සිංහල ගීතයේ මැදුම් පිළිවෙත කේ.ඩී.කේ.

2335

සිංහල සංස්කෘතියේ මූලික පදනම වැටී තිබෙන්නේ බෞද්ධ චින්තනය ඔස්සේ පෝෂණය වීමෙන් ය, යන්න අවිවාදිත ය. ප‍්‍රාග් මහින්දාගමන අවධීයේ සිට ම මෙරට ශිෂ්ටාචාරය බෞද්ධ පදනම ඔස්සේ ගොඩනැ`ගී තිබෙන ආකාරය මේ වන විට පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ ද තහවුරු වෙමින් තිබේ. බුදුරජාණන් වහන්සේ මෙරටට තුන්වරක් වැඩම කිරීමෙන් පසු ලක්දිව ජන සංස්කෘතිය ථෙරවාද බෞද්ධ මුහුණුවරකින් යුක්ත ව විකාශනය වූ බව යථාර්ථයකි. ඒ බව වඩාලාත් විවෘත ව ප‍්‍රකට කරන්නා වූ අවස්ථා, දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන ‘මීපැණි පූජාව’ වැනි ආදිවාසීන් ගේ විවිධ ආධ්‍යාත්මික පිළිවෙත්වලින් අදටත් විද්‍යමාන වේ. සරල උදාරත්වයෙන් හෙබි බෞද්ධ සම්ප‍්‍රදාය මෙරට තුළ පැළපදියම් වන්නට නිවර්තන කලාපීය පාරිසරික පද්ධතිය අඩුවැඩි වශයෙන් පිටිබල දී තිබෙන බව මෙබ`දු සියලූ සංසිද්ධීන් ඔස්සේ ශාස්ත‍්‍රීය වශයෙන් ද සකාරණ ව ඔප්පු කළ හැකි ය.

සිංහල භාෂාව අරබයා මහා විහාරය සහ අභයගිරිය අතර සිදු වී තිබෙන භාෂාත්මක සංවාදය පවා වැදගත් වන්නේ සිංහල සංස්කෘතිය සහ බෞද්ධ චින්තනය අතර තදනන්තර ව බැඳී තිබෙන ආධ්‍යාත්මික පදනම නිසා ය. මේ බව සිංහල කාව්‍යාවලියෙන් ද නිරූපිත ය. ගී කාව්‍ය යුගයෙහිලා පණ්ඩිතමානී සංස්කෘත සාහිත්‍යයෙන් ඔද වැඩුණු කුසදාවත (කව්සි`ඵමිණ), මුවදෙව්දාවත සහ සසදාවත කෘති සනිදර්ශනය වන්නා සේ ම, සිංහල ජන කවීන් ගේ නිර්ව්‍යාජ, ස්වායත්ත ආධ්‍යාත්මික සංකල්පනාවලින් රචනා කර තිබෙන සීගිරි කුරුටු ගී ද, ඒ හා සමාන අසමාන කවිත්වයකින් පිළිබිඹු වන බව පැහැදිලි වේ.

සිංහල ගීතයේ මැදුම් පිළිවෙත කේ.ඩී.කේ.
කේ.ඞී.කේ. විවාහ වූ දින…

මේ අනුව චිරන්තන සාහිත්‍ය සමයෙන් උද්ධෘත කළ හැකි වන්නේ සම්ප‍්‍රදාය අභිබවා, ‘මනසා චෙ පසන්නේන’ දැක්මෙන් යුක්ත මධුර සංකල්පනා බලවත් වී තිබෙන ආකාරය ය. සිංහල ගීතාවලියේ විශිෂ්ට රචකයෙකු ලෙස විචාරක රසික ප‍්‍රසාදය ලද කේ.ඩී.කේ. ධර්මවර්ධන යනු, ඉහත ස`දහන් බෞද්ධ සංස්කෘතික පරිසරයෙහිලා හැදුණු වැඩුණු, කෘතඥානයෙන් සපිරි අනන්‍යතාවක් සනිටුහන් කළ ප‍්‍රතිභාපූර්ණ සාහිත්‍යධරයෙකි.

