සිග්නීස් සම්මාන උළෙල (2019 – 2022)

290

සිග්නිස් අන්තර් ජාතික සංව ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 2019/2020 වසර සඳහා පවත්වනු ලැබූ 43 වන උත්තමාචාර සිනමා හා ප්‍රාසාංගික ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා රත්නපුර සමුළුවේ සභාපති බදුල්ල පදවි රදගුරු ගරු වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන්ද, කොළඹ සහයක රදගුරු ගරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ද, ගාල්ල පදවි රදගුරු ගරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් ඇතුළු පූජාප්‍රසාදීන් වහන්සේලා හා පැවිදි සොයුරියන්ගේද, ශ්‍රී ලංකාවේ සිනමා හා නාට්‍ය රංගන ශිල්පීන්ගේද සහභාගිත්වයෙන් සිදුවිය.

සිග්නීස් සම්මාන උළෙල (2019 - 2022)

මෙහිදී විශේෂ ඇගයීම් සම්මානය, ආසියා රදගුරු සම්මේලනය, ජනසන්නිවේදන කොමිසමේ සභාපති ලෙස පත් වූ ගාල්ල පදවි එඩේරාණන්ට හිමිවිය. මෙම අවස්ථාව සිග්නීස් අධ්‍යක්‍ෂ ගරු ලාල් පුෂ්පදේව නි. ම. නි. පූජාප්‍රසාදීන් වහන්සේ ඇතුළු කණ්ඩායම විසින් සංවිධානය කරන ලදී.

සිග්නීස් සම්මාන උළෙල (2019 - 2022)

2020 වසර සඳහා නිර්මාණශීලී වසරේ හොඳම ටෙලිනාට්‍ය සම්මානය තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයට හිමිවිය. එම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ රොෂාන් රවින්ද්‍රට නිර්මාණශීලී හොඳම අධ්‍යක්‍ෂ ස්වර්ණ සම්මානය හිමි විය. ජූරියේ විශේෂ සම්මානය හිමිවූයේ ගිරිදේවි ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ඉන්දික ධර්මතිලකටය.

සිග්නීස් සම්මාන උළෙල (2019 - 2022)

එහිදී හොඳම නළුවා සම්මානය එම ටෙලි නාට්‍යයේම දීප්තගේ භූමිකාව නිරූපණය කළ ධනුක දිල්ශාන්ට හිමි විය.

හොඳම නිළිය ගිරිදේවි ටෙලි නාට්‍යයේ හසාගේ භූමිකාව රඟපෑ ශලනි තාරකාට හිමි විය.

2020 වසරේ නිර්මාණශීලී ප්‍රශස්ත සිනමා නිර්මාණය, සිග්නීස් උත්තමාචාර ස්වර්ණ සම්මානය හිමිවූයේ විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්‍ෂණය හා නිෂ්පාදනය කරන ලද පාංශු චිත්‍රපටයටය. හොඳම අධ්‍යක්‍ෂණය සඳහා ස්වර්ණ සම්මානය හිමිවූයේ පාංශු චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ විසාකේස චන්ද්‍රසේකරම්ටය. නිර්මාණශීලී හොඳම නිළිය ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ එම චිත්‍රපටයේම මවගේ භූමිකාව නිරූපණය කළ නීටා ප්‍රනාන්දු මහත්මියය.

සිග්නීස් සම්මාන උළෙල (2019 - 2022)

එසේම 2019 ජූරියේ විශේෂ සම්මානය නිර්මාණශීලී සහාය නිළිය ලෙස දිනාගත්තේ වීරයා ඇවිත් ටෙලි නාට්‍යයේ අන්ධ මවගේ චරිතය නිරූපණය කළ නෙතලි නානායක්කාරය.

ජූරියේ විශේෂ රංගන ඇගයීම හිමිවූයේ අප අතරින් සමුගත් හයසින්ත් විජේරත්න මහත්මියටය.

2019 නිර්මාණශීලී වසරේ හොඳම නිර්මාණය හිමිවූයේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයටය. එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ මලිත් හෑගොඩට සිග්නිස් උත්තමාචාර ස්වර්ණ සම්මානය හිමිවිය.

2019 වසරේ නිර්මාණශීලී සහාය නළුවා විශේෂ ජූරිය සම්මානය විෂම භාග චිත්‍රපටයේ ගුරුවරයාගේ භූමිකාව නිරූපණය කළ ජැක්සන් ඇන්තනිට හිමිවිය.

නිශේන්ද්‍ර සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment