සිතන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබට හිමිද…?

628

”ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස යන පදයන් හුදු සංකල්පනයට වඩා ඉන් ඔබ්බට යන මිනිස් වර්ගයාගේ පැවත්ම සඳහා අත්‍යාවශ්‍ය වන වටිනාකම් වේ.”

 – නොඑම් චොම්ස්කි –

 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2007 වසරේදී ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන දිනය” ලෙස සැප්තැම්බර් 15 වන දිනය නම් කර ඇත.

 ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම ගැන අවධානය යොමු කිරීමකට, සොයා බැලීමකට, සමාලෝචනයකට මේ දිනය තුළින් අවස්ථාව උදාකර ගැන්ම අපේක්ෂා කෙරේ.

 මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ එන වටිනාකම් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයන් යථාර්ථයන් බවට පත්කර ගනිමින්, වෙනස්කම්වලින් තොරව ඒ උතුම් නිදහසේ ඵල නෙලන වාතාවරණයක පැවැත්ම, මිනිස් වර්ගයා වෙත සහතික කිරීම උදෙසා සැමට ඇති වගකීම ඉටු කිරීමට අද වැනි දිනක අධිෂ්ඨාන කරගත යුතුව ඇත.

 ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් අතර ඇත්තේ දැඩි බැඳීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න හුදු කාලයෙන් කාලයට ඡුන්දයක් පාවිච්චි කර, රටක පාලකයන් තෝරා ගැන්මකට පමණක් සීමාවන්නක් නොවේ. ස්විට්සර්ලන්තය වැනි රටක නම් නිතර නිතර ජනමත විචාරණවලට යමින් තීන්දු තීරණ ගැන්මේ ක‍්‍රියාවලියට ජනතාව සෘජුව සම්බන්ධ කර ගැන්මේ සජීවි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයක නිරතවීම අපි දකින්නෙමු.

 1932 සර්වජන ඡුන්ද බලය ලැබූ අපේ සමාජය අද ඒ අතින් මුහුකුරා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බවට පත්වීම වෙනුවට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම කඩකිරීම් ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයෙන් සහ මිනිස් අයිතීන් ගැන උනන්දු වන ජගත් සංවිධානවලින් ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන සමාජයක් බවට පත්වී ඇත. බලයට ඒමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාවිච්චි කර, ඉන් පසු ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ඔවුන්ගෙන් උදුරා ගන්නා වූ රටවල් ගොන්නට ශ‍්‍රී ලංකාව ද ඇතුළත්ව තිබීම, ශ‍්‍රී ලාංකිකයන් ලෙස කනගාටු විය යුතු තත්ත්වයකි.

 වත්මන් සමාජය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩවීම්වල ඵල විපාක විඳිමින් සිටිනු විනා එවැනි ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමක් සිදු කරනු අද අපට දැකිය නොහැකිය.

 ජනතාව විසින් තමන්ව පාලනය කිරීම සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙස නායකයන් පත්කරගත් පසු ඔවුන් කලක් යන විට ඒකාධිපතියන් බවට හෝ ¥ෂිත වංචාකරුවන් බවට පත්වීම ගැන තොරතුරු කලින් කලට ලොව විවිධ තැන්වලින් වාර්තාවීම අපි දකින්නෙමු. ගෝලීය වශයෙන් ගත් කල ලෝකයේ රාජ්‍යයන් බොහෝමයක නායකයන් ¥ෂණ වංචා සිදුකළ බවට හෙළි වීමත් නැතිනම් ඒකාධිපතියන් ලෙස හිතුමතේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් එල්ල කිරීමත් දැකගත හැකිවේ.

 ඔවුන් බලයට පැමිණි පසු ඔවුන් එලෙස වෙනස් පුද්ගලයන් හෝ කණ්ඩායම් බවට පත්වීම වළක්වාලීමේ පාර්ශ්වයන් ගැනද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න පිළිබඳ නිර්වචනයන් තුළ විග‍්‍රහ කර ඇත. විශේෂයෙන්ම ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමට මෙන්ම ආණ්ඩුවේ ඒකපාර්ශ්වීය හිතුවක්කාරී තීරණ වලට බලපෑමක් වන්නට නම් කල්ලිවාදවලින් ඔබ්බට සිතිය හැකි විරුද්ධ පක්ෂයක්, නිදහස් මාධ්‍ය ක‍්‍රමයක්, අවදියෙන් සිටින සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම්, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධිපත්‍යය, ජනතාවට වගවීම, විනිවිද පෙනීම, සමානාත්මතාවය, සහභාගීත්වය මේ ආදී සියල්ලක්ම පැවතිය යුතුව වේ.

 මේ පසුබිම තුළ මේ වන විට එක කල්ලියක් හෝ සීමිත පිරිසක් අත බලය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගත සහ ජනතාව විසින් එය නිවැරදි බවට පිළිගන්නා වූ වැඩවසම් මානසිකත්වයකට හැඩ ගස්වන මෙහෙයුම් ක‍්‍රියාත්මක වෙමින් පැවතීම දකින්නට තිබේ. මේ හේතුවෙන්ම අද වන විට අප සමාජය තුළ පක්ෂ බේදයකින් තොරව ප‍්‍රතිපත්තියක් නොමැතිව සැමදා බලයේ රැුඳෙන්නට ජනතාවගේ ඡුන්දයෙන් පත්වී පසුව තීරණ වෙනස් කරන දේශපාලන නායකයන් සුලභව දැක ගත හැකිව තිබේ.

 අප සිටින්නේ නාමික ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මිස ජනතාව විසින් ජනතාව පාලනය කෙරෙන රටක ද යන්න අප අපෙන්ම විමසිය යුතුව ඇත. සැබැවින්ම මේ තත්ත්වයෙන් අපට මිදිය නොහැකිද?

 ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ බැරැුක් ඔබාමාගේ ප‍්‍රකාශයක් ඔබේ සැලකිල්ලට යොමු කරමින් මේ සතියේ සටහන සමාප්ත කරන්නෙමි.

 ”අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඇති වඩාත්ම ප‍්‍රබල තනි වචනය වන්නේ ”අපි” යන්නයි. ”අපි” යනු ජනතාවයි. අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්නෙමු. ඔව් සැබැවින්ම අපට පුළුවන්.”

 – බැරැක් ඔබාමා –

advertistmentadvertistment
advertistmentadvertistment