මහනුවර ප‍්‍රදේශයේ ඉපිද, ධර්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, මල්වතු මහා විහාරවාසී ව වැඩ සිටි වෑඋඩ දේවමිත්ත ස්වාමීන් වහන්සේ යටතේ බෞද්ධ සාහිත්‍යය උගත් කේ.ඩී.කේ. ගේ නාමරූප වාසගම ධර්මවර්ධන වීම ම අහම්බයක් විය නො හැකි ය. වඩා ගැඹුරින් විමර්ශනය කරන කල්හි ප‍්‍රකට වන්නේ කේ.ඩී.කේ. විසින්, ස්වකීය කෙටි ජීවිත කාලය තුළ වුව, සිංහල ගීතයෙහි ලා ඇපකැප වෙමින් කලා ධර්ම වර්ධනය කරන ලද බව ය. ඒවා විවිධ ය.

දශක දෙකක පමණ ඇවෑමෙන් කේ.ඩි.කේ. ධර්මවර්ධන ගේ ගීත නිර්මාණ අළලා 1979 මාර්තු 29වැනිදා වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණා ශාලාවේදී සංවිධානය කර තිබුණු ‘කුමරියක පා සළඹ සැලූණා’ ගීත ප‍්‍රසංගයට සහභාගි වී ඇති ගායනවේදීන් ගේ සහ ගායනවේදිනියන් ගේ නාම ලේඛනයෙන් ද තහවුරු වී තිබෙන්නේ, ‘සම්භාව්‍ය’ හෝ ‘ජනප‍්‍රිය’ නාමකරණයෙන් යුක්ත කවර හෝ අන්තයකට නො වැටී, නිදහස්කාමී මනසකින් ඔහු සියලූ ක්‍ෂේත‍්‍රවල සැරිසරා ඇති ආකාරයකි. ඒ මෙසේ ය.

අමරදේව, වික්ටර්, සනත්, මිල්ටන්, ලතා, නන්දා මාලිනී, සුජාතා, ප‍්‍රියා, බාලසූරිය, නිර්මලා, මර්වින්, සුනිල්, ෆිලික්ස්, සිසිර, ඉන්ද්‍රාණි, ජෝති, ත‍්‍රීසිස්ටර්ස්, වින්සන් පේ‍්‍රමසිරි, කන්දේපොළ, ගේ‍්‍රෂන්, ටී.එම්. ජයරත්න, චන්ද්‍රිකා, එම්.එස්., චන්ද්‍රකුමාර්, බන්දුල විජේවීර, ක්ලැරන්ස්, වරකාගොඩ.

උක්ත ප‍්‍රසංගය උදෙසා නිර්මාණය කරන ලද පෝස්ටරයේ දැක්වෙන්නේ, ‘කුමරියක පා සළඹ සැලූණා’ ගීතාවලියට දායක වූ සියල්ලන් ගේ නාමාවලියේ ම ස`දහන් ආකාරයට කවරාකාරයෙන් හෝ එක් ධාරාවකට නතු නො වී, හැඳින්වීම් ද සිදුකර ඇති බවකි. අනෙක් අතට අහංකාරයෙන් තොර, නිර්ව්‍යාජත්වයෙන් යුක්ත ව ස්වකීය රචනා නො පැකිළ ව ඕනෑම අයෙකුට ප‍්‍රදානය කරමින් කේ.ඩී.කේ. ධර්මවර්ධන ගීත කලාවෙහි නිරත වී ඇත්තේ් ස්වාභාවික පාරිසරික රීතිය අනුගමනය කරමිනි. එකල ආධුනිකයෙකු ව සිටි ගේ‍්‍රෂන් ආනන්ද වැනි තරුණ ගායන ශිල්පියෙකුට පවා කේ.ඩී.කේ. ධර්මවර්ධන විසින් සම අසුන් පනවා තිබෙනු පෙනේ. ඔහු ගේ ගීත නිර්මාණකරණයෙහි ප‍්‍රමුඛ වැදගත් විශේෂත්වය වන්නේ, සම්භාව්‍ය භාෂාවෙන් අර්ථ ගන්වන ලද ජනප‍්‍රිය ගීත ආරක් ද බිහිවීම ය.

සිංහල ගීතයේ මැදුම් පිළිවෙත කේ.ඩී.කේ.
සිනමා සක්විති ගාමිණි සමග කේ.ඞී.කේ.

දෙඅදර විලිකුන් සුරත් පළේ, උපුල් කොපුල් වෙහෙසී ඇතේ, නීල බි`ගු කැල, නළවා කිසල ලවන් නළවා, ආදරේ රන්බි`ගුන් නැසූ, පෙම් බැන්ද සිත් බැන්ද, බි`ගු බමා බමා, වැනි ගීත කිහිපය වුව ඊට නිදර්ශනය කළ හැකි ය. භාෂා ඉතිහාසයට සහ වාග් විද්‍යාවට අනුව ලේඛන ව්‍යවහාරයට පෙර කථන භාෂාව උත්පාද වී තිබේ. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා විසින් ද ස්වකීය අදහස් ප‍්‍රකාශ කරන ලද්දේ කථන භාෂාවෙනි. මානව

ශිෂ්ටාචාරයේ පසු අවධියේදී ලේඛන භාෂාව නමින් නව භාෂා ප‍්‍රවර්ගයක් ජනිත වුව ද, මිනිසා ගේ භාව චෛතසිකය වඩාත් ඇසුරු කරනුයේ කථන භාෂාව ය. සංගීත කලාවෙහි ව්‍යවහාරික අංශයට අයත් වන ගීතයට වඩාත් උචිත භාෂා ව්‍යුහය වන්නේ ද කථන භාෂාවට සමීප වාග් සම්ප‍්‍රදායකි. එක් අතකින් ගීතය ලේඛන-කථන සාහිත්‍යාංගයකි. එනම් ගී පද රචනය නම් වූ ලේඛනයේ් ද, ගායනය නම් වූ කථනයේ් ද සමවායෙන් ගීතය නම් වූ සුවිශේෂ කලාංගය නිර්මාණය වන්නේ ය.

කේ.ඩී.කේ. ධර්මවර්ධන විවිධ යුගවල නිර්මාණය කර තිබෙන, සම්භාවිත ගී පද රචනා මේ පුමුඛ ගුණයෙන් ඔපවත් වී තිබෙනු දැකිය හැකි ය. කුමරියක පා සළඹා සැලූණා, මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා, හෝපලූ වනපෙත, සුරංගනා මල් ඇතිරූ මාවතේ, අද හවසට මා හමුවනු මැනවී, මේ අවන්හලේ, කවුදෝ කවුදෝ මා සෙව්වේ වැනි ගීතවලින් නිරුපණ්‍ය වන්නා වූ ව්‍යවහාරික ලක්‍ෂණ වූ කලි වර්තමාන ගී පද සාහිත්‍යකරුවන්ට මාහැ`ගි අත්පොත් වැන්න. භාෂාවේ අර්ථ රසයට හානි

නො වන ආකාරයෙන් එය කථන මාධ්‍යයක් ලෙස භාවිත කරන ආකාරය කේ.ඩී.කේ. ධර්මවර්ධන ගේ ගීත සම්ප‍්‍රදානයෙන් කදිමට නිදර්ශනය වී තිබේ.

නිමල් මෙන්ඩිස් නම් වූ විශිෂ්ට සංගීතවේදියා විසින් පූර්ව නිර්මිත තනුවකට අනුව රචනා කර තිබෙන, නීලා වික‍්‍රමසිංහ ගායනවේදිණිය විසින් ගැයෙන මේ ගී පද රචනය, ඔහු ගේ භාෂාවේ ස්වාමිත්වය උද්ධෘත කරන්නකි. විමසුව මැනවි.

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමී
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි
මා ඔබ වගේ ම ලෝකේ
කඳුළු දුක් සිතේ ලා දිවි ගෙවන්නෙමී
ඒ සුසුම් මගේ
ඔබේ සිනාවේ නොලන්නෙමී

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හ`ඩන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනාසෙමී

මා ලවන් දැලේ බි`ගුන් මුලාවේ රැඳෙන්නෙපා
මා රැ`ගුම් ලතාවේ නුවන් මුලාවේ බැඳෙන්නෙපා


නූතන අවන්හලක, අනුන් පිනවමින් මුදලට නර්තනයේ යෙදෙන නර්තන ශිල්පිනියක ගේ ගැඹුරු, අ`දුරු ආධ්‍යාත්මයේ ජීවන ඛේදවාචකය චිත‍්‍රණය කරනු වස් මෙලෙස රචනා කර තිබෙන ගී පද රචනය බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත ථෙරී ගාථාවක් වැන්න. කාලයේ වැලිතලාවෙන් යට වී ගොස් ඇති මෙවැනි ගීත වුව කේ.ඩි.කේ. ධර්මවර්ධන ගේ ගී පද රචනා සම්ප‍්‍රදානයේ විශිෂ්ටතා පළ කරයි. එසේ ද වුවත් මෙවැනි අප‍්‍රමාණ නිර්මාණ මෙරට විචාරක පර්ෂදවල ඇසට හසු නො වීම, එක් අතකින් සිංහල ගීතයේ ද අභාග්‍යයකි.

කුමාර ලියනගේ

මහ වැස්සක පෙර…

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල් පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලූවියේ
මා දැන් මහලූවියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඞී
සිරිපොද වැස්සේ එක ම කුඩය යට
තෙරපි තෙරපි අර යුවළක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවද
සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා
කබාය ඉරිලා ඊට කමක් නැහැ…

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ඩබ්ලිව් ඞී අමරදේව


අද හවසට මා…

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා

නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමඟින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : සුජාතා අත්තනායක


සයුරු තෙරේ දී…..

සයුරු තෙරේ දී අවන්හලේ දී
දෙනෙතේ කතාවෙන් හිත් යා වුණේ
සිර වී බැඳී ඉන් කිම ද ප‍්‍රියේ අප
තවම කතා නොකළේ

තඹුරු පිපී බඹරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැෙඟ්වි දෝ ඔබගේ ළයේ
එවැනි හැඟුම් රහසේ

පියවි ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැෙඟ්වි දෝ ඔබගේ ළයේ
එවැනි හැඟුම් රහසේ

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැටි‍්‍රක් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි



කුමරියක පා
සළඔ සැලූනා…..

කුමරියක පා සළඔ සැලූනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලූ තුරුවැල් කැකුලූ මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ඩබ්ලිව් ඞී අමරදේව


සිප එන සමනල මුදුනින්….

සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින්
ලංකා රන් තඹර කැකුළ
විකසිත වෙනවා

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී

භූ පාලන නව රැුල්ලේ
එක ධජයක සෙවණැල්ලේ
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුවල සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක


මගෙ හිත පිරී තිබෙන්නේ….

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවෙකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළංකරවා කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා හමුවූ මොහොතේ
මට ඔබ ගැන පවසයි
කඳුළැල් මැදුරේ හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි

පීදෙන පියුමන් දලූලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
යුග ගායනය : අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනි


තරහා වනු එපා …..

තරහා වනු එපා
අයදිමි මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළියකයයි සිතා
ඔබ ඈ වාගෙමයි

පෙනුමින් ගමනින්
ඔබ නම් ඈ සමයි
ඇඳුමින් බැල්මෙන්
ඔබ නම් ඈ සමයි
හසරැුල් පවා
ඇයගේ වාගෙමයි

පාසැල් සමයේ
සිට ඈ හඳුනමී
කලකින් ඈ මා
හමු වී නැහැ යළී
එනිසයි මෙසේ
මතකේ පැටලූණේ

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැටි‍්‍රක් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි



රිදී නිම්නය….

රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය
ඔබය මගේ ජීවිතයේ

මීවිතෙන් තොල් මත් ව යනවා
ඉන් ම හදවත නිසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවිය ම සසල වෙනවා

කවුරු කවදා කෙලෙස කීව ද
තඹුරු හිරු දුටු විගස නොපිපෙ ද
බඹරු වෙනසක් නැතිව සැරුව ද
අපට හිමි සැනසුමක් කොහි වෙද

ගේය පද : කේ ඞී කේ ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : බන්දුල විජේවීර

සිංහල ගීතයේ මැදුම් පිළිවෙත කේ.ඩී.කේ.
advertistmentadvertistment
advertistmentadvertistment