“සිංහ ධේනුව ඇයයි අප හට බොන්න ජය පැන් දුන්නු”

432

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා මෙන්ම මේ වන විට ලොව අංක එකේ එක්දින පිතිකාරිණිය ලෙස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ වැජඹෙන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් පසුගියදා පැවැත්විණි. චමරි අතපත්තු නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් සංවිධානය කර තිබුණු එම උළෙලේදී ඇය වෙනුවෙන් ගීතයක්ද එළිදැක්විණි.

චමරි ගේ පාසල් දිවියේ පටන් ඇයගේ සදාතනික ක්‍රිකට් වීරයා බවට පත්ව සිටින වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය සහ 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා යන මහත්වරු ද චමරි ඇගයීම පිණිස එම උළෙලට එක් වූහ.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් එහිදී චමරි අතපත්තු වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් එම තිළිණය ඇය වෙත ප්‍රදානය කරන ලදී.

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා විසින් ගායනා කරන එම ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය තිළිණ අලහකෝන් මහතා විසිනි.

චමරි අගයමින් ගැයුණු එම ගීතය මෙහි දැක්වෙයි.

ක්‍රිකට් මොණරී

පිටිය මැද්දෙ කොමලී
බැටින් ටික නම් ඔමරී

මගේ ලක්මව
ගෙලේ බැඳි රන්
රුවන් මාලය චමරී

මගේ ලක්මව
ගෙලේ බැඳි රන්
රුවන් මාලය චමරී

චමරී ක්‍රිකට් මොණරී
චමරී ක්‍රිකට් මොණරී
චමරී ක්‍රිකට් මොණරී
චමරී…. ක්‍රිකට් මොණරී

ලොවේ කොඩි ලෙල දුන්නු
හිස කෙලින් කර උන්නු
සිංහ ධේනුව
ඇයයි අප හට
බොන්න ජය පැන් දුන්නු
ක්‍රිකට් මොණරිය
හදේ සොඳුරි
රටට සවියට උන්නු

ක්‍රිකට් සැණකෙළි අස්සෙ
ලකුණු විතරයි වැස්සේ
පුරාවෘත්තය
ලොවේ බැබළෙන
සුබ පැතුම් කොඩි ඉස්සේ
ක්‍රිකට් මොණරීය
වීර කිඳුරී
රටට ඔබ මැණිකක් වේ

චමරී ක්‍රිකට් මොණරී
චමරී ක්‍රිකට් මොණරී
චමරී ක්‍රිකට් මොණරී
චමරී….. ක්‍රිකට් මොණරී

advertistmentadvertistment
advertistmentadvertistment