සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ ප‍්‍රධාන චෛත්‍යයට නිධන් සොරුන්ගෙන් කිසිදු හානියක් සිදුවී නැතැයි සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති, දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක උපාධ්‍යාය, සද්ධර්ම කීර්ති ශී‍්‍ර රතනසාර ආචාර්ය, මැටරඹ හේමරතන නාහිමියෝ ප‍්‍රකාශ කළහ.

නිධන් සොරුන් විසින් හානිකර ඇත්තේ සිතුල්පව්ව රාජමහා විහාරයට අයත් කුඩා සිතුල්පව්ව නමැති කන්දට අයත් කුඩා ප‍්‍රමාණයේ චෛත්‍යයකට බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
පරිවාර කුඩා චෛත්‍යයේ වෙහෙර ගැබ හාරමින් සිටියදී විහාරස්ථානයේ ආරක්‍ෂාවට සිටි හමුදා නිලධාරීන් විසින් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිiා කොමසාරිස් ජනරාල්වරයා පොලිසිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්‍ෂණ සිදු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
චමින්ද සිල්වා