ මව එනම්  වයි. ජී. ජුලියට් මාතාව සහ රණවිරු පවුල්වල සාමාජිකයන්, සඳහිරු සෑයට මුලින්ම මල් පූජා කළ පිරිසට අයත් විය. ඔවුනගේ මෙහෙය කිසිවිටක අමතක කළ යුතු නැත. හසලක ගාමිණී කුලරත්න රට වෙනුවෙන් දිවි පුදා පසුගිය ජුලි 14 වැනිදාට වසර 30ක් සපිරිණි. යාපනය අලිමංකඩ යුද හමුදා කඳවුරට පහරදීමට පැමිණි කොටි බුල්ඩෝසරයකට පැන එය පුපුරුවා හැර සිය කඳවුර බේරා ගැනීමට තරම් ඔහු නිර්භීත විය.

 සිංහල ජාතියේ ආරම්භය සිදුවූ ලෙස සලකන විජයාගමනය සිදු වූයේ වෙසක් පසළොස්වක දිනයකය. ඒ අනුව ආරම්භයෙන්ම ජාතියට වැදගත් වූ වෙසක් පොහෝ දිනය ලක්දිව බුද්ධාගම ප‍්‍රතිෂ්ඨාපනය කළ පසුව මෙරට පාලනය කළ රජවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් වර්ෂයක් පාසා අතිශය උත්කර්ෂයෙන් සමරා ඇති බව මෙරට ඓතිහාසික ලේඛනවලට අනුව පෙනේ. මහාවංශයට අනුව මෙරට මුලින්ම වෙසක් පූජෝත්සව පවත්වා ඇත්තේ දුටුගැමුණු රජතුමාය. එතුමාට වෙසක් උත්සව පැවැත්වීමට ප‍්‍රධාන සාධකයක් වූයේ රුවන්වැලි මහ සෑය ඉදිකිරීමේ වැඩ ආරම්භ කළේ වෙසක් පොහෝ දිනයක විසා නැකතට වීම නිසාය. එතුමාගේ පිං පොත අනුව වාර්ෂික උත්සව විසි හතරක් පැවැත්වූ බව මහාවංශයේ සඳහන් වේ.

 ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් සිවු බුදුවරයන් වහන්සේ විසින්ම පූජනීයත්වයට පත් කරන ලද පුණ්‍ය භූමියකි. බුරුමයේ ස්වේදගොන් මහා සෑයේ ද සිවු බුදුවරයන් වහන්සේලාගේ ධාතු නිධන්කර ඇති බව එරට බෞද්ධයෝ පවසති. ස්වර්ණමාලී මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන දිනයේ දී විවිධ දේශයන්හි වැඩ සිටි මහ රහතන් වහන්සේ ලක්ෂ ගණනින් අහසින් මෙම උතුම් පුණ්‍ය භූමියට වැඩම කර තිබේ. අනාගතයෙහි මහා සෑයට වන උවදුරු දුරු කිරීමත් බොහෝ කාලයක් ස්ථිරව පැවතීම පිණිසත් එහි අත්තිවාරම ශක්තිමත් කළ යුතු හෙයින් ඍද්ධිබල සම්පන්න මහ රහතන් වහන්සේ විසින් අධිෂ්ඨාන කොට චෛත්‍යයෙහි පේශා වළලූ තුන නව වතාවක්ම ගිලා බැස්වූ බවද ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර රාජධානිය බිඳ වැටීම් හේතුවෙන් ඒ කාලය තුළ ගරා වැටී ගිය එම මහා සෑය 1873 දී නාරංවිට සුමනසාර හිමියන් විසින් ප‍්‍රතිසංස්කරණය කරවීය. ”අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය වර්ධන සමිතිය” පිහිටුවා හුනු පිරියම් කිරීමේ ආදි කටයුතු නිසි අයුරෙන් සිදු කරමින් අනාගත පරපුර උදෙසාත් මෙම මහා සෑය ආරක්ෂා කර ගැනීම පිණිස නිරන්තරව කටයුතු සිදු කෙරේ. මේ ඉතිහාසය මතක් කරනු ලැබුවේ කවර හේතු නිසාද? වසර 1700 කට පසුව මහා සෑයක් පසුගිය ඉල් පොහෝදා ජාතියට දායාද කරනු ලැබූ නිසාය. එහෙත් මේ සඳහිරු සෑය පිළිබඳව නිරාගමිකයින් මෙනම් බෞද්ධ විරෝධීන් ද කලබල වී ඇත. මෙයට හේතුව කුමක්ද? රණවිරුවන්ගේ ශ‍්‍රමයෙන් මෙන්ම ඔවුනගේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ මේ මහා සෑය ගැන විපක්ෂ මතධාරීන් උරණව අදහස් දක්වන්නේ කුහකකමටද නැත්නම් ඉරිසියාවටදැයි අපට පැහැදිලි නැත. සඳහිරු සෑය යුද ස්මාරකයක් නම් නොවේ. එහෙත් බෞද්ධ විරෝධියෝ කාටුන් ඇඳ මෙය නිර්මාණය කර ඇත්තේ මිනී ඇටකටු මත බව රූපනය කරති. මේ තර්කයට අනුව ගැමුණු රජ ඉදිකළ රුවන්වැලිසෑයත් යුද ස්මාරකයකි. මන්ද එළාර යුද්දයෙන් පරාජය කිරීමෙන් පසුව ඔහු මේ චෛත්‍ය කර්මාන්තය සිදු කළේය. සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන ලෙස ලැබුණු ආරාධනාව, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ බවත් බුදු දහමට අනුව, යුද්ධයකින් ජය ලැබූවෙකු නැති බවත්, අනාගතයේ යම් දිනෙක සඳහිරු සෑය වෛරයේ සංකේතයක් බවට පත්විය හැකි බවත් උන්වහන්සේ විසින් පවසා ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළවිය. මහාචාර්ය හිමියන්ට තමන්ගේ අදහස් දැක්විය හැක. නමුත් මෙය ශාසනික ප‍්‍රකාශයක් නොව දේශපාලන ප‍්‍රකාශයකි. දේශපාලන කෝණයෙන් සඳහිරු සෑය දෙස බලන්නේ නම් එය කළුපාටට පෙනෙනු ඇත. එවන් පුද්ගලයන් ගැන අනුකම්පා කිරීම හැර අන්කවරක් කරන්නද? සඳහිරු සෑය ජාතියට දායාද කළ දිනය සිංහල ඉතිහාසයේ ඉතා වැදගත් දිනයකි. නමුත් නිරාගමිකයෝ ධවල චෛත්‍යයේ ලේ දකිති. 2014 වසරේ නොවැම්බරයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අනුරාධපුරයේ එජාප බලමණ්ඩල  රැස්වීමකදී ප‍්‍රකාශ කර තිබුණේ කුමක්ද? ‘‘මහා විහාරය කඩා මහසෙන් රජු ජේතවනාරාමය ඉදි කළා. රුවන්වැලිසෑයට ඉහළින් ඒ දාගැබ ඉදිකළ නිසා මහසෙන් රජුගේ මහ ඇමැති අභය ඔහුට එරෙහි වුණා. චෝල ඇමැති මරා දැමුනා. පරාක‍්‍රමබාහු රුවන්වැලි සෑයට ඉහළින් දාගබැක් සෑදීමට ගියේ නැහැ. ඕලන්ද කාලයේවත් එහෙම කළේ නැහැ. සුද්දන් පල්ලියක්වත් හැදුවේ නැහැ. කාලිංගමාඝ එවැනි දෙයක් කළේ නැහැ. දැන් වෛතුල්‍යවාදය රටට ගෙනල්ලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රුවන්වැලි සෑයටත් වඩා ලොකු දාගැබක් අනුරාධපුරයේ හදනවා මේ වෛතුල්‍යවාදය පරදවා මහා විහාරය ආරක්ෂා කිරීම අපේ ප‍්‍රධාන කාර්ය වෙන්න ඕනෑ”

 ඇත්තෙන්ම යහපාලනය බලයට පත්වූ පසු සඳහිරු සෑයට දක්වනු ලැබුවේ කුඩම්මාගේ සැලකිලිය. 2016 මෙය ජාතියට දායාද කිරීමට මුලින් සූදානම්ව පැවතියද නැවත රාජපක්ෂ පාලනයක් පැමිණෙන තෙක් මෙහි කටයුතු ඉබිගමනේ සිදුවිය. එහෙත් 2019 නොවැම්බරයෙන් පසු මෙහි කටයුතු වේගවත් වූ නිසා පසුගිය පොහෝ දිනයේ මේ මාහැ`ගි චෛත්‍යය ජාතියට විශේෂයෙන් ථෙරවාදී ලෝකයට දායාද කිරීමට හැකිවිය. පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප හිමියන්ගේ මුහුණු පොතේ මේ සෑය විවෘත කෙරුණු දිනයේ වැදගත් සටහනක් යොදා තිබිණි. එය බෞද්ධයන්ගේ පහන් සංවේගය සඳහා මෙලෙස දක්වමි. බුදු සසුන ලොව පවතින කාලයක මහා සෑයක් ගොඩනගද්දි, ඔබට ඒ සඳහා ශ‍්‍රමයෙන් හරි සම්බන්ධ වෙන්න බැරි වුණත්” අනේ සාදු. මටත් ඒ පින අනුමෝදන් වෙනවා” කියල හදවතින්ම අනුමෝදන් වෙන්න. පිනක් දැකල හිත පහදින්නත් පිනක් තියෙන්න ඕනෑ.

 ‘‘සඳහිරු සෑය” විවෘත කෙරුණු දිනයේදී මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ද කැඳවා තිබිණි. එය ඉතා වැදගත්ය. අභීත රණවිරු ගාමිණී කුලරත්න මහතාගේ මව එනම් වයි. ජී. ජුලියට් මාතාව සහ රණවිරු පවුල්වල සාමාජිකයන්, සඳහිරු සෑයට මුලින්ම මල් පූජා කළ පිරිසට අයත් විය. ඔවුනගේ මෙහෙය කිසිවිටක අමතක කළ යුතු නැත. හසලක ගාමිණී කුලරත්න රට වෙනුවෙන් දිවි පුදා පසුගිය ජුලි 14 වැනිදාට වසර 30ක් සපිරිණි. යාපනය අලිමංකඩ යුද හමුදා කඳවුරට පහරදීමට පැමිණි කොටි බුල්ඩෝසරයකට පැන එය පුපුරුවා හැර සිය කඳවුර බේරා ගැනීමට තරම් ඔහු නිර්භීත විය. හසලක ගාමිණි රණවිරුවා එම බුල්ඩෝසරය එහිදී විනාශ නොකළා නම් අලිමංකඩ කඳවුර තුළ සිටි යුද හමුදා සෙබළුන් දහස් ගණනකගේ ජීවිත විනාශ වන්නට ඉඩ තිබිණි. හසලක ගාමිණීගේ මෙම නිර්භීත කැප කිරීම වෙනුවෙන් ඔහුට පරම වීර විභූෂණ සම්මානය ද පුද කෙරිණි. 1966 සැප්තැම්බර් 22 වැනිදා හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් රණවිරු ගාමිණී කුලරත්න 6 දෙනකුගෙන් යුත් පවුලේ 2 වැන්නා විය. සාමාන්‍ය සෙබළෙකු ලෙස හමුදා සේවයට එක්වූ ගාමිණී කුලරත්න මියයන තෙක් ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. පසුව ඔහුව සිහිවීම පිණිස පිළිරූ දෙකක් ද ඉදිකරනු ලැබූ අතර ඉන් එකක් ඔහු දිවිපි¥ අලිමංකඩ හමුදා කඳවුර අසලත් අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප‍්‍රදේශය වූ හසලක නගරයේත් ඉදිකර තිබේ. දැන් සමහරුන්ට යුද්ධයක් තිබ්බාද කියාවත් මතකයක් නැත. 2010 වසරේ නොවැම්බර් 22 මෙම සෑයට මුල්ගල් තබන ලදී. රට වෙනුවෙන් දිවි පි¥ රණවිරුවන් හා රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් කළ ගුණ සැලකීමක් ලෙස ඉදි කරන්නට යෝජිත වූ මේ සෑයට ආරම්භයේදී ‘රණවිරු සෑය’ යන නම යොදන්නට තීරණය කළද පසුව එය සඳහිරු සෑය යන නමින් හඳුන්වන්නට වූයේ සඳ හිරු පවතිනා තුරු විරාජමානව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් යුක්තවය. සෑය ඉදි කිරීමේදී රජයට බරක් නොවන සේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම රණවිරුවන්ගේ වැටුපෙන් ඉතා සුළු මුදලක් ලබා ගෙන එහි ඉදි කිරීම් කරන්නට යෝජනා වී තිබුණි. නමුත් අද මේ මහා කාර්යට නිග‍්‍රහ කරන්නෝ බලාපොරොත්තු වන්නේ කුමක්ද? එහෙත් මෙය නූතන බෞද්ධ ප‍්‍රබෝධයේ එක් වැදගත් කඩඉමක් වන බව නම් සහතිකය. ලෝකයේ ලොකුම නත්තල් ගස ඉදිකළ ආණ්ඩුවක් අපට තිබුණු බව මෙරට බෞද්ධයන් අමතක කළ යුතු නැත. ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් සමස්ත ශ‍්‍රී ලංකාවම මුදා ගැනීම 2009 වසරේ මැයි මස 19 වැනිදා සිදුවිය. ඒ මුදාගැනීම වෙනුවෙන් මෙරට ත‍්‍රිවිධ හමුදාවේම 29,000කට අධික පිරිසක් දිවි පුද කළහ. යුද හමුදාවේ පමණක් 20,474 මෙන්ම දිවි පුද කළ අතර අතුරුදන් පිරිස 3488කි. ගුවන් හමුදාවේ 443 දෙනකු දිවි පි¥ අතර 236 දෙනකු ආබාධිත තත්ත්වයට පත්විය. එය නාවික හමුදාවේ 1,168 කි. මීට අමතරව පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේද දහස් ගණනක් මිය යන ලදී. ඔවුන් එදා ජීවිත පූජා නොකළානම් අප අපට ජීවත්වන්නට රටක් ඉතිරි වන්නේ නැත. මේ ඉතිහාසය කිසිවිටක අමතක කළ යුතු නැත. අද සඳහිරු සෑයට නිග‍්‍රහ කරන්නෝ සිදු කරන්නේ ඒ ජාතියට වෙනුවෙන් දිවිදුන් අයට පරිභව කිරීමකි. නමුත් තවත් වසර දහසක් ගියත් සම්බුදු සසුන පවතිනතාක් සඳහිරු සෑය මුළු බෞද්ධ ලෝකයටම ආලෝකයක් වනු ඇත.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment