ප්රවීන චිත්රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්යක්ෂවරයෙක් වූ ඇලරික් ලයනල් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වී තිබේ.දශක හතරකට වැඩි කාලයක් සිංහල සිනමාවට නව නිර්මාණ දායාද කිරීමට දායක වූ ඒ මහතා 1978 වසරේ දී අනූපමා චිත්රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට එක් විය.ක්රිස්තු චරිතය, රන්දම්වැල්,මැවිලා පෙනේවි රූපේ,දළුලන ගිනි, සෙනෙහසින් පෑවා,ආදර පූජාසනේ සහ සඳ තාරකා ඇතුළු චිත්රපට රැසක් ඔහු නිෂ්පාදනය කළේය.
අවසන් කටයුතු හෙට (14දා ) සවස නාගොඩ කඳාන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. දේහය මහජන ගෞරවය සඳහා අංක 07 මොරාවත්ත පාර කඳාන ලිපිනය දරණ නිවසෙහි තැන්පත් කර ඇත.