සිඩ්නි ඝාතකයා ඉලක්ක කර ඇත්තේ කාන්තාවන්

537

ඉකුත් සෙනසුරාදා (13දා) පුද්ගලයන් හය දෙනකුට මරු කැඳවමින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාර්යබහුල සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇණුම් ප්‍රහාරය සිදු කළ ඝාතකයා කාන්තාවන් ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල කර ඇති බව පෙනී යන බව ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

අදාළ පිහි ඇණුම් ප්‍රහාරය පටිගත වී ඇති වීඩියෝ පට නිරීක්ෂණය කිරීමේදී ඝාතකයා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය සිදු කර ඇති බවත් පිරිමින් මගහරිමින් එය සිදු කර ඇති බව පෙනී යන බව ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසා තිබේ. අදාළ පිහි ඇණුම් ප්‍රහාරයෙන් මිය ගොස් ඇති හය දෙනාගෙන් පස් දෙනෙකුම කාන්තාවන් වන අතර මියගිය එකම පිරිමි පුද්ගලයා සාප්පු සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකි. එම ප්‍රහාරයෙන් මාස නවයක දරුවෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබිණි. සිඩ්නි නගරයේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි මංසන්ධියේ පිහිටි සාප්පු සංකීර්ණයක සිදු වූ අදාළ පිහි ඇණුම් ප්‍රහාරය සිදු කළ ඝාතකයා 40 හැවිරිදි ජොයෙල් කවුචි වශයෙන් හඳුනාගෙන තිබේ. පොලිස් පරීක්ෂකවරියක් වන ඒමි ස්කොට් විසින් ඝාතකයාව ලුහුබැඳගොස් වෙඩි තබා මරා දමා තිබේ. ඔස්ට්‍රේලියානු රගර් සමාජයක ජර්සියක් පැළඳ තියුණු පිහියකින් ප්‍රහාරය එල්ල කර ඇති ඝාතකයා මානසික ආබාධයකින් පෙළෙමින් සිට ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment